අප්‍රේල් 24 වැනි දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන අමැති කරූ ජයසුරිය මහතා බලපිටියේදී පැවසීය.
එම මැතිවරණයේදී එජාපය හෝ ශ්‍රිලනිපය හෝ කවර පක්ෂයක් බලයට පත් වූවද දෙවසරකදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනැවීමට එකඟ වු බව ඇමැති සඳහන් කළේය.
පසුගිය රජයෙන් අහෝසි කළ ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවන බවත් දින සීයයෙන් ඉතුරු දින අසු හතරේදී දුන් පොරොන්දු ඉටු කරන බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඇමතිතුමෝ හෝම්වර්ක් ටික හරියට කරලා එන්න,නැත්නම් ජනතාව එදාට එකත් බලාගනිවී.(හේ)
සියලු දෙනාම දින සීයේ වැඩ පිළිවෙලට සහයෝගය දෙනවා කියල තියෙනවා. එහෙම නම් 2/3 බලයක් නැහැ කියන්නේ ඇයි ? 2/3 එකම පක්ෂයක අය සිටිය යුතුද? දන්නා කෙනෙක් කරුණ කරලා පිළිතුරු දෙන්න. (නදී)
අනවශ්‍ය කතා නවත්තල ආපු කාරණාව අනුව වැඩ කරලා පෙන්වන්න.(හේ)
කරුණාකර සිංහල සහ දෙමළ අවුරුදු සමයට පසු ඡන්දය තියන්න. (හේ)
"නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් බිඳකුත් හත් පට්ටයක් ඕනෑ කියනවා" අහලා නැද්ද? ඔය විධායකය ඉවත් කරනවා කියලා විජේතුංග ජනාධිපතිතුමාගෙන් පසු සිටි සියලුම ජනපතිවරු /වරියන් කිවුවා. කෝ කළාද? මේකත් එහෙමම වෙයිද? (නි)
මිනිස්සු ඡන්දෙ දුන්නේ ඔය විදායක ජනපති ක්‍රමයයි, මැතිවරණ ක්‍රමයයි, පරිපාලන ක්‍රමයයි වෙනස් කරනවා කියල දහ අතේ පොරොන්දු දුන්න හින්දා බව අමතක කරන්න එපා. එහෙම නැත්නම් මිනිස්සු මහින්දව දිනවනවා. දින 100 ට වඩා බලයේ ඉන්න නම් දුන්න ප්‍රදාන පොරොන්දු ඉටු කරන්නම වෙයි. නැත්නම් දින 100 න් ඉවර වෙච්ච ආණ්ඩුව කියල ඉතිහාස වාර්තාවක් තියන්න පුළුවන් වෙයි (නදී)
ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීමක් වෙන එකක් නෑ. 2/3 පාර්ලිමේන්තු බලය ගන්න පුළුවන් මේ වෙලාවේ ඕක නොකරනවා නම් ආයේ මැතිවරණයකින් පස්සේ ව්‍යවස්ථාව වෙනස් කරන්න 2/3 බලයක් ගන්න නම් සමානුපාත ක්‍රමය අනුව ලේසි නෑ. (නදී)
සරත් පියසේන මහින්ද නැතුවට නම් කමක් නැහැ. (නදී)
හුඟක් හොඳයි ඔය මහා මැතිවරණයත් දැන්ම තියෙනවා නම්. මොකද අපේ ඔලුව කැක්කුම එක පාරම හොඳ කරගන්න පුළුවන්. නැතිනම් හොඳ වීගෙන යන ඔලුව අමාරුව නැවත තවත් මාස තුනකින් පටන් ගන්නවා. දැන්ම තිබ්බොත් මේ කරදරෙන් නදහස් වෙලා අපේ කටයුතු ටික කරගෙන ජිවත් විය හැකියි. යම් ප්‍රමාණයක හොරු ටික සුද්ද කරපු පාර්ලිමේන්තුවකුත් හදාගත හැකිවෙයි කියා හිතනවා (නදී)
මීළඟ රජයේ දැකිය හැකි වෙනස්කම් මොනවා වේවිද? (නි)
ජනතාව බලාහිටියා වෙනසක් වෙයි කියලා. ඒත් හැමදාම වුණේ එකම දේ සිද්ධවෙන්න කාලය ගතවුණ එක විතරයි. මේ අාණ්ඩුවේ සාධනීය ලක්ෂණ ගොඩක් තිබෙනවා. ඒත් ඒ කොයි තරම් කාලයකටද කියන දේ තමයි ගැටළුව. ජේරාඩ් කියනදේට මම එකඟයි. මේ තමයි හොඳම අවස්ථාව. (නි)
දැනට කිව්වා වගේම ඉන්ධන මිල අඩුකළානේ. අනෙක් සේවා වලින් එය නොලැබෙන එකට පියවරක් ගන්න. දැනට ඉන්ධන වාසිය බස් රථ හිමියන්ට ලැබෙනවා. සියලු පුරවැසියන්ට මේ දේවල් ලැබෙන්න වැඩ කරන්න. ඊළඟ ඡන්දෙ දිනන්න පුළුවන්. (නි)
අලුත් පක්ෂයකින් තරඟ කර සියලු බලවේග පරාජය කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය පෙළ ගස්සනවා .එම පක්ස නායකත්වයට .මහින්ද ,චන්ද්‍රිකා .දෙදෙොට ආරාධනා කරනවා ..එතකොට බොරු පුහු සංකල්ප බිදෙනවා.(හේ)