‘මිහිඳු බණ පිළිපදිමු‘ යන තේමාව යටතේ අනුරාධපුර පොසොන් සතිය සමරන බව නුවර කලාවිය ප්‍රධාන සංඝනායක හා රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමියෝ අනුරාධපුර පොසොන් කමිටුවේදී අද (18) පැවසූහ.
අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්විය.
ලංකාදීපය අනුග්‍රහයෙන් තන්තිරිමලේ ආලෝක පූජාව මෙවරද පැවැත්වෙන බව උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමියෝ කියා සිටියහ.
පොසොන් පිංකම මැයි 30 - ජූලි 5 අතර අනුරාධපුරයේදී පැවැත්වේ. සති පිරිත මැයි 31 වැනිදා රාත්‍රියේ මහමෙව්නාවේ ඇරඹීමට නියමිතය.
පෙර රජ දවස සිට පැවැති සම්ප්‍රදාය අනුව තිසා වැවේ පැන් ඉසුරුමුණිය රජ මහා විහාරයට පුදා ශ්‍රී මහා බෝධිය දක්වා පැන් පෙරහර පැවැත්වීමත් සමග සති පිරිත ආරම්භවේ.
අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස උතුරු මැද ප්‍රධාන සංඝනායක නාහිමියෝද මේ අවස්ථාවට වැඩ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd