IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අ‘පුර පාසල් අවුල දික් ගැහේ : ගුරුවරුත් වැඩ වරති

අනුරාධපුර පුසියන්කුලම විද්‍යාලයේ ගුරුවරියට පහර දුන් සිසුවාගේ පියා මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් විදුහලේ ගුරුවරු ඉගැන්වීම් කටයුතු වලින් බැහැරවී සිටින බව තමාට දන්වා ඇතැයි එහි විදුහල්පති කියයි.

මේ බව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට දැනුම් දුන් බවත් විදුහල්පති පවසයි.

විදුහලට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් විදුහලේ සිසුන්ගේ මව් පියෝ පිරිසක් ගේට්ටුව අසල රැඳී සිටින බවත් පොලිසිය කියයි. සැකකරු සැඟවී සිටින බවත් අද දිනය තුළ ඔහු අත් අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලිසිය පවසයි.

පසුගියදා ගුරුවරියකට පහරදුන් සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අනුරාධපුර විලච්චිය මාර්ගය හරස් කර ටයර් පුළුස්සමින් විද්‍යාලයීය දරු දැරියන් හා දෙමාපියෝ උද්ඝෝෂණයක නියැලුණු අතර පැය 24ක් තුළ සැකකරු අත් අඩංගුවට ගන්නා බව එහි පැමිණි අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව හෙට්ටිආරච්චි මහතා පැවසීමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.

SAM_1588 SAM_1594 SAM_1595



අදහස් (0)

අ‘පුර පාසල් අවුල දික් ගැහේ : ගුරුවරුත් වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site