‘කොටකෙතන අම්මා මැරූ බවට සැකපිට පුතා අත්අඩංගුවට ගත්තා. ගමක ළමයෙක් අම්මා මරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. මාධ්‍ය මගින් නැවත ඒවා ප්‍රතිනිරූපනය කිරීමෙන් පවට බර තරුණ සිතක් එය නැවත කරන්නට ඉඩ තිබෙනවා. අම්මා මරණ, තාත්තා මරණ, නංගී දූෂණය කරන මේ චින්තනය වෙනස් කරන්න අවශ්‍යයයි. ඒවා වෙනස් කරන්න නම් දාර්ශනික ප්‍රබෝධයක් ඇති කළ යුතුයි.‘ යැයි පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්ත්‍රභද්‍ර හිමියෝ බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.
තමා විවේචනය කිරීමට ඕනෑම කෙනෙකුට හැකි බවත්, තමාට එරෙහිව එල්ල වන චෝදනාවලට පිළිතුරු දීමට ද සාධාරණ අවස්ථාවක් ලබා දිය යුතු බවත් ඒ හිමියෝ කීහ.
සමාජයේ දාර්ශනික විප්ලවයක් ඇති කිරීමට ගිය ඕෂෝ, සොක්‍රටීස්, ජියඩානෝ බෘනෝ, ගැලීලියෝ ගැලිලි, සිග්මන්ඩ් ප්‍රොයිඩ්, අයිසෙක් නිව්ටන්, ඇල්බට් අයින්ස්ටයින්, ඒබ්‍රහම් ලින්කන්, රයිට් සහෝදරයන් සහ මහත්මා ගාන්ධිට ද එකල සමාජයෙන් විවේචන එල්ල වූ බව සිරිධම්ම හිමියෝ ප්‍රකාශ කළහ.
කොටකෙතන ගම්වාසීන්ට ආශිර්වාද කිරීමට ධර්ම යාත්‍රාවක් සංවිධානය කර ඇති බවත්, ගමේ පාසල් දරුවන්ට හා පිරිවෙන්හි ශිෂ්‍ය හිමිවරුන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු ලිපි ද්‍රව්‍ය බෙදාදීමට බලාපොරොත්තු වන බවත්, එහි ගොස් මියගිය අයට පිං අනුමෝදනා කරන බවත් සිරි සදහම් ආශ්‍රාමවාසී ධම්ම ජාත හිමි කීවේය.
වෙසක් පොහොය නිමිත්තෙන් සදහම් ආශ්‍රමය පිහිටි ගම්මානයේ පිඬුසිඟා වැඩීමේ වැඩසටහනක් ද පැවැත්විණි.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම තවත් කෙනෙකුට විසුලුවකට ලක් නොවන විදිහට වෙනවා නම් කොයි තරම් ලස්සනද.(නදී)
මේවා ගැන අදහස් කියන්න කට ඇරලා නිකම් පව් සිද්ධ කරගන්නේ මොකටද කියලා හිතුවා. (නි)
අනේ ඇයි මේ මල් පාගන්නේ??(හේ)
මේ වගේ දේවල් වල වැරදි දකින්න හොඳ නැහැ තමයි. එහෙත් පිඬුසිඟා යාමක් නොව මට නම් මෙය මල් පෙරහරක් වගෙයි පෙනෙන්නේ. හැමදේම ආනයනිකයි. ඇයි ශ්‍රී ලාංකික කුඩ, පාත්තර එහෙම නැත්තේ? (නි)
වැඩපිළිවෙල විශිෂ්ටයි , අගය කරනවා . (අ)
මෙයින් බුද්ධ දේශනාවට හානියක් වන්නේ නැද්ද (අ)
බුදුන්ට පුදන, මල් පාගාගෙන බුදුන්වහන්සේකේ අනුගාමිකයෙක් යන එක හරිද? (අ).
