අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, මොරගොඩදී පාසල් සිසුවකුට වල් අලියකු පහරදීමේ සිද්ධියත් සමග අනුරාධපුර-කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීහු සිදුකළ උද්ඝෝෂණය අද පස්වරු 1.20 ට පමණ අවසන් විය.
පැය 7ක පමණ කාලයක් පාර අවහිර කරමින් මාර්ගයේ වාඩිවී සිදුකළ උද්ඝෝෂණයට ප්‍රදේශයේ විහාරාධිපති රාජාංගණයේ සද්ධාතිස්ස හිමි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, වනජීවී දෙපාර්තමේන්තුවේ හා පොලිසියේ නිලධාරින් පැමිණ සාකච්ඡා කිරීමෙන් පසුව වල් අලි සැරිසරන ප්‍රදේශවල තේක්ක ගස් කපා ඉවත් කර වල් අලින්ට යාමට පාර අවහිර කිරීමට කටයුතු කිරීමේ එකඟතාවය මත විරෝධතාකරුවෝ විසිර ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් අපේ සමහර ඇත්තෝ හිතන්නේ මිනිස්සු මැරිලා අලි ජිවත් වෙන්න ඕනා කියලනේ..ඔහොමම තව කාලයක් යද්දී ලංකාවේ අගනුවරත් අලි ආක්‍රමණය කලොත් තමයි සමහරුන්ට මේ අලි උවදුර පිළිබද වැටහෙන්නේ.. කොහොමත් අපේ එවුන්ට වඩා අලින්ට මොළේ වැඩිපුර තියන බව පැහැදිලියි..(ම)