වරින්වර ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව සමග අනුරාධපුර පූජා භූමියේ පහත් බිම් රැසක් අද දිනටත් ගං වතුරෙන් යට වී තිබිණි.
මල්වතුඔය පිටාර ගැනීමෙන් මේ තත්ත්වය උදා විය.
ශ්‍රී මහා බෝධි මාවතේ රුවන්වැලි සෑ දෙසට ඇති මාර්ගය ද බණ්ඩාරනායක මාවත ඔස්සේ ඉසුරුමුණිය, තන්තිරිමලේ, සදහිරු සෑය, මිරිසවැටියට යන මාර්ගය ද යාපනය හන්දියේ සිට ජේතවනාරාමය, ථූපාරාමය, ගල්පාලම දෙසට යන මාර්ග වල ගං වතුර පවතී.
අද (25 ) දහවල් වන විටත් කුට්ටම්පොකුණ ජලය පිරී උතුරා යමින් තිබිණි. සමාධි පිළිමය හා අභයගිරියට යන මාර්ගය ජලයෙන් යටවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිඹුලාගල සංඝ ඝාතනය වෙලා අවුරුදු ගානකට පස්සේ ස්වබාව දර්මේ කැලැඹිලා (නදී)
මේක නම්,දේව කෝපයක් වගේ (දිල්)
මේ සාපයක් ද අප්පා (අ)
ඔය ගහන දැවැන්ත කටවුට් වල මුදල් ගංවතුරෙන් අසරණ වූ මිනිසුන් ඉන්න එක කඳවුරකට දුන්නා නම් කොච්චර වටිනවද? කටවුට් 20ක සල්ලි හොඳටම ඇති ලංකාවේ ගංවතුරෙන් අසරණ වූ පිරිසට දවස් පහකට පිරිමහගන්න.කල්පනා කරලා බලන්න (නි)