IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අපු‘ර ගින්නකින් වෙළඳසළකට - වගාවන්ට හානි

( බී.ජී. චතුරංග)

අනුරාධපුර ජයන්ති මාවතේ, දෙකේ කණුව ආසන්නයේ ඇති පුරන් කුඹුරු යායකට කිසියම් අයකු ගිනි තැබීමේ හේතුවෙන් අද (17) දහවල් එම මාර්ගය ආසන්නයේ ඉදි කර තිබූ  පලතුරු වෙළෙඳ සලක්, බෝග වගාවන් කිහිපයක් විනාශයට පත්ව, වන සතුන්ද ජීවිතක්ෂයට පත් විය.

අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සේවකයින්   පැමිණ ගින්න පැතිරී යාම වලක්වා පාලනය කිරීමට කටයුතු කළේය.

දැඩි සුළං තත්ත්වය සහ වියළි  කාලගුණය හේතුවෙන් ගින්න  සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබූ අතර එම ගින්නෙන් අක්කර 30 ක ට වැඩි භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව  තිබුණි.  

ගිනි ගැනීම් තත්ත්වය  නිසා  ඇති වූ අධික රස්නය සහ දැඩි දුමාරය හේතුවෙන් ජයන්ති මාවතේ  රථ වාහන ගමනා ගමනයට සම්පූර්ණයෙන්  බාධා මතු වූ අතර  රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කර වීමට පොලිස් රථ වාහන අංශ නිලධාරීහු  මෙහිදී කටයුතු කළහ.



අදහස් (0)

අපු‘ර ගින්නකින් වෙළඳසළකට - වගාවන්ට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site