"අරහත්" කියලා බෝඩ් එකක ලියලා මොකද? (නි)
කෙදිනකවත් සත්‍යය යටපත් කරන්න බැහැ මඩ ගහලා.. සමන්ත භද්‍ර හිමි දේශනා කරන සත්‍යයට එරෙහි වන්නේ අසත්‍යයෙන් බඩ වියත රැකගන්නා අය පමණයි. (අ)
මොනවද මේ කරන්නේ? (කේ)
අපි කොතරම් බැන්නත් ඔබ වහන්සේ හරි කියලා හිතෙනව මේ කියන දේවල් ඇහුවාම. ඇත්තටම ඔබ වහන්සේ කියන්නේ ඇත්තක් නම් අපි එකතු කරගත්තු පව් කොහොම ගෙවන්නද ? කවුරුත් ඉන්නවා නම් මේකට මැදිහත් වෙලා විවෘතව සාකච්ඡ කරලා අපිට ඇත්ත කියලා දෙන්න. (අ)
ඇත්තටම ලස්සනයි . හාමුදුරු ගොල්ලෝ ගේට්ටු කඩන කාලේ මෙවැනි දේවල් දැකීමත් සතුටක් (අ)
මේ ස්වාමින්වහන්සේ කියන දේ හරි. ලංකාවේ මිනිස්සුන්ගේ ඔලු අවුරුදු ගණනක් තිස්සේ මොට්ට කරවල තියෙන්නේ.. ඉතින් නිදහස් මනසින් ලෝකය දිහා බලන්න තේරෙන්නේ නැහැ.. (අ)
මල් බුදුන්ට පුජා කරනවා හැර පාවඩයක් ලෙස දැමීම නුසුදුසුය .(හේ)
බුදුරජානන් වහන්සේ මහා සංඝයාට පිඩුසිඟා වැඩීම අනුමත කළේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම සඳහා ජීවිතය පවත්වාගැනීමට මිසක් මිනිසුන්ගේ පැහැදීමට හෝ මෙවැනි වෙනත් අරුතක් සඳහා බවක් මා මින් පෙර අසා තිබුනේ නෑ. (හේ)
උන්වහන්සේ දේශනා කරන ධර්මය හරි.(හේ)
හාමුදුරුවෝ කියන කතාවේ ඇත්තක් තියනවා. අපරාධ වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා නොදිය යුතුයි.(හේ)
හැම දෙනාටම සමාන අවස්ථාවක් දිය යුතුය . එවිට සත්‍ය මතුවේවි . (හේ)
ලංකාවේ ඉන්න කෙලින් කතාකරන,ඇත්තම කියන ස්වාමීන් වහන්සේ නමක්.(හේ)
බුඳුන්ට පුදන මල් මෙසේ පයට පෑගීම හරිද? බුදු දහමට මේවා ගැලපෙනවාද (අ)
එක ඇත්ත .(අ)
මේ හාමුදුරුවො කියන දේ හරි කියන අය පොඩ්ඩක් හිතලා බලන්න. බුදුහාමුදුරුවෝ පිඩුසිඟා වැඩියේ ඇයි කියලා සහ මේ හාමුදුරුවො මල් අතුරාගෙන, නැටුම් කණ්ඩායමක් සමඟ පෙරහැරකින් පිඩුසිඟා වඩින්නේ ඇයි කියලා.මේ සසරින් එතෙර වෙන්න , කුසට ආහාරයක් අවශ්‍ය නිසාවෙන් වෙන්න පුලුවන්ද? මේ හාමුදුරුවො කියන විදිහට ඔබම හිතලා තර්ක කරලා බලන්න. (නි)
සකුණි, මහා සංඝයා වෙනුවෙන් මල් අතුරා ඇති සැදැහැවතුන්ට එය දෙව්ලොවට හිනිමගක් වේවි. සිත පහදාගන්න. (අ)
