බිමල් ශ්‍යාමන් ජයසිංහ
කිසියම් අපරාධයක් සඳහා යොදා ගත් බවට සැකකරන ලේ තැවරුණූ කලුපාටට හුරු කුඩා වෑන් රථයක් පාදුක්ක අවිස්සාවේල්ල මාර්ගයේ මාවතගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
එම වෑන් රථයේ ඇතුළත පිටුපස කොටසේ ලේ පැල්ලම් දක්නට තිබෙන බව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී සොයා ගෙන ඇත.
එම වෑන් රථයේ ප්‍රදර්ශනය කර තිබු ලියාපදිංචි අංකය ව්‍යාජ එකක් බව හෙළි වීමෙන් පසු වාහනය තුළ තිබි සොයා ගත් ආදායම් බලපත්‍ර පිටපතක තිබු ලියාපදිංචි අංකය අනුව සිදුකළ වැඩිදුර විමර්ශන වලදී එය කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බව හෙළි වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට එපා කියලා ඉවත දමන දෙයක් තව කෙනෙකුට අයිතිකර ගන්න පුළුවන් නේද?
සැක සහිතයි ...!, සමහර විට බුදු පිළිම කේස් එලි කරයි කියලා ගේමක් දුන්නා වෙන්නත් බැරි නැහැ ....?