අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාතේ ප‍්‍රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතාගේ නිල නිවාසය ඉදිරිපිටට අද (02) අලූයම දෙකට පමණ පැමිණි පිරිසක් මරණිය තර්ජනය කළැයි විරෝධය පළ කරමින් එම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල සේවකයෝ කළුපටි බැද වැඩට ආහ.
ප‍්‍රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතා කියා සිටියේ 02 වැනි දින අලූයම කාර් දෙකකින් සහ යතුරු පැදි වලින් පැමිණි දස දෙනෙකු පමණ බැන වැදී මරණිය තර්ජන කළ බවයි.
පොලිසියට හදිසි ඇමතුමක් දිමෙන් පසුව පොලිස් ආරක්ෂාව සැපයු බවත් ප‍්‍රාදේශිය ලේකම් කියයි.
පසුගිය 29 වැනිදින අනුරාධපුර ධර්මාලංකාර විහාරස්ථානයේදි සාධාරණය සදහාවු ජනපවුර මගින් සංවිධානය කොට තිබු අනවසර ඉඩම් හිමි රුස්විමකට අනාරාධනයෙන් ගිය අනුරාධපුර නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාස සහ ප‍්‍රාදේශිය ලේකම් විජේසිංහ පිරිසක් හු කිවේ යයි කියන සිද්ධියකට දෙපාර්ශයම විසින් අනුරාධපුර පොලිසියට සිදුකළ පැමිණිලි අනූව දෙපාර්ශයම පොලිසියට ගෙන්වා සමථයකට පත් කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලන්න අහන්න තියෙන්නෙම දේශපාලන කතා විතරක්නේ. කවද්ද මේ නාඩගම් නවත්වල වැඩ පටන් ගන්නේ? (ර)
අනවසර ඉඩම් අල්ලාගෙන ඉන්නව මදිවට කෙලින් රාජකාරී කරන නිලධාරීන්ට මරණීය තර්ජනත් කරනවා (ම)
වැඩ ආවරණය කරන ප්‍රාදේශීය ලේකම් ගේ ස්වභාවය රටම දැක්කා . නුසුදුසු නිළදාරීන් පත්කරාම වෙන්නේ මේ දේ... (ර)
අපෝ එයා ප්‍රාදේශීය ලේකම්කමට තියා ගමේ මරණාධාර සමිතියක ලේකම්කමටවත් සුදුසු නැහැ. ඒක එයාගෙ හැසිරීමෙන් මුළු රටම දැක්කා (බ)