ජනතා විමුක්ති පෙරමුණේ 44 වැනි අප්‍රේල් විරු සමරුව අද (5) තංගල්ල නගර සභාවේ පැවත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මිය ගිය විරුවන්ට ඉටි පහන් දල්වා උපහාර දැක්වීමෙන් පසු එහි ලේකම් ටිල්වින් සිල්වා, නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස උත්සව සභාව ඇමතූහ.
හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාද එයට එක්වී සිටි අතර මුළු ශාලාවම රක්ත වර්ණ ගැන්වී තිබූ අතර ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා ජනවාරි 8 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ බවත් ලක්ෂ 62 ක් එයට දායක වූ බවත් කීවේය.
‘මහින්ද රාජපක්ෂගේ පවුල් පාලනය එදා අපි අවසන් කළා. එහෙම කළේ ඔහු සමග ඇති තරහකට නොවේ. අලුතින් ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ඇති මිත්‍රකමකටද නොවෙයි. අපට ඕනෑ වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමයි. එසේ කිරීමට එදා ඉදිරිපත්වූ ඇතැමුන් අද විධායක ජනාධිපති ක්‍රමය රකින්න යනවා. නමුත් ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාව වුයේ එය නැති කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමය ඕනෑ යැයි ඊට විරුද්ධවූ ඇතැමුන් දැන් කෑ මොර ගහනවා. ඇමැතිකමුත් කරනවා.‘






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙනුත් මෙන්න ඔබට සුබ පැතුම්! (නි)
අද ජේවීපී එකේ සමහර අය මේ විරුවන්ටත් ලැජ්ජාවක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
අනේ ධම්ම, ඔහෙට මේ සංසාරේ පුරා අධ්‍යයනය කළත් මේ ප්‍රතිපත්තියක් නැති හොරු රැළගේ මතවාදේ තේරුම් ගන්න බෑ, මෙයාල කරන්නේ වැල යන අතට මැස්ස ගහල, මැස්ස ගැහුවේ වෙන කවුද වගේ ඉන්නවා! (බ)
මාර්ක්ස්වාදය තුලින් පාලනය වෙන රටක් දැන් ලෝකයේ තියනවද? කරුණාකර මෙම තීරය තුලින් මා දැනුවත් කරන්න. (ස)
අපි දන්නවා ඔය කොයි රතුරත්නගේ හැටිත්! ප්‍රතිපත්තියක් තිබුන නම් මෙහෙම කොන්දක් නැති වැඩ කරයිද?(බ)
අපේ උත්තමාචාරය! (නි)
විරු සමරුව නම් ඒක සමරන්නකෝ. මෙතැන දේශපාලන කතා කරන එක හරි නැහැ නේද ? (නි)
මේ අය දැනගන්න වෙනම අධ්‍යනයක් අවශ්‍ය නැහැ.අසුචි ගැන දන්නවානේ.මෙයාල ලේ දකින්න හරි කැමති අසත්පුරුෂ නඩයක්.මේ අයට සිහිකරන්න වෙන්නේ මේ අය කරපු ඝාතන ,මංකොල්ල කෑම්,දේපල විනාශ කිරීම්,සහ කැලේ නීතිය තමයි. එජාපයට තියෙන්නෙත් මේ ටිකම තමයි දැන් එකට වැඩ කරන්නේ ජාඩියට මූඩිය වගේනේ (බ)
අනේ අපි නොදන්නා මේ ගොල්ලන්ගේ වැඩ.88-89 වකවානු ගැන හිතන්න.පොඩ්ඩක්.දැන් ඉතින් මේ දෙගොල්ලොම අඹ යහළුවොනේ.ඉතින් කවර කතාද? (බ)
එදා රෝහණ විජේවීර ඉල්ලුවේ වෙනදෙයක්.දැන් ඉන්න අය ළඟ ඒ ප්‍රතිපත්ති නැහැ. විජේවීර අද හිටියා නම් මොනවා වෙයිද? (නි)
නොව පරාජයක් -පමණි පසු බැසීමක්. (ස)
එදා ජේවීපී මිනිස්සු මැරුම් කෑවේ කවදාහරි දවසක මේ වගේ තත්ත්වයක් උදාවේවි කියලා නොදැනනේ ඉතින්! (නි)
රටේ ඉන්න කට්ටියට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් කතාකරන්න පුළුවන් දක්ෂ ජවිපෙ නායකයෙක් අපිට ඉන්නවා.ඒ ගැන මම සතුටු වෙනවා.ජවිපෙ නොතිබෙන්න රටම විකුණගෙන කාලා ඉවරයි. (නි)
හරියට හරි රපිකා. මේගොල්ලෝ ජාඩියට මූඩිය වගේ තමයි. (ර)
මේ නිසා මියගිය තරුණයන්ගේ දෙමාපියන්ට පවුල්වල උදවියට කවදාවත් මෙයාල කලගුණ සැලකුවේ නැහැ. අවුරුද්දකට දවසක් පහනක් තියල බටහිර ක්‍රමේට පටියක් දානවා. දෙන්නකෝ දානයක් පුලුවන්නම්. දෙපිටකාට්ටු දේශපාලනේට රටේ මිනිස්සු අන්දන්න බැහැ දැන්. (ස)
රුවන් දිවි පිදුවේ අපි වෙනුවෙනි. ඔබේ පැතුම් අපි ඉටුකරමු (නදී)
ඉස්සර ජවිපෙ වෙනුවෙන් පූජා කෙරුණු තරුණ ජිවිත අපරාදේ. ජවිපෙ දැන් රටට ද්‍රෝහී දේශපාලනයක යෙදෙමින් එජාපය සමග දීග කනවා මදිවාට බොරුවට විරු සමරු තියලා ඒ අව්‍යාජ තරුණයන්ට නින්දා කරනවා. (බ)
මෙයාල දැන් එක්සත් ජාතික පක්ෂේ ශාඛා සමිතියක් වගේ රට අාපස්සට හැරෙව්වේ මෙයාල. ප්‍රභාකරන්ටත් ආයුධ ගන්න පුරුදු කලේ 71 කැරැල්ලෙන්. කිසිම ආගමක් දහමක් නැහැ මෙයාලට. අඩුම තරමේ මැරුන යට පින් දීල හීල් දානයක් දීල තියෙනවද? (ස)
රසිකා, දන්නවනම් කියන්නකෝ අපිටත් විජේවීර ඉල්ලපු දේ මොකක්ද කියලා.(ම)
පාවාදී දිවි රැකගත්තෝ විරුවන් සමරති..අනේ ඔය විරුවන්ට වලවල් වලින් නැගිටලා එන්න පුලුවන් නම් බොටු මිරිකනවා අද මේ පක්ෂයට කරලා තියෙන විනාසයට..(දිල්)
පාවාදී දිවි රැකගත්තෝ විරුවන් සමරති..අනේ ඔය විරුවන්ට වලවල් වලින් නැගිටලා එන්න පුලුවන්නම් ..... කරලා තියෙන විනාශය දැකලා .....(ම)
අපේ උත්තමාචාරය! (නි)
මට යන්න පුලුවන්කමක් තිබුණා නම් මමත් යනවා (නි)
කලින් කලට පත්වූ ආණ්ඩු ජනතාව මත බලෙන් පැටවූ අදහස් මත ජේවීපිය තක්සේරු කරන එක අසාධාරණයි. ජේවීපිය ගැන හරියට දැන ගන්න නම් ජේවීපී මතවාදය අධ්‍යයනය කල යුතුමයි. මට තාම ඒක කරන්න බැරි උනා. (ස)