නගරාන්තර ශීඝ්‍රගාමී හා තැපැල් දුම්රිය ගාස්තු සියයට 40කින් පමණ අප්‍රේල් පළමුවැනිදා සිට වැඩි කර තිබේ.
මේ යටතේ සාමාන්‍ය ආසන, නිදන ආසන, වෙන් කළ ආසන, නැරඹුම් මැදිරි හා වා සැකසූ ආසන වැඩි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කලාප හතරක් යටතේ ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කෙරේ.
තුන්වැනි පංතියේ සාමාන්‍ය ආසන ගාස්තු රුපියල් 150 සිට 180 දක්වා ද,රුපියල් 220 සිට 280 දක්වා ද, රුපියල් 270 සිට 320 දක්වා ද වැඩිවී ඇත.
දෙවැනි පංතියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 220 සිට 280 දක්වාද, රුපියල් 380 සිට 450 දක්වාද, රුපියල් 450 සිට 500 දක්වාද වැඩිවී ඇති අතර පළමු පංතියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 750 දක්වා වැඩි වී ඇත.
නැරැඹුම් මැදිරි ගාස්තුව රුපියල් 880 හා 1000 දක්වා ද වා සැකසුම් කළ මැදිරි හා නිදන මැදිරි ගාස්තුව රුපියල් 1250 දක්වා ද වැඩි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවක්ද මන්දා (දී)
අපි දැන ගෙන හුඟක් කල්... ගත්ත ණය නැත්නම් කොහොමද ගෙවන්නේ (ස)
ඇයි ගෑස්.. ඒකත් නගී මේ මාසේ 14 ට කලින්ම. දුප්පත් මිනිහට තමයි හඅමදාම බඩේ පාර වැදුනේ... (ස)
හැමදාමත් "වැඩිකර ඇත" කියලා අහන්න ලැබෙනවා මිස කවදාවත් "අඩුකර ඇත" කියලා නම් අහන්න ලැබෙන්නෙ නැහැ. (නි)
මිනිස්සු මෝඩයො කියල හිතිලද ? (ස)
ගාස්තු වැඩි වුනාට කමක් නැහැ පහසුකම් තියෙනවානම්. නැරඹුම් මැදිරිය වෙන්කරගන්න කොතරම් අමාරුද ? (ස)
මොන බොරුද? අපි නම් අහුවෙයි ඕවට. හෙට අප්‍රේල් පළමුවැනිදා නේ. (නි)
අනේ අපොයි! (නි)
ඔය එළියට පනින්නේ (අ)
කෝ අර දැයට කිරුළට හුරේ දාපු අය. (ස)
මිනිසුන්ගෙ වෙතනත් වඩිවන ජීවන වියදමට සරිලන ලෙස වැඩි කරන්න. (අ)
නියමයි.(නදී)
දුම්රිය මගීන් මෝඩයාගේ දවසේ මෝඩයාට අන්දවනවා වගේ.(නදී)
රවුම් ගානක් එන විදියට වැඩිකරන්න. නැත්නමි ටිකටි ගත්තම ඉතුරු සල්ලි නැහැ.(නදී)
බොරුද කොහෙද (දී)
කොහොම කියලා උත්තර දෙන්නද මේවට. පළමු දවසක් එන්නේ නැති තරමට හොදයි.(නදී)
ගාස්තු වැඩි වුනාට වැඩක් නෑ. කාවදාවත් වෙලාවට ගමනාන්තය වෙත ළඟා වෙලා නෑ. ඕක තමා ඇත්ත තත්ත්වේ. පරිපාලන දුර්වලතා. (ස)
1250 මොකක්ද? වාසැකසුමි කළ නිදන මැදිරියක නින්දක් දාගෙන යන්න පුලුවන්. සියල්ල අමතක කරන්න පුලුවන් මොහොතක්. (නි)
අපි අද මෝඩයාගේ දිනය සමරමු. (නි)
අනේ කොයිතරම් හොදද? අපි නම් ඉතින් දේශප්‍රේමී ජනතාවනේ. (නි)
අපට වෙන්නේ හැමදාම විදේශ විනිමය උපයන්නයි. මොනවා කරන්නද ජීවන වියදමනම් ගොඩක් බර වැඩියි.. (ස)
හැමදාම දුම්රිය දෙපාර්තමේන්තුව පිස්සු කරනවා. හොද බුද්ධිමත් කෙනෙක් ආවේ නැහැ සුද්දගෙන් පස්සේ. පාඩුයි කියනවා. ගානත් වැඩියි. ගසා කෑමත් වැඩියි. දවල් 11 න් පස්සේ දුම්රියපළේ මිනිස්සු වැඩ නැහැ. මේවා බොරු නෙමෙයි.(නදී)
සමහරුන්ට නම් මේක සුභ ආරංචියක් වගේ (ස)
අප්‍රෙල් පළමු වැනි දා විදුලි බිලත් නැග්ගා, දුම්රිය ගාස්තුත් නගී. තව මොනවාද (අ)
සමහරු අදහස් කියන්නේ එයාලගේ ආණ්ඩු කාලේ කෝච්චියේ නිකන් ගියා වගේ (ස)
ගාන වැඩි උනත් අද දුම්රිය සේවය හොඳයි... (ස)
පළමු අවුරුදු තෑග්ග (ස)