අනුරාධපුර නගරයේ පාසල් පහක් විහාරස්ථාන 10ක් හා පූජා නගරය ආශ්‍රිත පෙදෙස් ජලයෙන් යටවෙමින් පවතී.
අද (21) දහවල් නිකුත් කළ තොරතුරු අනුව අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 6500ක පුද්ගලයන් 30000 ක් පමණ විපතට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මල්වතු ඔයට යාබද හරිස්චන්ද්‍ර පිටිය ඉදිරිපිට ඇති හමුදා රෝහලත් ඒ අසල අනුරාධපුර මැදි විදුහලද ගංවතුරින් යටවිය. හමුදා රෝහලේ රෝගීන් අනුරාධපුර රෝහලට මාරු කිරීම ඇරඹිණි. රෝහල අසල ඇතැම් ස්ථානවල අඩි 4,5ක් පමණ ගංවතුර මට්ටම ඉහළ ගොස් ඇත. යළි වැසි පටන් ගැනීම නිසා ගංවතුර තවත් වැඩිවෙතියි නගර වැසියෝ කියති.
වෙනදා බස් ගිය පාරේ අද බෝට්ටු යාත්‍රා කරයි. මෑත කාලයේ අනුරාධපුරයට මෙවැනි ජල ගැල්මක් සිදු නොවීය. 1956 දී අනුරාධපුර සිංහ කණුව අසල අඩි 10කට ආසන්න ගංවතුර ගලා තිබුණි.
අතුල බණ්ඩාර
මනුල වික්‍රම
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපුර ගංවතුර නඟී : 30,000 ක් අවතැන්
ධනුෂ් Sunday, 21 December 2014 01:11 PM
අනේ අපොයි (නදී)