අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් තීරණාත්මක කඩයිමක් නොවනු ඇතැයි ද සිසුන් සමත් කිරීමක් හෝ අසමත් කිරීමක් මෙම විභාගයෙන් නොකරනු ඇතැයි ද හඳුන්වාදීමට යන නව අධ්‍යාපන ක්‍රමය අනුව හොඳ සිසුන් ඉහළ පන්තියට සමත් කරනු ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ 200 වැනි සංවත්සරය අමතමින් ප්‍රකාශ කළේය.
අපොස උසස් පෙළ විභාගයෙන් පසුව සරසවියට ඇතුළුවීමට බලාපොරොත්තුවන සිසුනට පමණක් සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයයන් කිහිපයක් අනිවාර්ය කරනු ඇතැයි ද අගමැති පැවසීය.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව සියලුම සිසුන් පාසලේ ඊළඟ පෙළට උසස් කරන බවත් සිසුන් විභාග බරින් නිදහස් කිරීම රජයේ අරමුණ බවත් අගමැති කීවේය. ලොව බලගතුම රටවන ඇමරිකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ විභාග නොපැවැත්වෙන බවද ඊට සමාන පිළිවෙතක් ශ්‍රී ලංකාවද අනුගමනය කළ යුතු බවද අගමැති සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියක් ජන්මයක් නැති මිනිස්සුන්ට තමුන්ගේ රට ජාතිය ගැන කැක්කුමක් නැහැ. සිංහල ජාතියට මේ රටට විශේෂ හිමි කමක් නැති විදිහට අනාගත ජාතියට උගැන්වි. ඉතිහාසය ඉවත් කරාවි. යන්ත්‍ර වගේ මිනිසුන් බිහි කරාවි. (බ)
ඔය විප්ලවය තව ශතවර්ෂ කීයකින්ද දන්නේ නැහැ පටන් ගන්නේ... (නි)
අනවශ්‍ය මිනිස්සු කාර් ගන්න නිසා මිල වැඩිකළා වගේ අනවශ්‍ය අය අධ්‍යාපනය ලැබීම වැළැක්වීම වැනි ප්‍රගතශීලී විප්ලව සිදුවෙන්න ඕනෑ. (නි)
අනේ මෙයාලගේ විප්ලව! (නි)
එතකොට අලුතෙන් පන්ති කාමර හදන්න එපැයි. හැබැයි ඉතින් අධ්‍යාපනය මොන සංස්කරණ ආවත් ලංකාවේ රස්සාවල් නම් වැඩි කරන්නේ නැහැ. (ම)
නූතන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ඉක්මනටම අවශ්‍යයි. ලංකාවේ විශ්ව විද්‍යාල වල නවකවදය දැක්කහම දුක හිතෙනවා (නි)
6,7 වසරවල් ඉවත් කළයුතු වන අතර අවුරුදු 16 දී සියලු සිසුන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදිය යුතුයි. අවුරුදු 20න් සරසවි වලින් එළියට ආ යුතුයි. අධ්‍යාපන බලධාරිනි, ලංකාවේ ළමයි වයසට යනතුරු තිබෙන අධ්‍යාපනය වෙනස් කරන්න. (නි)
මොන විප්ලවයක් කරලා හරි ලෝකයට ණය නැති ජනතාවක්, රටක් බිහිකිරීම මොන කෙරුමෙකුගේ වුණත් වගකීම වියයුතුය. (නි)
නිම්මි හරියට හරි. දැනටත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ රටේ ඉතිහාසය ගොඩනැඟුවේ ඔක්කොම ජාති එකට එකතුවෙලා කියලයි (නි)
අපේ අය දැන්මම පරලවෙලා වගේ. අනිවාර්යයෙන් අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වියයුතුයි. (නි)
බයේ බැහැ මේවා ඇහෙනකොටත්. 88-89 කාලය මතක් වෙනවා අපිට (නි)
මෙයාලගේ විප්ලවය අපිට අමතක නැහැ (නි)
ඇගේ හිරිගඬු පිපෙනවා මේවා ඇහෙනකොට. අපි නොදන්න විප්ලව (නි)
මේ රට හැම ජාතියටම අයිතියි තමා නිම්මි. (බ)
ඔවු ඔවු අපිට හොඳට මතකයි මෙයා අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති කාලේ අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනැල්ල කරන්න හදපු තරම. ජයවේවා! (බ)
එකත් පුළුවන් නම් ඉන්දියාවෙන්ම අරන් වරෙව්...!!! (බ)
අපි දැක්කා විප්ලවේ 88-89. (බ)