සත්ව මාංශ විශාල ප්‍රමාණයක් බෙදල දීපු උපන්දින සාදයෙන් පස්සේ මල් පාගන පිඩු සිඟා කෑමක්. මේවගේ දේවල් වලට පස්සෙන් යන මිනිස්සු ගැන පුදුම හිතෙනවා. (අ)
හිතට හරිම සැනසීමක් දැනුනා මගේ නම් (නි)
රහත් වූ ආර්යන් වහන්සේලාට මල් මතින් යන්නත් , ගිනි මතින් යන්නත් පුළුවන්. උන්වහන්සේලාට ඒ දෙකෙහිම වෙනසක් නැහැ.මල් පිදුවත් , ගල් පෙරලුවත් බුදුවරු ඒ දෙකෙහිදීම කම්පානොවී සිටිනවා. ඔබත් එවැනි තත්වයකට පත්වූ දවසට මෙවැනි ප්‍රශ්න හට නොගනී. (නි)
උතුම් සංඝරත්නයට මල් මතින් වැඩම කිරීමට පුර්ණ අයිතියක් තිබෙනවා යැයි මම පවසමි. (නි)
හැමෝම මේ වීඩියෝව ඉස්සෙලා බලන්න ඊට පස්සේ විවෙච්ච්නය කරන්න . (අ)
මේ හැමදේම අපි දකින විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ . මමත් කලින් උන්වහන්සේට නොසහෙන්න දොස් කිව්වා , එත් කරන දේශනාව ඇහැව්වම මට තේරුනා . අපි ඉන්නේ තාමත් අවු 2500ක් පිටිපස්සේ කියලා . (අ)
මිනිසා යනු මසින් උසසස් යන්නයි . රොන් උරා බොන ක්රුමීන්ටත් නොදී බුදු පුදනට නෙලන මල් මෙසේෙ පා පැගිලට යෙදීම මොනතරම් . මනෝ විකුර්ති භාවයක්ද ? අඟේ හිරි ගඩු පිපුණා (අ)
අපි ස්වාමින් වහන්සේගේ දේශනා අහනේ කොරියාවේ ඉඳලා , අපිට ගොඩාක් සතුටියි ලංකාදීප පුවත් පත ගැන , මේ හිමියන්ගේ ලිපි අන්තර් ජාලයේ පල කරන්න . අපි ගොඩාක් කැමති ඒවා කියවන්න .
මිනිස්සු අලුත් විදියට හිතන්න පටන් අරන් . අලුත් දෙයක් කරනවා නම් අපිත් උදව් කරන්න කැමති . (අ)
බුදුදහම තේරෙන සිංහලෙන් පැහැදිලි කරලා දෙන්නේ මේ ස්වාමින් වහන්සේ විතරයි (අ)
බුදු රජානන් වහන්සේ දෙශනා කළෙත් විවෘත මනසින් තීන්දු ගැනීමටයි. එබැවින් මුන් වහන්සේගේ දෙසුම ඉතාම වටිනා බව ම පිලිගනිමි (අ)
අබුද්දස්ස කාලේ.(හේ)
හාමුදුරුවෝ මේ විදිහට කරන එක වරදක් නැහැ.(හේ)
ලංකාවේ කොපමණ භික්ෂූන් සිටියද නියම බුද්ධ දේශනාව අපිට කියා දෙන්නේ ඔබ වහන්සේ (බ)
සත්‍ය අවබෝධ කළ උතුමෙක්ට ගල්ද මල්ද කියා වෙනසක් නැත. (බ)
අපේ බෞද්ධයන් වැටිලා තියෙන තැන දැක්කාම දුක හිතෙනවා..(හේ)
සියල්ලේ දෙපැත්තක් ඇත සැප දුක හොඳ නරක ඒ ලෙසින් දේසනා දේශනය තුලින් සත්‍ය දකින්න.(බ)
