
(ගයාන් සූරියආරච්චි)
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පත්කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.
එසේම මේවන විට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ඉහත පත්කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ණ එකගතාවද හිමිව ඇති බව ද පොලිස්පතිවරයා කීය.
ආන්දෝලනාත්මක අපරාධ රැසක පරීක්ෂණ කටයුතුවල නියුතු විමර්ශන නිලධාරියකු ලෙස ශානි අබේසේකර මහතා හැදින්විය හැකි අතර රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහරගෙන ගොස් අතුරුදන් කිරිම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි අපරාධ ගණනාවක විමර්ශන නිලධාරියෙක් ලෙස අබේසේකර මහතා කටයුතු කළේය.
ශානි අබේසේකර මහතා කීර්තිමත් රහස් පරීක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් උඩ පැන පැන වලං හෝදන්න පුළුවන්. මේවා දේශපාලන පත්වීම් නෙමේ වෙන්න ඇතිනේ. ඉදකින් විතරක්. කොන්දක් තියෙන විපක්ෂයක් නෑනේ මේවාට කතා කරන්න...!
එහෙනම් රන්ජන්ට විතරක් නෙමෙයි වගේ අනේ සර් වලං වුණත් හෝදන්නම් කියන්න ඇත්තේ. මේ අයත් ආපු ගමන්ම පරණ අයටත් එහා ගිහින් වගේ. දැන් මහ දවසක් නෑ විශ්‍රාම යන්න ඕනෑ අය යන්න ඕනෑ. මීට පස්සේ සේවය දික් කිරිලි නෑ කියලා. හැබැයි සිවිල් ආරක්ෂක ලේකම් යන්න කලින් සේවය දික් කළා. දැන් තවත් හිතවතෙක්ට විශ්‍රාම ගියා කියලා නැතුව පත්වීම් දෙනවා. එතකොට ඔය තනතුරට එන්න නියමිත තාමත් වැඩකරන සුදුස්සාට මොකද වෙන්නේ..?
Alfread මහත්තයෝ, මොකද එකපාරටම...? පස්ස පැත්තට කැරපොත්තෙක්වත් රින්ගුවාද?
මොළේ ඇති අය දන්නවා ශානි මහත්තයා කියන්නේ කවුද කියලා... සත්‍ය කවදා හරි ජයගන්නවා.
දැන් හොරු අල්ලන්න කියලා කිව්වා. අල්ලන්න යනකොට අනේ හදනවා. එකක් හරියට කියන්නකෝ. අල්ලන්නද? එපාද?
අම්මෝ දැනෙන සනීපේ... ඔහොම යං...
අර යහපාලනේ කාලේ රජාගේ වළං හොදපු ඩයල් එක නේද?
පැවතුණ හැම ආණ්ඩුවකම හිටපු වුණේ... උඩ පැන පැන වළං හෝදපු එකේ ප්‍රතිඵල තමයි අපි මේ දකින්නේ.., මේ පත්වීම දෙසත් උපේක්ෂාවෙන් බලන් ඉන්න. ප්‍රතිඵල ඉක්මණින් ලැබෙයි.
ශ්‍රී ලංකාවේ ෂර්ලොක් හෝම්ස්. මොන විදිහේ පත්වීමක් වුණත්, හරි මිනිහා හරි තැනට. දැන් ඉතින් කට්ටියකගේ අධෝ මුඛයට ගිණි අරගෙන ඇති. නමුත් සාධාරණය කවදා හෝ ජයගන්නවනේ. ඒක පරම සත්‍යයක්...!
ඉතාම සතුටුයි. දේශපාලන පළිගැනීම් වලට ලක් වූ විශිෂ්ඨ නිලධාරියෙක්. අපක්ෂපාතීව විමර්ෂණ කටයුතු කර දූෂකයින් අධිකරණයට ගෙන එන්න. දූෂිතයින්ට වළං හේදුව අය කෑගැහුවට, උඩ පැන්නාට වැඩක් නෑ. දැන් ඉන්න පරපුර ඉස්සර හිටිය හණමිටි කාරයින්ට වඩා බුද්ධිමත්...
නිතියේ විධානය ආධිපත්‍යය ඉහලින් තියන රටක් අපිට අවශ්‍යයි.. නිතිය ඉදිරියේ කවුරුත් සම විය යුතුයි..