ජනපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි දින සියය අවසන් වන අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසිරැවිය යුතු බවත්, විවිධ හේතු ඉදිරිපත් කර එය කල් නොදැමිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අද (16) පැවැති මධ්‍යම කාරක සභාවේ දී තීරණය කළේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්න ජනතා විමුක්ති පෙරමුණේ මතය වුවත් ප්‍රායෝගික ගැටළු නිසා ඇතැම් බලතල ඉවත් නොකිරීම සම්බන්ධයෙන් විරෝධතාවක් පළ නොකරන බව ද, එනමුත් වත්මත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයෙන් පසු විධායක බලතල සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බව ද පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයත් හැම දේම හරියට කරනවද ?(හේ)
අයේ කතා දෙකක් නැහැ කියන දේ කරණ හොඳ පක්ෂේ. (ස)
අමු කැවිලා...(ස)
කලන, මහින්ඩ ගෙදර ගියා බැසිල් රට ගියා රටට ඕන සුජාත පර්ලිමෙන්තුවක්. (අ)
තියන බයක් ටිකක් පහු වුණොත් දන්නවා පාර්ලිමේන්තුවේ එක අසුනක් වත් ලැබෙන්නේ නැති බව. මනාපේ අහෝසි කළොත් ජ වී පෙ අයියලට කොටුවේ දුම්රියපල ඉදිරිපිට තමයි දේසපාලනේ කරන්න වෙන්නේ. (අ)
ජවිපෙට ඕනා හැමදාම කෑගහන්න දෙයක්. මේ හැමෝම එකතුවෙලා ඉන්න වෙලාවේ වෙනස් කරගන්නේ නැතුව කොහොමද ඕව පස්සේ කරන්නේ? 1994 ඉඳල තිබ්බ ප්‍රශ්නේ ඕකනේ, විපක්ෂය කැමති නැහැ. එත් ජවිපෙට පාඩුයි දැන් මේක වෙනස් කරොත්. හැමදාම කෑගහන්න දෙයකුයි ඕනේ ඒ අයට. (බ)
අප්‍රියෙල් 23ම විසුරුවා හැරියේ නැත්නම් ඔබතුමාලා මොනවාද කරන්නේ? (නි)