උන්වහන්සේගේ හැම වචනයකම මොකද්දෝ ලොකු පණිවිඩයක් තියෙනවා කියලා මට දැනෙන්නේ...ඇත්තටම අද වගේ කාලෙක මෙවැනි වටිනා දේශනා අහන්න ලැබීමත් පිනක්...ඔබ වහන්සේ කියලා තියෙන්නේ හරියටම, ඒ වගේම කියන්න තියෙන දේ කෙලින් කියන සුවමින්වහ්සේ නමක් දැක්කමයි...මෙවැනි සුවමින්වහන්සේ කෙනෙක් වඩින මග මල් නෙමේ අතුරන්න තිබ්බේ දියමන්ති කියලා මට හිතෙන්නේ..(හේ)
මල් පාගලා මේවා නවත්වන්න බැහැ හාමුදුරුවනේ. ෂරියා නීතිය යොදවන්න. දවසෙන් අපරාධ නවතිනවා. (නි)
පයට පෑගෙන මල් මෙනි අනියත සසර (නි)
මල් මතින් භික්ෂූන් වැඩමවීම ථෙරවාදී රටවල සිදුවන දෙයක්.ලංකාවේ දැනට ඒක සිදුවෙන්නේ නැහැ.තායිලන්තය,බුරුමය වගේ බෞද්ධ රටවල අදත් මේ දේ සිදුවෙනවා.මෙතන අදහස් දක්වා ඇති අයගේ අදහස් වලින් පේනවා ඒ අය මල් කෙරෙහි කොච්චර ඇලීමක් ඇතිකරගෙන තිබෙනවද කියලා.ඔය භෞතික ලෝකයට තිබෙන ඇලීම නැතිකරගන්නට උන්වහන්සේගේ දේශනාව අහන්න. (නි)
ඕගොල්ලන්ට තියෙන්නේ හාමුදුරුවරු මල් උඩින් වඩින එකයි, රහත්ද නැද්ද කියන එකයි කියන ඕවගේ ප්‍රශ්නද? මේ හැම එකකින්ම අපි අපේ බුදු දහමටම නේද නිගා කරගන්නේ? අනික් ආගම් වල අය මෙහෙම කරනවද? (නි)
බුද්ධ දේශනාවේ කොහේ හෝ මෙසේ සඳහන් වී ඇද්ද? (නි)
මහින්ද නැවත බලයට එනවට කැමති පිරිසකුත් ලංකාවේ ඉන්නවා.(හේ)
මේ ස්වාමින්වහන්සේ කියන දේ හරි. ධර්මයේ හැසිරෙන්න විනය රකින්න සැබෑ බුදු දහම සැමට පහ දා දෙනමෙන් ඔබවන්සේගෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා (හේ)
සත්‍ය කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේ තවකෙක් පිලිගැනීමනම් ඔබ වහන්සේ හරි.(හේ)
සල්ලි සල්ලි වලට තමා ඔය ඔක්කොම (නදී)
බුදුන්ටත් මෙහෙම මල් පාවඩ එලලා තියෙනවා, මේක බුදුදහමට පටහැනිනෑ. බුදුදහම හරියට දන්නේවත් නැති අය හාමුදුරුවරු විවේචනය කිරීම ශාසනයේ පරිහානියට හේතුවක්. සමන්තභද්‍ර හිමියන්ව විවේචනය කිරීමට පෙර පැය 100ක්වත් උන්වහන්සේගේ දේශනා ශ්‍රවනය කරන යැයි උන්වහන්සේ ඉල්ලාසිටිනවා. එක දෙයක් මතකතියා ගන්න. රහතන්වහන්සේ කෙනෙකුට අපහාස කිරීමේ පාපයෙන් මිදීමට හැකි එකම මග උන්වහන්සේ හමුවී වැද සමාව ගැනීමෙන් පමණක් බව.(නදී)
