ෆුල් ෆේස් හෙල්මට් තහනම අප්‍රේල් දෙවැනි දා සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (25) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
හෙල්මටයේ වයිසරය සුදු පාටින් පමණක් තිබිය යුතු බව ද ඔහු පවසයි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාරයක්ද මන්දා මේ? දැන්නම් හිතෙනවා අපරාදේ කියලා ඡන්දය දුන්නේ (නි)
මට නම් නිකන් පිස්සු වගේ (නි)
මේවාට තමයි කියන්නේ පය බරවායෙට පිටකර බෙහෙත් බදිනවා කියලා,(හේ)
අතීසාරයට අමුඩය ගහලා වැඩක් වෙන්නේ නැහැ (නි)
අනේ ඇත්තට, හරියට එක කතාවක් කියන්න බැරි හැටි මේ පොලිසියට? (නි)
මුලින්ම හෙල්මට් තහනම් කළේ ගිය ආණ්ඩුවෙන්. (ත)
මේ ගීරා පෙත්තත් නරක නැහැ (නදී)
ෆුල් ෆේස් නැති උනාම හොරු නැතිවෙනවා නම් ඊට පස්සේ පොලිසියෙන් වැඩක් නැහැ(නදී)
පොඩ්ඩක් ඉන්න අප්‍රේල් 1 වෙනිදා සිට මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අයට පැළදීමට යහපාලන හෙල්මට් වෙළද පොලෙන් මිලදී ගත හැක. (නදී)
පොලිසියේ දුර්වලතාවය මිනිස්සු පිටින් යැවීම. ෆුල් ෆේස් හෙල්මෙට් දාන්න බෑ කියල රථ වාහන පනතේ මන් නම් දැකල නෑ. මෙයත් ජෝකර් කෙනෙක් වගේ.(බ)
අපරාධ අඩුකිරීම සඳහා ෆුල් ෆේස් හෙල්මට් තහනම වගේම කඩු, කිනිසි, පිහි, මන්නා, පොරව වැනි ගෙදර දොර තියෙන උපකරණද කසිප්පු පෙරීමට ගන්නා බැරල් බුලි වගේ දේවලුත් තහනම් කලයුතුයි.(ම)
අපිට තමා ඔක්කොම සෙල්ලම් (නදී)
හෙල්මටයේ වයිසරය සුදුපාට වුණොත් පාර පෙනෙන්නේ කොහොමද? වයිසරය පාටක් නැති වියයුතුයි නේද? අර වැඩබිම්වල දාන හෙල්මට් දාගෙන යතුරුපැදි පැදවීම තහනමක් නැතුව ඇති? (නි)
හොරු එන්නේ සාමාන්‍ය මිනිසුන් විදියට මිස අඳුරගන්න පුළුවන් විදියට නෙමෙයි. ෆුල්ෆේස් තහනම් කළාට පස්සේ උන් ඒවා දාන්නේ නැහැ. නමුත් සීසීටීවී කැමරා වලට මුහුණ පෙන්නගෙන එන්නේ නැහැ. ඊට වෙන ක්‍රමයක් හොයාගන්නවා. පොලිසිය රාජකාරිය පැහැරහැරීමට අලුත් ක්‍රමයක් හොයාගත්තා කියලයි මේකෙන් පෙනෙන්නේ. හදිසි වැටලීම් ශක්තිමත් නොකර ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙළන ලංකාවේ පොලිසිය රටට නෙමෙයි ලෝකෙටම විහිළුවක්. (නි)
බයවෙන්න එපා. අප්‍රේල් 1 වනදා වෙද්දී මේක ආයෙත් නැතිවෙයි (නි)
දැන්වත් සිදුවෙන අපරාධ ගොඩක් අඩුවෙයි.(හේ)