අප්‍රේල් 24 වැනි දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන අමැති කරූ ජයසුරිය මහතා බලපිටියේදී පැවසීය.
එම මැතිවරණයේදී එජාපය හෝ ශ්‍රිලනිපය හෝ කවර පක්ෂයක් බලයට පත් වූවද දෙවසරකදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනැවීමට එකඟ වු බව ඇමැති සඳහන් කළේය.
පසුගිය රජයෙන් අහෝසි කළ ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවන බවත් දින සීයයෙන් ඉතුරු දින අසු හතරේදී දුන් පොරොන්දු ඉටු කරන බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අප්‍රේල් 24ට පෙර මහ ඡන්දෙට යනවා ‘
සත්‍යපාල Sunday, 25 January 2015 10:13 AM
හැබැයි ඇමතිතුමෝ හෝම්වර්ක් ටික හරියට කරලා එන්න,නැත්නම් ජනතාව එදාට එකත් බලාගනිවී.(හේ)
රෝයි Monday, 26 January 2015 01:51 AM
සියලු දෙනාම දින සීයේ වැඩ පිළිවෙලට සහයෝගය දෙනවා කියල තියෙනවා. එහෙම නම් 2/3 බලයක් නැහැ කියන්නේ ඇයි ? 2/3 එකම පක්ෂයක අය සිටිය යුතුද? දන්නා කෙනෙක් කරුණ කරලා පිළිතුරු දෙන්න. (නදී)
සම්පත් Sunday, 25 January 2015 10:48 AM
අනවශ්‍ය කතා නවත්තල ආපු කාරණාව අනුව වැඩ කරලා පෙන්වන්න.(හේ)
වසන්ත Sunday, 25 January 2015 11:05 AM
කරුණාකර සිංහල සහ දෙමළ අවුරුදු සමයට පසු ඡන්දය තියන්න. (හේ)
අජිත් කරුණාරත්න Monday, 26 January 2015 02:27 AM
"නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් බිඳකුත් හත් පට්ටයක් ඕනෑ කියනවා" අහලා නැද්ද? ඔය විධායකය ඉවත් කරනවා කියලා විජේතුංග ජනාධිපතිතුමාගෙන් පසු සිටි සියලුම ජනපතිවරු /වරියන් කිවුවා. කෝ කළාද? මේකත් එහෙමම වෙයිද? (නි)
බෙනට් Sunday, 25 January 2015 01:17 PM
මිනිස්සු ඡන්දෙ දුන්නේ ඔය විදායක ජනපති ක්‍රමයයි, මැතිවරණ ක්‍රමයයි, පරිපාලන ක්‍රමයයි වෙනස් කරනවා කියල දහ අතේ පොරොන්දු දුන්න හින්දා බව අමතක කරන්න එපා. එහෙම නැත්නම් මිනිස්සු මහින්දව දිනවනවා. දින 100 ට වඩා බලයේ ඉන්න නම් දුන්න ප්‍රදාන පොරොන්දු ඉටු කරන්නම වෙයි. නැත්නම් දින 100 න් ඉවර වෙච්ච ආණ්ඩුව කියල ඉතිහාස වාර්තාවක් තියන්න පුළුවන් වෙයි (නදී)
ජෙරාඩ් Sunday, 25 January 2015 02:01 PM
ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීමක් වෙන එකක් නෑ. 2/3 පාර්ලිමේන්තු බලය ගන්න පුළුවන් මේ වෙලාවේ ඕක නොකරනවා නම් ආයේ මැතිවරණයකින් පස්සේ ව්‍යවස්ථාව වෙනස් කරන්න 2/3 බලයක් ගන්න නම් සමානුපාත ක්‍රමය අනුව ලේසි නෑ. (නදී)
මොහොමඩ් ඛාන් Monday, 26 January 2015 10:46 PM
සරත් පියසේන මහින්ද නැතුවට නම් කමක් නැහැ. (නදී)
ගුණේ Monday, 26 January 2015 03:53 AM
හුඟක් හොඳයි ඔය මහා මැතිවරණයත් දැන්ම තියෙනවා නම්. මොකද අපේ ඔලුව කැක්කුම එක පාරම හොඳ කරගන්න පුළුවන්. නැතිනම් හොඳ වීගෙන යන ඔලුව අමාරුව නැවත තවත් මාස තුනකින් පටන් ගන්නවා. දැන්ම තිබ්බොත් මේ කරදරෙන් නදහස් වෙලා අපේ කටයුතු ටික කරගෙන ජිවත් විය හැකියි. යම් ප්‍රමාණයක හොරු ටික සුද්ද කරපු පාර්ලිමේන්තුවකුත් හදාගත හැකිවෙයි කියා හිතනවා (නදී)
කිත්සිරි Monday, 26 January 2015 04:27 AM
මීළඟ රජයේ දැකිය හැකි වෙනස්කම් මොනවා වේවිද? (නි)
පීරිස් Monday, 26 January 2015 04:53 AM
ජනතාව බලාහිටියා වෙනසක් වෙයි කියලා. ඒත් හැමදාම වුණේ එකම දේ සිද්ධවෙන්න කාලය ගතවුණ එක විතරයි. මේ අාණ්ඩුවේ සාධනීය ලක්ෂණ ගොඩක් තිබෙනවා. ඒත් ඒ කොයි තරම් කාලයකටද කියන දේ තමයි ගැටළුව. ජේරාඩ් කියනදේට මම එකඟයි. මේ තමයි හොඳම අවස්ථාව. (නි)
විකුම් Monday, 26 January 2015 05:02 AM
දැනට කිව්වා වගේම ඉන්ධන මිල අඩුකළානේ. අනෙක් සේවා වලින් එය නොලැබෙන එකට පියවරක් ගන්න. දැනට ඉන්ධන වාසිය බස් රථ හිමියන්ට ලැබෙනවා. සියලු පුරවැසියන්ට මේ දේවල් ලැබෙන්න වැඩ කරන්න. ඊළඟ ඡන්දෙ දිනන්න පුළුවන්. (නි)
සරත් පියසේන Monday, 26 January 2015 07:06 AM
අලුත් පක්ෂයකින් තරඟ කර සියලු බලවේග පරාජය කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය පෙළ ගස්සනවා .එම පක්ස නායකත්වයට .මහින්ද ,චන්ද්‍රිකා .දෙදෙොට ආරාධනා කරනවා ..එතකොට බොරු පුහු සංකල්ප බිදෙනවා.(හේ)