ෆුල් ෆේස් හෙල්මට් තහනම අප්‍රේල් දෙවැනි දා සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (25) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
හෙල්මටයේ වයිසරය සුදු පාටින් පමණක් තිබිය යුතු බව ද ඔහු පවසයි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අප්‍රේල් 02 සිට ෆුල් ෆේස් හෙල්මට් බෑ
රුක්ෂාන් Wednesday, 25 March 2015 07:44 AM
මොන විකාරයක්ද මන්දා මේ? දැන්නම් හිතෙනවා අපරාදේ කියලා ඡන්දය දුන්නේ (නි)
රංගන Wednesday, 25 March 2015 07:54 AM
මට නම් නිකන් පිස්සු වගේ (නි)
සංක Wednesday, 25 March 2015 03:08 PM
මේවාට තමයි කියන්නේ පය බරවායෙට පිටකර බෙහෙත් බදිනවා කියලා,(හේ)
නුවන් Wednesday, 25 March 2015 08:03 AM
අතීසාරයට අමුඩය ගහලා වැඩක් වෙන්නේ නැහැ (නි)
සිරිසෝම Wednesday, 25 March 2015 08:04 AM
අනේ ඇත්තට, හරියට එක කතාවක් කියන්න බැරි හැටි මේ පොලිසියට? (නි)
සුමනා Wednesday, 25 March 2015 09:35 AM
මුලින්ම හෙල්මට් තහනම් කළේ ගිය ආණ්ඩුවෙන්. (ත)
චන්දන රණසිංහ Wednesday, 25 March 2015 10:11 AM
මේ ගීරා පෙත්තත් නරක නැහැ (නදී)
චාමික Wednesday, 25 March 2015 10:15 AM
ෆුල් ෆේස් නැති උනාම හොරු නැතිවෙනවා නම් ඊට පස්සේ පොලිසියෙන් වැඩක් නැහැ(නදී)
ඇසළ Wednesday, 25 March 2015 10:18 AM
පොඩ්ඩක් ඉන්න අප්‍රේල් 1 වෙනිදා සිට මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අයට පැළදීමට යහපාලන හෙල්මට් වෙළද පොලෙන් මිලදී ගත හැක. (නදී)
කමනි Wednesday, 25 March 2015 10:29 AM
පොලිසියේ දුර්වලතාවය මිනිස්සු පිටින් යැවීම. ෆුල් ෆේස් හෙල්මෙට් දාන්න බෑ කියල රථ වාහන පනතේ මන් නම් දැකල නෑ. මෙයත් ජෝකර් කෙනෙක් වගේ.(බ)
අහිංසා Wednesday, 25 March 2015 10:33 AM
අපරාධ අඩුකිරීම සඳහා ෆුල් ෆේස් හෙල්මට් තහනම වගේම කඩු, කිනිසි, පිහි, මන්නා, පොරව වැනි ගෙදර දොර තියෙන උපකරණද කසිප්පු පෙරීමට ගන්නා බැරල් බුලි වගේ දේවලුත් තහනම් කලයුතුයි.(ම)
සමිපත් Wednesday, 25 March 2015 10:42 AM
අපිට තමා ඔක්කොම සෙල්ලම් (නදී)
සමන්ති Thursday, 26 March 2015 12:26 AM
හෙල්මටයේ වයිසරය සුදුපාට වුණොත් පාර පෙනෙන්නේ කොහොමද? වයිසරය පාටක් නැති වියයුතුයි නේද? අර වැඩබිම්වල දාන හෙල්මට් දාගෙන යතුරුපැදි පැදවීම තහනමක් නැතුව ඇති? (නි)
චාමර Thursday, 26 March 2015 01:27 AM
හොරු එන්නේ සාමාන්‍ය මිනිසුන් විදියට මිස අඳුරගන්න පුළුවන් විදියට නෙමෙයි. ෆුල්ෆේස් තහනම් කළාට පස්සේ උන් ඒවා දාන්නේ නැහැ. නමුත් සීසීටීවී කැමරා වලට මුහුණ පෙන්නගෙන එන්නේ නැහැ. ඊට වෙන ක්‍රමයක් හොයාගන්නවා. පොලිසිය රාජකාරිය පැහැරහැරීමට අලුත් ක්‍රමයක් හොයාගත්තා කියලයි මේකෙන් පෙනෙන්නේ. හදිසි වැටලීම් ශක්තිමත් නොකර ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙළන ලංකාවේ පොලිසිය රටට නෙමෙයි ලෝකෙටම විහිළුවක්. (නි)
තාරක Thursday, 26 March 2015 02:23 AM
බයවෙන්න එපා. අප්‍රේල් 1 වනදා වෙද්දී මේක ආයෙත් නැතිවෙයි (නි)
පාලිත Wednesday, 25 March 2015 12:20 PM
දැන්වත් සිදුවෙන අපරාධ ගොඩක් අඩුවෙයි.(හේ)