අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත් භාරගැනීම මැයි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණත් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් එය ජූනි මස 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ආපදා තත්ත්වය හේතුවෙන් දරුවන් 63,318 ක් පමණ පීඩාවට පත් ව සිටින අතර සබරගමුව පළාතේ පාසල් දරුවන් 28 දෙනෙකු නායයෑමෙන් මිය ගොස් ඇති බව ද අමාත්‍යවරයා ස`දහන් කළේය.
විපතට පත් දරුවන්ට අවශ්‍ය පාසල් පෙළ පොත්ල නිල ඇ`දුම් හා අභ්‍යාස පොත් ලබා දීම හෙට (27) සිට ආරම්භ කරන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එම දරුවන්ගේ විනාශ වූ පෙළ පොත් වෙනුවට ලබාදීම ස`දහා පෙළපොත් අලූතෙන් මුද්‍රණය කිරීමටද උපදෙස් දී ඇති බව කී අමාත්‍යවරයා එම එක් දරුවෙක් වෙනුවෙන් නිල ඇ`දුම් කට්ටල දෙක බැගින් ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.
පීඩාවට පත් දරුවන්ට ලබාදීම සඳහා පාසල් බෑග්, පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ රැසක් විවිධ සංවිධාන හා පුද්ගලයින් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව කී අමාත්‍යවරයා ඒවාද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් හරහා අවශ්‍යතා පරිදි දරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ඇමතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 30
163
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
789
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අපොස සා/පෙළ අයදුම්පත් භාර ගැනීම කල් යයි
ලෝකේෂ් Thursday, 26 May 2016 10:13 PM
2017 පාසල් වලට ළමුන ඇතුළත් කරන අයදුම්පත් ලැබුනෙත් නැහැ (නි)
ලෝගේෂ්වරන් Thursday, 26 May 2016 10:17 PM
සෑම වසරකම අප්‍රේල් මස නිකුත් කරන අයදුම්පත් මෙවර අපට ලැබුනේ නැහැ (නි)