නිර්වින්දන වෛදවරුන්ගේ හිඟය නිසා අනුරාධපුර රෝහලේ සියලුම ශල්‍යකර්ම අද (22) සිට නවතා දැමීමෙන් රෝගීන් අපහසුතාවයට ලක්ව ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු රෝගීහු කියති.
විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනෙක් ඇතුළු නිර්වින්දන වෛද්‍යවරු 29ක් එහි සිටිති. ශල්‍ය වෛද්‍යවරු 16 දෙනෙක් සිටිති. රෝගීහු 1500 ක් වෙති. මුළු වෛද්‍යවරු සංඛ්‍යාව 300කි. මීට පෙර සතියකට දින 4 ක් ශල්‍යකර්ම සඳහා වෙන් කර තිබූ බවත් මෑතක සිට එය එක් දිනකට සීමාවී ඇති බවත් රෝහල් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.
‘අපි 20 වැනිදා සිට හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කරනවා. නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දින වකවානු වෙන් කළ ශල්‍ය කර්ම කරන්නේ නෑ. වෛද්‍යවරුන් 60කගේ පමණ හිඟයක් පවතිනවා. මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කීප වරක්ම දැන්වත් කර තිබෙනවා‘ යැයි අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඩබ්ලිව්.අතපත්තු මහතා පැවසීය.
දැන ගන්නට ඇති විදියට නිර්වින්දන වෛද්‍යවරු 9 ක් සිටින පොළොන්නරුව රෝහලේ මාසයකට සැත්කම් 1110 ක් පමණ සිදුවේ. එහෙත් නිර්වින්ද වෛද්‍යවරු 29 දෙනකු සිටින අනුරාධපුර රෝහලේ මාසයකට කරන සැත්කම් ප්‍රමාණය 1400කට මදක් වැඩි යැයි රෝහල් ආරංචි කියයි.
හදිසි සැත්කම් අවශ්‍ය පිළිකා රෝගීන් අඩු ගණනේ සිව් දෙනකුවත් එහි සිටින බවත් දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අ‘පුර රෝහලත් නිර්වින්දනය වෙයි
ඇසළ Wednesday, 22 April 2015 11:49 AM
ඔහොම යමුකෝ. දුන්නා නම් දැන් බලාගෙන ඉන්න. බොහෝ රජයේ රෝහල් වල දැන් බෙහෙත් නැහැ. ෆාමසිකාරයන්ගේ මඩි හොඳට තරවෙනවා. (නි)