(හර්ෂණ තුෂාර සිල්වා/ ඡායාරූප - ඉෂාන් සංජීව)
ජී.එස්.පී ප්ලස් සහනය හිමිවීමත් සමඟ මෙරට ආර්ථිකය අපනයන මූලික කරගත් ආර්ථිකයක් බවට පත් කිරීමේ අවස්ථාව උදා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද (17) පැවැසීය.
දේශීය වෙළෙඳපොළෙන් මිදී අපනයන මූලික කරගත් ආර්ථිකයක් වෙත ගමන් කරමින් රටේ ගෙවුම්ශේෂ අර්බුදය විසඳාගත හැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සාම්ප්‍රදායික අපනයනවලට අමතරව තවත් අපනයන කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද කීවේය.
‘‘දකුණු ආසියාව අද වන ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය බවට පත්වෙලා. වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නම් කාන්තා සහභාගීත්වය හා අන්තර් සහයෝගිතාවය වර්ධනය විය යුතුයි. වර්තමානයේ කලාපයේ කාන්තා සහභාගීත්වය තිබෙන්නේ අඩු මට්ටමක. ආර්ථික අවකාශයේ තිබෙන කාන්තාවන්ට තිබෙන අවස්ථාව සහ කාන්තාවන්ගේ සහභාගීත්වය තිබෙන්නේ ඉතා පහළ මට්ටමක. දැන් තිබෙන තත්ත්වය බැලූවාම කාන්තා සහභාගීත්වය පස් ගුණයකින්වත් වර්ධනය විය යුතුයි. ආර්ථික වර්ධනය ළඟ කරගැනීමට නම් කාන්තා සහභාගීත්වය අත්‍යාවශ්‍යයි‘‘ යැයි ද අගමැතිවරයා එහිදී පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් බතල හිටවනවා.
බලයට ආපු දවස ඉඳන් කලයුතුයි, යුතුයි යුතුයි පමණයි. මෙතුමාගේ විදේශ සවාරිවලටනං අඩුවක් නැත. නමුත් කරපු දෙයක්නං නැහැ.
ඇමති හර්ෂම කියල තිබුන නේද ඔය ජි.එස්.පි. තව වසරයි තියෙන්නේ ඊට පස්සේ යුරෝපා සංගමය ජි.එස්.පි ක්‍රමය නවත්වනවා කියල. එතකොට අවුරුද්දකට පස්සේ අපනයනය කරන්නේ කාටද? අපනයන ආර්ථිකයකට ගිහින් රටට අවශ්‍ය අනික් හැමදෙයක්ම ගෙන්නන්න ආනයන වියදම වැඩි උනාම (දැනටම හල, පරිප්පු, සිනි, පොල් පවා වැඩි හරියක් රටින්නේ ගේන්නේ) කොහොමද ඔය ශේෂය පියවෙන්නේ?
හා අපි කරන්නම්. ඔබතුමාලා වාහන ආනයන කර කර ඉන්න.
ඉන්දියාවට මොනවාද අපනයනය කරන්න තියෙන්නේ?
ස්තුතියි ජනපති මෛත්‍රිපාල මහතාට හා අගමැති රනිල් මහතාට
මුලින්ම අපේ ඇමති මණ්ඩලේ අපනයනය කරමු. එතකොට ආර්ථිකේ නිකම්ම හරියාවි.
අපේ රටේ අපනයනය කරන්න තියෙන්නේ ඉතා සීමිත භාණ්ඩ කීපයක් පමණයි. ඊට වඩා අප යොමු විය යුත්තේ ආනයනය සීමා කිරීමට සහ ඒවාට ආදේශක අපේ රටේම නිපදවීමටයි. ආනයන සහ අපනයන වියදම් බැලුවම ඕන කෙනෙක්ට එක තේරෙනවා.
ගල් අගුරු බලාගාර තවදුරටත් හදනවනම් සුදුසුම ස්ථානය වන්නේ හම්බන්තොට. මොකද ඉදිරියේදී කර්මාන්ත ගොඩක් හම්බන්තොට ඉදිවන නිසා විදුලිය විශාල ප්‍රමාණයක් හම්බන්තොටට උවමනා වේවි . අනික වෙනත් තැනක නිපදවා ගෙනගියොත් හානිය විශාල වීම සහ ප්‍රවාහන විදුලි මාර්ග ඉදිකිරීමට විශාල මුදලක් වැයවීම. අනික් ප්‍රධානම කාරණය වෙන්නේ ලංකාවේ ගිනිකොන දිගට වෙන්නට ( හම්බන්තොට වැනි) බලාගාරයක් ඉදිකළහොත් එමගින් නිරිත දිග හා ඊසාන දිග මෝසම් දෙකේදීම දුම මගින් වන හානිය අවම වීම. ( දුම ඉක්මනින්ම රටෙන් ඉවත් වීම). අනික හම්බන්තොට වරායෙන් ගල් අගුරු ප්‍රවාහනය පහසු වීම.
