අනුරාධපුර මහ රෝහලේ මහාචාර්ය ඒකකයේ ගින්නෙන් රුපියල් කෝටි 25ක් වටිනා එම්ආර්අයි ස්කෑනර් යන්ත්‍රය පිලිස්සි ගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂක ඩබ්ලිව් අතුපත්තු මහතා කියයි.
යන්ත්‍රයට විදුලි බලය සැපයීම සදහා වයරින් කරද්දී මෙම ගින්න හටගෙන ඇත.
ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගත විය.
ගින්න හට ගත් ගොඩනැගිල්ල රජරට විශ්ව විද්‍යාලයට අයිති අතර ස්කෑනර් යන්ත්‍රය රෝහල සතුය.
සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ ඇරැඹිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුරේ ප්‍රය්වෙට් MRI ස්කෑනර් යන්ත්‍ර එහෙම තියෙනවද දන්නේ නෑ. බිස්නස් අඩුවෙයි කියලා බයට වැඩේ දුන්නාද දන්නේ නෑ. (අ)
අර කව්වා වගේ මේ ස්කෑන් යන්ත්‍රයේ ගනුදෙනුව පිළිබදව අපට සැකයක් උපදිනවා.(හේ)
ජිවිත හානියක් නොවුන එක ගැන සතුටුයි.(හේ)
රක්ෂණ වන්දි හම්බවෙන්නේ නැ. අපරික්ෂා කාරී ලෙස වැඩ කරලා තියෙන බව පැහැදිලියි. අදාළ අංශයේ විදුලිය විසන්දි කරලා නේ මේ වගේ වැඩක් කරන්න ඕන. යන්ත්‍රයට තියා ගොඩනැගිල්ලට වත් රක්ෂණ වන්දි ලැබෙන්නේ නැ. මේ යන්ත්‍රය රජය මිලදී ගත් එකක් වෙන්න බෑ. මෙහි සඳහන් නැතත් නොමිලේ ධනවත් රටකින් ලැබුන පරිත්‍යාගයක් විය යුතුයි අනිවාර්යෙන්ම. ඒ නිසා ලංකාවට මුදල්මය පාඩුවක් වෙන්නේ ගොඩනැගිලි හානිය සහ භාන්ඩ හානිය විතරයි. (ර)
මෙච්චර වටිනා යන්ත්‍රයක් රක්ෂණය කරලා නැද්ද.? (ර)
ඕකනේ කියන්නේ නැකතට වැඩ ආරම්භ කරන්න ඕනේ කියලා.(හේ)
කින් බෙනෙට් කියන්නේ කොහොමද මේක පරිත්‍යාගයක් කියල? ඕක තමය අපේ ලංකික නිවටකම. (අ)
අනේ මෙහෙමත් කාලකන්නි ඉන්න රටක් , සුදුසුකම් නැති අයට දෙන්න ඇති වයරින් කරන්න .(හේ)
මේවා කාගෙවත් සල්ලි නෙමෙයි බදු මගින් එකතු කරගත් අපේම සල්ලි එනිසා ඔතන කියනවට වැඩ ලොකු මගඩියක් සගවන්න යමෙකුට උවමනා වී ඇති බවය් පෙනෙන්නේ. (බ)
මගේ හදවත නැවතුනා වගේ උනා කොච්චර පාඩුවක් ද මහජනයාට. (ර)
දුප්පත් රෝගීන් කබලෙන් ලිපට වැටෙන වැඩක්. මේකට කවුරු හරි වග කියන්න ඕනනේ. ඒත් ඉතින් අනේ මන්ද...(බ)
‘ආරක්ෂාව පළමුව‘ කියමන පාවිච්චි කලානම් ඕව වෙන්නේ නැහැ. (බ)