ඔබ වහන්සේ කියන දේ තුලත් ඇත්තක් තියෙනවා.(හේ)
සතුන්ට පැණි බොන්න තිබෙන මල් කඩාගෙන ඇවිල්ලා පාගන්න දානවා. (නි)
අපේ සාහිත්‍යයේ වගේම බොහෝ පෙරදිග සාහිත්‍ය සම්ප්‍රදායයන්හි අතිශයෝක්තිය අදාළ රසය තීව්‍රර කිරීමට යොදා ගැනෙයි. එවැනි අවස්ථා සැබෑ සේ ගෙන කටයුතු කරන්නා සුපර් මෑන්ගේ අහසින් යාමේ හැකියාව සැබෑවක් සේ ගෙන බිම වැටි තුවාල කරගන්නා බාලයෙකුගෙන් වෙනස් නොවෙයි. බුදුදහමෙහි කියැවෙන්නේ ආශාවන් ප්‍රහීන කිරීමෙහි වැදගත්කමයි. සත්ත්වයා ආකෘති තනන්නේම අවිද්‍යාව නිසා යැයි පවසන බුදුදහම අවබෝධ කරගෙන රහත් වුණු කෙනෙක් තමන්ගේ මුලික විද්‍යා උපාධිය පිම්බීම පිණිස යොදාගනියිද? එවැන්නෙකුට විවිධ විද්‍යාත්මක සොයාගැනීම් සහ දාර්ශනික මතවාද වුව මෙතරම්ම වැදගත් වියහැකිද? (නි)
සත්‍යට පහරදීම අපේ මෝඩ මිනිසුන්ගේ ස්වභාවයයි. මේ අය ගැන හරිම දුකයි. මේ පිරිසිදු බුදුබණ අහන්න ලැබෙන දුර්ලභ කාලයක්.දීර්ඝ කාලයක් අපිට අහන්න ලැබුනේ ජාතක කතා විතරයි.දැන් තමයි ආන්දෝලනාත්මක ධර්මයක් අහන්න ලැබෙන්නේ. දැන් තමයි දස කුසල ශීලය ගැන දැනගන්න තියෙන්නේ.දැන්වත් ඔබේ ඇස්, කන් ඇරගන්න.මේ ධර්ම දේශනා වලට දිගටම සවන් දෙන්න. (නි)
මල් මතින් උතුම් සඟරුවන ගියාට කමක් නැහැ කියමුකෝ. ඒත් ඉතින් මේ 'සමහරු' මල් උඩින් යන්න මොකක්ද අවශ්‍යතාවය?ප්‍රතිරූපයක් ගොඩනැඟීම මිස වෙන මොකක්ද? (නි)
හරිම ලස්සනයි (නි)
අපේකමට හුරු කුඩය ,චීවරය ,පාත්‍රය... අනේ අහෝ අපේ නිර්මල බුදු දහම! මිනිසුන්ට සම්මා දිට්ඨිය ,නැණ නුවණ පහළ වේවා! (නි)
මිනිස්සු මානසිකව නන්නත්තාර වෙලා කියලා සමහර වෙලාවට මට හිතෙනවා (නි)
අයියෝ! මල් පාගනවා. දකිද්දීත් පපුව පිච්චෙනවා (නි)
මේ මොනවද මේ කතා? (නි)
ක්‍රියාවෙන් අරහත් බව මිනිසුන්ට පෙන්වීමයි වැදගත් වෙන්නේ (නි)
මේ ස්වාමින් වහන්සේලගේ සහ දේශපාලනය,පිකටින්, රැස්වීම්, වර්ජන කරන අයගේ මුහුණු වල වෙනස බලන්න. මම නම් හිතන්නේ එයම ඇති (නි)
රහතන් වන්සේලා තමන් වහන්සේගේ රහත් බව ප්‍රසිද්ධියේ කියනවාද ? දන්නා කෙනෙක් මට පැහැදිලි කරදෙනු මැනවි. (නි)