අනුරාධපුර නගරයේ ආයුර්වේද රෝහල ඉදිරිපිට පදික වේදිකාවේ අනවසරයෙන් වෙළදාම් කළ වෙළඳුන් සියයකට අධික පිරිසක් අද(24) අනුරාධපුර මහනගර සභාව ඉවත් කළේය.
එම අවස්ථාවේ බහින්බස් විමක් හා ගුටි බැට හුවමාරුවක් ද සිදුවිය.
දිර්ඝ කාලයක් තිස්සේ මෙම වෙළදුන් අනවසරයෙන් මෙම ස්ථානයේ වෙළදාමේ නිරතවිම නිසා රෝහලට යන එන පදිකයන් දුෂ්කරතාවයකට පත්වන හෙයින් ඔවුන් ඉවත් කිරිමට පියවරගත් බව අනුරාධපුර නාගරික කොමසාරිස් රෝහණ ධර්මදාස මහතා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එඩිතර තීරණ ගන්නා රාජ්‍ය නිළධාරියෙක්. ආඩම්බරයි ඔබ ගැන. (නි)
මේ අය ඉවත් කළා වගේම සුදුසු තැනක් බලා ඔවුන්ව ස්ථානගත කිරීමට හැකි නම් තවත් හොඳයි. මොනවා වුණත් මොවුන් තම පවුල් නඩත්තු කරන්නේ මේ කරන වෙළඳාම මඟින්. (නි)
නීතිය ඉදිරියටම ගෙනයන්න (නි)
ඉතා හොඳ වැඩක්. (නි)
අනවසර කඩ ඉවත් කිරීම හොඳයි (නි)
ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඇතිව මේ මිනිසුන්ටත් සාධාරණයක් වෙන ආකාරයේ දෙයක් වෙනවානම් හොදයි. මේ හැමදේම කරන්නේ ජිවිතේ ගොඩ නගා ගන්නනේ.(ම)
ඉතා හොඳ ක්‍රියාවක් (නි)
අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. මේ අනවසර වෙළෙන්දන් සෑම රෝහලක් අසලම ඉන්නවා, ඒ වගේම වැඩි දෙනෙකුට දේශපාලන සම්බන්ධතාවයන් තියෙනවා. වැඩි දෙනෙක් විකුනන්නේ අපිරිසිදු ආහාර.(ම)
ජීවත් වෙන්න කියලා පාර හැමතැනම වෙළඳාම් කරන්න බෑනේ . අනෙක පුදුම කරදරයක්. ඉස්සර කොළඹ ලස්සනට තිබුණා දැන් ආයෙත් පාරක යන්න බෑ . අපට මොනවහරි ගන්න ඕනනම් අපි එතනට යනවා. බලෙන් ඇඟේ ගහන්න අවශ්‍ය නෑ. (බ)
ලංකාවෙ අය හිතන්නේ ඕන තැනක විකුනන්න පුළුවන් කියලයි. මෙය බටහිර රටවල තහනම් රජයට බද්දක නොලැබෙන නිසයි. (බ)
අනවසර පදිකයන් පදිංචිකරුවන් ඉදිකිරීම් ඉවත් කිරීම රටපුරාම ඉක්මනින්ම කළ යුතුය ඉතාම හොද වැඩකි (ම)
කෙනෙකුගේ ජීවන රැකියාව වුවද ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් කළයුතුම දෙයක්. (නි)