අනුරාධපුර මහ රෝහලේ මහාචාර්ය ඒකකයේ ගින්නෙන් රුපියල් කෝටි 25ක් වටිනා එම්ආර්අයි ස්කෑනර් යන්ත්‍රය පිලිස්සි ගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂක ඩබ්ලිව් අතුපත්තු මහතා කියයි.
යන්ත්‍රයට විදුලි බලය සැපයීම සදහා වයරින් කරද්දී මෙම ගින්න හටගෙන ඇත.
ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගත විය.
ගින්න හට ගත් ගොඩනැගිල්ල රජරට විශ්ව විද්‍යාලයට අයිති අතර ස්කෑනර් යන්ත්‍රය රෝහල සතුය.
සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ ඇරැඹිය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපුර රෝහලේ කෝටි 25ක් ඉවරයි
කුමාර් Thursday, 20 November 2014 06:38 AM
අපුරේ ප්‍රය්වෙට් MRI ස්කෑනර් යන්ත්‍ර එහෙම තියෙනවද දන්නේ නෑ. බිස්නස් අඩුවෙයි කියලා බයට වැඩේ දුන්නාද දන්නේ නෑ. (අ)
දයා අලහකෝන් Thursday, 20 November 2014 06:39 AM
අර කව්වා වගේ මේ ස්කෑන් යන්ත්‍රයේ ගනුදෙනුව පිළිබදව අපට සැකයක් උපදිනවා.(හේ)
කුමාරි Thursday, 20 November 2014 06:41 AM
ජිවිත හානියක් නොවුන එක ගැන සතුටුයි.(හේ)
කින් බෙනට් Thursday, 20 November 2014 07:38 AM
රක්ෂණ වන්දි හම්බවෙන්නේ නැ. අපරික්ෂා කාරී ලෙස වැඩ කරලා තියෙන බව පැහැදිලියි. අදාළ අංශයේ විදුලිය විසන්දි කරලා නේ මේ වගේ වැඩක් කරන්න ඕන. යන්ත්‍රයට තියා ගොඩනැගිල්ලට වත් රක්ෂණ වන්දි ලැබෙන්නේ නැ. මේ යන්ත්‍රය රජය මිලදී ගත් එකක් වෙන්න බෑ. මෙහි සඳහන් නැතත් නොමිලේ ධනවත් රටකින් ලැබුන පරිත්‍යාගයක් විය යුතුයි අනිවාර්යෙන්ම. ඒ නිසා ලංකාවට මුදල්මය පාඩුවක් වෙන්නේ ගොඩනැගිලි හානිය සහ භාන්ඩ හානිය විතරයි. (ර)
ටී ජී ලියනගේ Thursday, 20 November 2014 07:41 AM
මෙච්චර වටිනා යන්ත්‍රයක් රක්ෂණය කරලා නැද්ද.? (ර)
මිහිර Thursday, 20 November 2014 07:50 AM
ඕකනේ කියන්නේ නැකතට වැඩ ආරම්භ කරන්න ඕනේ කියලා.(හේ)
සරත් Thursday, 20 November 2014 08:28 AM
කින් බෙනෙට් කියන්නේ කොහොමද මේක පරිත්‍යාගයක් කියල? ඕක තමය අපේ ලංකික නිවටකම. (අ)
පිටබැද්දර ජයා Thursday, 20 November 2014 09:04 AM
අනේ මෙහෙමත් කාලකන්නි ඉන්න රටක් , සුදුසුකම් නැති අයට දෙන්න ඇති වයරින් කරන්න .(හේ)
ගුණසේකර Thursday, 20 November 2014 10:05 AM
මේවා කාගෙවත් සල්ලි නෙමෙයි බදු මගින් එකතු කරගත් අපේම සල්ලි එනිසා ඔතන කියනවට වැඩ ලොකු මගඩියක් සගවන්න යමෙකුට උවමනා වී ඇති බවය් පෙනෙන්නේ. (බ)
නිරාන් සෞදි Thursday, 20 November 2014 11:36 AM
මගේ හදවත නැවතුනා වගේ උනා කොච්චර පාඩුවක් ද මහජනයාට. (ර)
මොහාන් Thursday, 20 November 2014 06:11 AM
දුප්පත් රෝගීන් කබලෙන් ලිපට වැටෙන වැඩක්. මේකට කවුරු හරි වග කියන්න ඕනනේ. ඒත් ඉතින් අනේ මන්ද...(බ)
ගයාන් Thursday, 20 November 2014 06:11 AM
‘ආරක්ෂාව පළමුව‘ කියමන පාවිච්චි කලානම් ඕව වෙන්නේ නැහැ. (බ)