අගමැතිතුමනි රටක් අපනයනයෙන් නියම ප්‍රතිපල ලබාගන්න නම් ශක්තිමත් සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරික පන්තියක් සහ පුහුණු ශ්‍රමිකයන් සිටිය යුතුය , මේ ආණ්ඩුව පත්වන විට ව්‍යාපාරික බැංකු ණය සඳහා පොලි අනුපාතය තිබුනේ 7%- 10% අතර අද තිබෙන්නේ 17%-19% අතර අද සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට නව ව්‍යාපාර ආරම්භ කරන්න හෝ තිබෙන ව්‍යාපාර පුළුල් කරන්න බැහැ ,විශාල ලස්සන ගොඩනැගිලි සහිත ශ්‍රමිකයන් පුහුණු කරන ආයතන රට පුරා තිබුනත් එහි පුහුණුව ලබා පිටවන ශ්‍රමිකයින්ගේ ප්‍රමිතිය ඉතා අවමය . ඔබතුමා නිතර යන එන යුරෝපයේ සහ දියුණු රටවලට කියන්න අපට ණය ආධාර එපා කරුණාකර එක රටකින් අපට වෘත්තිය පුහුණු උපදේශකයන් 10 බැගින් දෙන්න කියල . ඔවුන්ට කියල අපේ රජයෙන් පාලනය වන වෘත්තීය පුහුණු ආයතන නිසිලෙස සකසා ගන්න .ව්‍යාපාරික ණය සදහා පොලි අනුපාතය 7% කරන්න , වෙනස අවුරුදු 2- 3 ඇතුලත දැනේවි
අවුරුදු 16 කට කලිනුත් මෙතුමා මේකම කිව්වා මට මතකයි. මැතිවරණයට කලින් බුද්දික එක්ක සිරසේ තිබුන සම්මුක සකචචාව මතකද? මැරෙන්න කලින් ඔය කියන දේවල් වෙනවනම් ලොකු දෙයක්.
යන එකනම් හොඳ බව කවුරුත් දන්නවා. එත් ඉතින් ගමන පටන් ගන්නම තව උපාධි කියක් ගහන්න වෙයිද? අපිත් ඉතින් දැන් වැටෙයි දැන් වැටෙයි කියල බලාගෙන පස්සෙන් යනවා.
නිශාන්ත ඔබේ අදහස ඉතාම වැදගත්. එත් මේ දේශපාලුවන්ට ඕනේ ඕව කරන්න නෙමෙයි , ඔවුන්ගේ කුට්ටිය ලොකුවට ලැබෙන දේ කිරීම පමණි . රටට හෙන ගැහුවත් කමක් නැහැ . දැන් අවුරුදු 2 ටත් වැඩිය ගෙවුන , මොනවද රටට කලේ ? ඩොලරයේ මිල වැඩි කළා, රටේ තිබුණු විදේශ වත්කම් හීන කළා, හිරේ හිටපු කොටි එලියට දැම්ම, හමුදා සොල්දාදුවෝ ඇතුලට දැම්ම , මහා බැංකුව කොල්ල කෑව, මොවුන් කෝටිගණන් මුදල් උපයා ගත්ත, සැප වාහන ගත්ත ....
ගරු අගමැතිතුමනි, ඉක්මනින් අලුත් ව්‍යාපාර කිහිපයක් හෝ ඇති කරන්න. රැකියාවන් ලක්ෂයක් කෙසේ වෙතත් ලක්ෂ 3 ක්වත් දෙන්න. මහනුවර සහ උතුරු අධිවේගී මාර්ගය ඉක්මනින් ගොඩනගන්න. ආර්ථික සංවර්ධන වේගය වැඩි කරන්න. මධ්‍යම ව්‍යාපාර, කුඩා කර්මාන්ත සඳහා මීට වඩා ණය පහසුකම් දෙන්න.
යුරෝපයෙන් , ජපානයෙන් ඉල්ලා ගන්න සහ කොපි කරන්න ඕනේ ඔවුන්ගේ දැනුම සහ සහ ආර්ථිකය හසුරවන ආකාරය , දැන් යුරෝපයේ සමහර රටවල් වලට ආර්ථික ප්‍රශ්න තිබෙනවා , යුරෝපේ රටවල් තුන්වන ලෝකයේ රටවලට දෙන ආධාර වලින් වැඩි හරියක් , තුන්වන ලෝකයේ රටවල දේශපාලකයෝ හොරකම් කරන බවට කතිකාවක් යුරෝපයේ ඇතිවී තිබෙනවා ප්‍රධාන වශයෙන් මෙම කාරණ දෙක නිසා 80 , 90 දශක වලදී වගේ යුරෝපේ රටවල් තුන්වන ලෝකයේ රටවලට විශාල වශයෙන් නය ආධාර දීම සිදු කරන්නේ නැහැ , නමුත් විවිධ ශේත්‍ර වල ඔවුන්ගේ දැනුම ආධාර වශයෙන් ඉල්ලුවොත් ඔවුන් අනිවාර්යයෙන් උදවු කරනවා , එමීර් රාජ්‍යය , කටාර් ඇතුළු අරාබි රටවල් වල නගර නිර්මාණ , ගුවන් තොටුපලවල මෙහෙයුම් , ලොකු කොම්පැනි වල කළමනාකරුවන් සහ උපදේශකයන් වශයෙන් සේවය කරන්නේ බොහෝවිට යුරෝපා ජාතිකයෝ , ලංකාවේ නගර නිර්මාණ , වෘත්තිය පුහුණු , කසල බැහැර කිරීම වැනි අවශ්‍යතා සදහා යුරෝපයේන පළපුරුදු උපදේශකයන් මුදල් ගෙවා හෝ ලබාගැනීමට කටයුතු කල යුතුය