IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්

(ගයාන් සූරියආරච්චි)

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පත්කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

එසේම මේවන විට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ඉහත පත්කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ණ එකගතාවද හිමිව ඇති බව ද පොලිස්පතිවරයා කීය.

ආන්දෝලනාත්මක අපරාධ රැසක පරීක්ෂණ කටයුතුවල නියුතු විමර්ශන නිලධාරියකු ලෙස ශානි අබේසේකර මහතා හැදින්විය හැකි අතර රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහරගෙන ගොස් අතුරුදන් කිරිම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි අපරාධ ගණනාවක විමර්ශන නිලධාරියෙක් ලෙස අබේසේකර මහතා කටයුතු කළේය.

ශානි අබේසේකර මහතා කීර්තිමත් රහස් පරීක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.



අදහස් (16)

අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්

Alfread Friday, 11 October 2024 07:01 PM

දැන් උඩ පැන පැන වලං හෝදන්න පුළුවන්. මේවා දේශපාලන පත්වීම් නෙමේ වෙන්න ඇතිනේ. ඉදකින් විතරක්. කොන්දක් තියෙන විපක්ෂයක් නෑනේ මේවාට කතා කරන්න...!

:       138       64

GonaSaturday, 12 October 2024 02:11 AM

මෙතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක. මෙතුමාගෙන් ගෝඨාභය පලි ගත්තා මතක නැත්ද? දේශපාලන පත්වීමක් වෙන්නේ සුදුසුකම් නැති කෙනෙක් ඔය තනතුරට දැම්මා නම් නැතුව සුදුස්සාට සුදුසු තැන දීමෙන් නෙමේ...

:       5       20

JakoSaturday, 12 October 2024 03:36 AM

හැම එකම ultimately දේශපාලන පත් කිරීම් තමයි. සැළකිය යුතු වන්නේ ඒ තනතුරට සුදුසුකම් සපුරලා තියනවාද නැද්ද කියන එක...? ඒ තනතුර හරි ආකාරව හොබවන්න පුළුවන්ද? බැරිද? කියන එක. නක්ෂත්‍ර කාරයෙක් රාජ්‍ය බැංකුවක සභාපති කරනවා වගේ වැඩක් නොවේ... මට මං පේන්නේ මේක. වැඩ දන්න මිනිහෙක්ගෙන් අදාල වැඩේ ගන්න හදනවා. එහෙම නොවේද?

:       4       17

සෙනෙවිරත්න Saturday, 12 October 2024 06:32 AM

වලං හෝදපු කතාව බැලුවේ අර චැනල් එකේ නම් ඔයාට වැරැදිලා, ඒක සම්පූර්ණ කතාව බලන්න, රන්ජන් කරපු කතාවකට උත්තරයක් ලෙස මිත්‍රත්වය මත කළ ප්‍රකාශයක් මිස වලං හේදීමක් නෙවෙයි, ඒක සාමාන්‍ය සිංහල යෙදීමක්, අර චැනල් කාරය තමන්ගේ මල්ලි පෝරකයට යැවීමේ පලිය ගන්න කතාවේ මුල කපල ප්‍රචාරය කලා, කොහෙන් හරි හොයාගෙන සම්පූර්ණ කතාව බලන්න. දේශපාලන පත්වීම් තමයි... නමුත් මේවායේ අග මුල හොයන්න පුළුවන්... මෙයාලාට විතරයි. ඒකට අකැමැති පහුගිය කාලේ අපරාධය අනුමත කරන බත් බැලයින්ට පමණයි.

:       8       24

සමන් විමල් Saturday, 12 October 2024 11:14 AM

සෙනවිරත්න මහතා, ඔබගේ කතාවත් බත් බැලයෙකුගේ අදහසක් තමයි. බත් බැලයාට පක්ෂ, පාට අදාල නැත.

:       11       11

JayasekaraSaturday, 12 October 2024 09:31 AM

අම්මෝ විපක්ෂය...විපක්ෂයට නම් සෙට් එකම ශුවර් තමයි... දෙගොල්ලන්ම රටට කරපු විනාශය අපි දැන් දැක්කනේ මේ ටික කාලෙට....

