IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අපොස උසස් පෙළ දෙසැම්බර් මාසයේ

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල සතියේ පැවැත්වීමට  සැලසුම්  කර ඇති බව  අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවැසීය.

එමෙන්ම 2021 වර්ෂයේ පැවති  උසස් පෙළ විභාගයේ  ප්‍රථිඵල  මෙම මාසය අවසන් වීමට පෙර  අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම මාසයේ 15 වැනිදා  උසස් පෙළ ප්‍රථිඵල නිකුත් කිරීමට අපේක්ෂාවෙන් සිටියද රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන්  ප්‍රායෝගික පරීක්ෂණ  නියමිත දිනට පැවැත්වීමට නොහැකි වූ බැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බව  අමාත්‍යවරයා  පැවසුවේය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.    

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා වර්ෂ දෙක ඇතුළත   දින 400ක්  පාසල් පැවැත්වීමට  හැකි වූ බවත්  මේ වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා බස්නාහිර පළාතෙන් පිට දරුවන් සඳහා දින 309ක්  සහ  බස්නාහිර පළාතේ දරුවන් සඳහා දින  245ක් පාසල් පවත්වා ඇති බවත්  ප්‍රේමජයන්ත මහතා කීවේය.

ඒ අනුව ඉදිරි මාස තුනේදී  ඉතිරි පාසල් දින ගණන සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී දින 05 ම පාසල් පැවැත් වීමට සැළසුම් කර ඇතැයි ද  මේ වන විට ඉන්ධන සැපයීම   විධිමත්වීම සහ විශේෂ පාසල් බස්රථ සේවාවන් ආරම්භ කිරීම හේතුවෙන් පාසල්වලට ගුරු සහ සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයට පත්ව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.



අදහස් (4)

අපොස උසස් පෙළ දෙසැම්බර් මාසයේ

Unknown Tuesday, 09 August 2022 10:56 PM

උසස් (පෙළ) සඳහා 80%ක් අනිවාර්යයද? 2022 වර්ෂයේ සිසුන්ට 80% නොමැතින් නම් උසස්(පෙළ) විභාගයට පෙනී සිටීමට නොහැකිද?

:       2       1

Lakmini Thilakarathne Wednesday, 10 August 2022 02:09 PM

පාසල් පැවැත් වූ දින ගණන පමණක් පිළිබඳ සමීක්ෂණයක් පැවැත්වීම තුළින් මෙම තීරණයට එළඹීම අසාධාරණයි. ළමයින්ට පාසල් යාමට පැවැති දුෂ්කරතාවන් ගැන සැලකිය යුතුයි. 2022 විභාගය ලියන ළමයින්ට 2020, 2021 දෙකම COVID... ඒ ගැන සම්පූර්ණයෙන් අමතක වෙලා. විෂය නිර්දේශය ආවරණය වෙලා නෑ. ප්‍රායෝගික ටික කෙරිලා නෑ. ටර්ම් ටෙස්ට් වලට මුහුණ දීලා නෑ. විදුලියත් නෑ. යථාර්ථය ඒකයි. 2021 ලියලා ඉන්න දරුවන්ට ප්‍රතිඵල බලලා දෙවනවර ලියන්න ප්‍රමාණවත් කාලයක් ඕනේ... පෙබරවාරිවල විභාගය තියන්න. ළමයින්ව තවත් පීඩාවට පත් කරන්න එපා. මේ අපේ රටේ දරුවෝ. කරුණාකරලා මේ පිළිබඳ අවධානය යොමු කරන්න..

:       0       0

Kanchana Herath Wednesday, 10 August 2022 02:48 PM

2021 විභාගය ලියලා ප්‍රතිඵල අපේක්ෂිත අයට කාලය මදි. විභාග නොවැම්බර් තියන්න එපා. පෙබරවාරි දක්වාවත් කල් දාන්න...! 

:       0       1

Ransika Perera Wednesday, 10 August 2022 03:02 PM

කරුණාකර අපොස උසස්පෙළ විභාගය 2023 පෙබරවාරි වලට කල්දමන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site