හර්ෂණ තුෂාර සිල්වා
ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ආසන්න වශයෙන් රුපියල් මිලියන 51ක මුදලක් ලබාදීමට යුරෝපා කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව මෙරට පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහන සැලැසීම සඳහා යුරෝ 300,000ක (ඇස්තමේන්තු ගත ලෙස 51751296.36) මුදලක් ලබාදෙන බව කොළඹ පිහිටි යුරෝපා සංගම් කාර්යාලය සඳහන් කළේය.
“ආපදාවලින් වඩාත් විපතට පත්වූ පවුල්වලට සහන සැලැසීම සඳහා අපි මේ මුදල් අපේ සහකරුවන් වෙත යවනවා. යුරෝපා සංගමය ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ජනතාව සිටිනවා සහ ඔවුන්ට සහයෝගය ලබාදෙනවා” යැයි යුරෝපා සංගමයේ මානුෂීය ආධාර සහ අර්බුද/අවදානම් තත්ත්ව කළමනාකරණ කොමසාරිස් ක්‍රිස්ටෝස් ස්ටයිලියනයිඞ්ස් සඳහන් කර තිබේ.
පීඩාවට පත් ජනතාවගේ පානීය, සනීපාරක්ෂක ආදී මූලික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් යුරෝපා සංගමය මෙම අරමුදල් ප්‍රදානය කර තිබේ.
යුරෝපා සංගමයේ යුරෝපීය සිවිල් ආරක්ෂණ සහ මානුෂීය ආධාර මෙහෙයුම් වැඩසටහනේ කුඩා පරිමාණ ප්‍රතිචාර යාන්ත්‍රණය ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.
මේ අතර යුරෝපා සංගමයට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊට අනුබද්ධිත ආයතන, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ඇතුළු සංවිධානය, ඉන්දියාව, චීනය, පාකිස්තානය, ඕස්ටේ්‍රලියාවට හා රුසියාව ඇතුළු රටවල් රැසක් ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලැසීමට ඉදිරිපත්ව සිටියි.
ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 15 ක් මුදලක් ලබාදීමට තීරණය කර ඇතැයි මෙරට ඇමෙරිකා තානාපති අතුල් කේෂාප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබූ අතර ඉන්දියාව සහ චීනය ආපදා සහන රැගත් නෞකා තුන බැගින් මෙරටට එවීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd