කුරුණෑගල නගරාධිපතිගේ දරුවාට තරවටු කිරීම සම්බන්ධයෙන් නගරාධිපතිගෙන් සමාව ගන්නැයි ගුරුවරියක නගරාධිපතිගේ නිවසට යැවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මලියදේව විදුහල්පතිට විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා කියයි.
ජාතික පාසල් අංශයේ විමර්ශන කණ්ඩායමක් අද කුරුණෑගලට ගොස් ප්‍රකාශ සටහන් කර ගත් බව ද දිසානායක මහතා පවසයි.
දේශපාලනඥයකු ළඟට ගුරුවරියක යැවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි කොන්ද..කොන්ද,,,නාරටියම නෑ වගේ දෑනෙන්නේ (දී).
ඉස්සර දේශපාලකයා පාසැලට ඇවිත් ගුරුවරියව දන ගැස්සුවා. දඩුවමක් නැහැ. දැන් දේශපාලනඥයකු ළඟට ගුරුවරිය ගිහින් දන ගස්සනවා. හරිම පුදුමයි. (නදී)
මේ විදුහල්පතිව ගුරුවරියගේ ගෙදරට යවන්න සමව ගන්න.. නැතිනම් මානසික රෝගයට ප්‍රතිකාර කරවන්න. නැත්නම් විදුහල්පති කම වෙනුවට අර නගරාධිපතිගේ අවතේව කරන්න එයාගේ මුලුතැන් ගෙට දමන්න ඕන. අනේ මෙහෙමත් පිරිමි!! (දී).
රටේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති වරයෙක් මෙයාකාරයෙන් කටයුතු කීරීම මුලු මහත් අධ්‍යාපනයටම අගෞරවයක්, ගුරුවරයාට දේශපාලකයාගේ දරුවත් සාමාන්‍ය දරුවත් පාසලේදී එක සමානයි. මෙම සිද්ධිය පිළිකුලෙන් යුතුව හෙළාදකිය යුතුයි.(දී)
දැන් කරන්න තියෙන්නේ මේක ගොඩින් විසඳ ගන්නට නම් . විදුහල්පති තුමා ලවා මෙම ගුරුතුමියගෙන් සමාව අයදිමය . මෙම විදුහල්පති තුමා අර දේශපලුවට කඩේ යන කෙනෙක් වන්නට ඕනේ (අ)
නගරාධිපති හිතාගෙන ඉන්නේ මිනිහා ' ලෝකෙට ලොක්කා ' කියලා...ඔහොම යමු ...දවසක හොඳ හෝටලයකින් හොඳ පරිප්පුවක් ලැබේවි.(අ)
මේ උගත් යැයි කියාගන්නා මිනිස්සුනම්.. අන්තිමයි ..මොන්ටි සෝරි ළමයෙක්ට තරම්වත් තැනට නුවන පාවිච්චිකර වැඩ කිරීමේ බුද්ධියය කඳුලක් නැහැ, ලැජ්ජාවේ බැහැ ...? (අ)
පාසල නමැති අර්ධ කිරි කළයට මලියදේව විදුහල්පති අශූචි කලවම් කර ඇත. (අ)
මලියදේවයේ ආදී සිසුන් ලෙස අතිශය ලැජ්ජාවට පත් වන දෙයක් මෙම විදුහල්පති අපහට කර ඇත. යූ බී වන්නිනායක, දිසානායක පෙතියාගොඩ, ඩී ඒ ජයතිලක වැනි සුපිරි ගනයේ විදුහල් පතිවරුන් ගෙන දුන් අභිමානයට මෙම විදුහල්පති වසුරු හැලියක් එකතු කර ඇත. නවසීලන්තයේ වසන ආදී ශිෂ්‍යයෝ (නදී)
ෂුවර් එකටම ඔය විදුහල්පතිකම දේශපාලන පත්වීමක් වෙන්න ඇති (නදී)
ගුරුවරිය හීනෙන් බයවෙලා පාසල් වාහනෙන්ම නගරාධිපති ගාවට ගියාද දන්නෙ නැහැනේ? අද කාලේ වෙන දේවල් පේනවනේ ඉතින් (නි)
මේ විදුහල්පතිවරයා නම් පුදුමාකාර කෙනෙක් (නි)
මේ වගේ විදුහල්පතිවරු ගුරු වෘත්තියටම නින්දාවක් (නි)
විදුහල්පති වැරදිකරු නම් උපරිම දඩුවම් දෙන්න (නි)
ගැඹුරින් විමර්ශන කර නිගමනයකට එළඹෙන්න (නි)
අපූරුම විදුහල්පති කෙනෙක් තමයි (නි)
විමර්ශනයක් විදුහල්පතිට පමණද එතකොට නගරාධිපති..? එයා පව් නේද. (දී)
දේශපාලඥයකු ළඟට ගුරුවරියක යවන්න තරම් විදුහල්පතිවරයෙක් පහත් තත්ත්වයකට වැටුණද? (නි)
මගේ තාත්තාත් විදුහල්පති වරයෙක් හැබැයි එයා නම් අපිට වඩා ආදරෙයි පාසලට (දී)
වහාම දඬුවම් දෙන්න (දී)
මේ වගේ අය නිසා තමයි දරුවොත් සිය දිවි නසා ගන්නේ (දී)
මොනවා පිරික්සන්නද? ගෙදර යවන්න (දී)
දේශපාලන බල පුලුහන් කමට පත් උණු විදුහල් පති කෙනෙක් වෙන්න ඕනා. දැඩි දඩුවම් දිය යුතුයි. (නදී)
බුද්ධිය තිබුනට සාමාන්‍ය දැනීම නැහැ (දී).
මෙයා විදුහල්පති උන විදිහ හිතා හිතාගන්න පුළුවන් (දී).
දැන් මේ කීවෙනි සිද්ධියද (දී)
මේවාට නිසි දඬුවම් ලබා දෙන්න (දී)
මේ විදුහල්පතිට පොඩ්ඩක්වත් මොලයක්නැතිද,තමන්ගෙගුරු මණ්ඩලය ආරක්ෂා කර ගෙනීම විදුහල්පතිගේ රාජකාරියකි (දී)
දැන් තිබෙන හොඳම වැඩේ මේ තුමා ලාට ළමයින් ව ගෙදර තියාගෙන ඒගොල්ලන්ටම උගන්න ගන්න කියන්න . රටේ අනෙකුත් දරුවන් ගේ පිළිවෙලට පාසල් ඇවිත් ඒ ඉගෙනීමේ කටයුතු කරගන්න හැටියට තමන්ගේ ළමයින් හසුරුවා ගන්න බැහැ . හැබැයි රට වටේම ඉන්න උදවියට ළමයින් හදා වඩා ගන්න හැටි ගැන උපදෙස් දෙනවා. (දී)
ගුරු ගරුත්වයට නිගා කරන දේශපාලකයන්ට කඩේ යන මේ වගේ අයට විදුහල්පති කම නෙමෙයි දෙන්න ඕනා නැවත හෝඩියේ පන්තියේ සිට අධ්‍යාපනය ලබා දෙනවා නම් වඩා හොඳයි (නදී)
මෙහිදී නගරාදිපතිට නොව විදුහල් පතිට විරුද්දව සියල්ල කල යුතුයි . තම සහෝදර පාසල් ගුරුවරු ගුරුවරියන් පාවා දෙන . දේශපාලුවන්ට කත් අදින මෙවෙනි අය ගුරු වෘත්තියට අපහාසයකි (දී)
ගුරු මණ්ඩලයේ සියලුදෙනාම එකතුවෙලා මේ ගුරු මුත්තාව නගර සභාව ඉදිරිපිට දණ ගැස්සුවානම් හරිනේ. (දී)
කථාව ඇත්තනම් මේවගේ කොන්ද පණනැති ප්‍රින්සිපල්ල ඉන්න ඉස්කෝල වලට මොකද වෙන්නෙ.අනිත් අතට මොලයක් තියන නගරාධිපති කෙනෙක් නම් ගුරුවරියට හොඳ කියල එවන්නයි ඕන.හැබැයි දේශපාලකයන්ට මොලේ නැහැනේ.මේ විමර්ශනය තිබ්බට මුකුත් වෙන්නැහැ.ගුරුවරිය මාරු කරයි (දී)
සත්‍යය දැනගැනීමේ අයිතිය අපි කාටත් තිබෙනවා (නි)
මේ මොනවද අධ්‍යාපන ක්ෂේත්‍රයට සිද්ධ වෙන්නේ? (නි)
වරදක් කර ඇත්නම් කිසිදා තම හෘද සාක්ෂියෙන්ද ගැළවීමක් නැත (නි)
අහෝ අධ්‍යාපනයට ගිය කලක්. ගුරුවරයාට ගිය කලක්. විනාසයට යන සමාජයක ලක්ෂණ. මෙවැනි දරුවන් ලොකු මහත් වූ විට සමාජයට කරන හානිය සුළුපටු නොවේ. (දී)
දෙසපලකයන්ට සහ ප්‍රින්සිපල් යන දෙන්නාවම තනතුරුවලින් අයින් කරන්ඩ ඕනා. (අ)
දේශපාලකයන් ඉදිරියේ සමස්ත අධ්‍යාපනයම දණ ගහලා එවරයි .රටේ අසරණ දරුවන්ට සම්මා සම්බුදු සරණයි! (නි)
අපේ රටට බුදු සරණයි! (නි)
නුසුදුසු පුද්ගලයන් අදාළ තනතුරු වලට පත්කිරීමේ විපාක. (අ)
සිදුවීම සත්‍යය නම් වහාම වැරදිකරුවන් දඩුවම් ලැබිය යුතුයි (නි)
මොහු නම් ගුරු වෘත්තියට නුසුදුසු පුද්ගලයෙකු විය හැකිබවයි මට හිතෙන්නේ. (නි)
දරුවන්ට ශිල්ප විතරක් නෙවේ ගුණධර්ම උගන්නන්න ඕනේ ගුරුවරු!ඒක සමාව ගත යුතු වරදක්ද? (අ)
නගරාධිපතිගේ ප්‍රතිචාරන කොහොමද? (නි)
ගොනෙක් ලඟට යන්න බුරුවෙක් උපදෙස්දීලා. (අ)
මේ වගේ අමනයන් දහස් ගණන් දරුවන්ගේ ඇස පාදන තෙන් වලට පත් කරලීමේ වරද මොවුන් කිසිදු සමාවන් නොදී වැඩ තහනම් කළ යුතුයි අනෙක මෙවන් අයට පාඩමක් ඉගන ගන්න (අ)
අැයි විදුහල්පති නගරාධිපතිට කඩේ යන්නේ? තමන්ගේම විදුහලේ ගුරුතුමියක් නේද? (ස)
විදුහල්පති වරදක් කර ඇත්නම් දඩුවම් කළ යුතුමයි (නි)
මෙම විදුහල්පති දුරදක්නා නුවණැත්තෙකි. දණ ගැස්වීමට පෙර සුදුසු ක්‍රියා මාර්ගය අරගෙන වත්ද? (ස)
අනිවාර්යන්ම මේ විදුහල් පති සුදුසුකම් නැති, දේශපාලක යකුගේ හෙන්චෛයක් . (දී)
ගුරු වෘත්තියට සිදුව ඇති දේ ගැන ඇත්තෙන්ම දුකයි (නි)
මේ විදුහල්පති තුමා පිරිමිද, ගැහැනුද මේ වගේ රාජ්ය සේවකයන් ඔස්ට්‍රේලියාව ආසන්නයේ තියෙන නාවුරු දුපත් වලට යවන්න ඕනෙ. (දී)
මෙන්න වැඩ (දී)
සළකා බලා සුදුසු දඩුවමක් දෙන්න (නි)
අනේ මන්ද දැන් ඉන්න විදුලපති වරුන් මෙලෝ රහක් නැහැනේ (දී)