උතුරු මැද පලාත් සභා මහ ඇමැති ඇතුළු ඇමතිවරු ආණ්ඩුකාරවරයා සහ ප‍්‍රධාන ලේකම් ඇතුළු සියලු අමාත්‍යංශ ලේකමිවරුන්ට අඟහරුවාදා (31) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට උතුරු මැද මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැදිගේ මහතා අද (30) නියෝග කළේය. දුන් මෙම නියෝගය අධිකරණ නිලධාරියෙකු මගින් වගඋත්කරුවන්ට අද (30) බාර දෙන ලෙසද අධිකරණයේ රෙජිස්ටාර්වරියට නියෝග කළේය.
රජයේ සහ උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රසම්පාදන (ටෙන්ඩර් පටිපාටිය) නියමය උල්ලංඝනය කර රජයේ ඉදිකිරීමි කොන්ත‍්‍රාත් දේශපාලන හිතවතුන්ට අයථා ලෙස ප‍්‍රදානය කරමින් මහ ඇමති ඇතුළු අය රජයේ මුදල් අවභාවිතා කරන බවට චෝදනා ගොනු කළ පෙත්සමක් අනූම මේ පියවර ගැනිණි.
ජ්‍යෙෂ්ඨ නීතිවේදී කරුණාරත්න හේරත් මහතා මෙම පෙත්සම මහාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පළාත් ශාඛාවේ සභාපති අනුරාධපුර ලෝහිත කන්ට‍්‍රක්ෂන්ස් ආයතනයේ අධිපති ජී.ජී.ලෝහිතරත්නගේ පැමිණිල්ලක් අනූවය.
ප‍්‍රධාන ඇමති පේෂල ජයරත්න, ආණ්ඩුකාර පී.බී.දිසානායක, අමාත්‍යවරුන් වන පුංචිබංඩා රත්නායක, කේ. එචි. නන්දසේන, එස්. එම්.රංජිත්, එචි. බී. සේමසිංහ, ප‍්‍රධාන ලේකම් කේ. ඒ. තිලකරත්න, පළාත් වාරිමාර්ග ඉඩම් ග‍්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලෙක්ම් පී. කේ. ජයලත්, ප‍්‍රධාන අමාත්‍යංශයේ ලේකම් අනෝමා මානෙල්, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන සහ ලේකම් කීර්ති ගමගේ වග උත්තර කරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මහින්දගේ මිනිස්සු වෙන්ඩ ඇති???(රේ)
මින් පසු "මේ කරුණට" අදාලව එසේ නොකරන ලෙස අවවාද කරන්න. ඒ අවවාද කිරීමත් වසර දෙකක විතර ඈත දිනයක නැවැත කැඳවා කරන්නේ නම් මැනවි. ජනතා කැමැත්ත තමයි මේ. (ර)
මම මේ නොදන්නා හින්දයි අහන්නේ. මෙහෙම මුළු සභාවම එකට උසාවියට කැඳවන්න පුලුවන්ද? (නි)