:       2       14

Rama Friday, 11 October 2024 08:24 PM

එහෙනම් රන්ජන්ට විතරක් නෙමෙයි වගේ අනේ සර් වලං වුණත් හෝදන්නම් කියන්න ඇත්තේ. මේ අයත් ආපු ගමන්ම පරණ අයටත් එහා ගිහින් වගේ. දැන් මහ දවසක් නෑ විශ්‍රාම යන්න ඕනෑ අය යන්න ඕනෑ. මීට පස්සේ සේවය දික් කිරිලි නෑ කියලා. හැබැයි සිවිල් ආරක්ෂක ලේකම් යන්න කලින් සේවය දික් කළා. දැන් තවත් හිතවතෙක්ට විශ්‍රාම ගියා කියලා නැතුව පත්වීම් දෙනවා. එතකොට ඔය තනතුරට එන්න නියමිත තාමත් වැඩකරන සුදුස්සාට මොකද වෙන්නේ..?

:       5       11

පොඩිඑකා Friday, 11 October 2024 08:30 PM

Alfread මහත්තයෝ, මොකද එකපාරටම...? පස්ස පැත්තට කැරපොත්තෙක්වත් රින්ගුවාද?

:       0       2

Rasika Friday, 11 October 2024 08:45 PM

මොළේ ඇති අය දන්නවා ශානි මහත්තයා කියන්නේ කවුද කියලා... සත්‍ය කවදා හරි ජයගන්නවා.

:       3       4

Jay Friday, 11 October 2024 09:34 PM

දැන් හොරු අල්ලන්න කියලා කිව්වා. අල්ලන්න යනකොට අනේ හදනවා. එකක් හරියට කියන්නකෝ. අල්ලන්නද? එපාද?

:       1       4

Upul Friday, 11 October 2024 11:03 PM

අම්මෝ දැනෙන සනීපේ... ඔහොම යං...

:       1       6

Sam Friday, 11 October 2024 11:50 PM

අර යහපාලනේ කාලේ රජාගේ වළං හොදපු ඩයල් එක නේද?

:       3       4

Chamila Fernando Saturday, 12 October 2024 03:39 AM

පැවතුණ හැම ආණ්ඩුවකම හිටපු වුණේ... උඩ පැන පැන වළං හෝදපු එකේ ප්‍රතිඵල තමයි අපි මේ දකින්නේ.., මේ පත්වීම දෙසත් උපේක්ෂාවෙන් බලන් ඉන්න. ප්‍රතිඵල ඉක්මණින් ලැබෙයි.

:       0       5

C.K.Lankaputhra Saturday, 12 October 2024 04:35 AM

ශ්‍රී ලංකාවේ ෂර්ලොක් හෝම්ස්. මොන විදිහේ පත්වීමක් වුණත්, හරි මිනිහා හරි තැනට. දැන් ඉතින් කට්ටියකගේ අධෝ මුඛයට ගිණි අරගෙන ඇති. නමුත් සාධාරණය කවදා හෝ ජයගන්නවනේ. ඒක පරම සත්‍යයක්...!

:       6       4

gama Saturday, 12 October 2024 05:46 AM

ඉතාම සතුටුයි. දේශපාලන පළිගැනීම් වලට ලක් වූ විශිෂ්ඨ නිලධාරියෙක්. අපක්ෂපාතීව විමර්ෂණ කටයුතු කර දූෂකයින් අධිකරණයට ගෙන එන්න. දූෂිතයින්ට වළං හේදුව අය කෑගැහුවට, උඩ පැන්නාට වැඩක් නෑ. දැන් ඉන්න පරපුර ඉස්සර හිටිය හණමිටි කාරයින්ට වඩා බුද්ධිමත්...

:       9       10

Bunny Preena Saturday, 12 October 2024 09:02 AM

නිතියේ විධානය ආධිපත්‍යය ඉහලින් තියන රටක් අපිට අවශ්‍යයි.. නිතිය ඉදිරියේ කවුරුත් සම විය යුතුයි..

:       2       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site