රටේ ඇතිවී ඇති අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අද (30) පැවසීය.
ජනාධිපතිවරයා පැමිණි චොපරය නවතා තිබුණේ උත්සවය පැවති විද්‍යාලය අසළ පිහිටි ඉබ්බාගමුවේ වෙනත් පාසලක ක්‍රීඩා පිටියේය. උත්සවය අවසානයේ ජනපතිවරයා පිටත්ව යාමට චොපරය අසලට යන අවස්ථාවේදී එම විදුහලේ කුඩා දරුවන් පිරිසක් ඇමතීමටද අමතක නොකළේය. ඔවුන්ට ඇති ගැටළු සම්බන්ධයෙන් ජනපති විමසූ අවස්ථාවේදී තමනට වැසිකිළි නොමැතිවීම ගැන ඔවුහු කියා සිටියහ. ඒ අවස්ථාවේම විදුහලේ ගුරුවරයකුගෙන් විමසා සත්‍ය තත්ත්වය හෙළිකරගත් ජනපති සිරිසේන මහතා කඩිනමින් වැසිකිළි ගැටළුව නිරාකරණය කිරීමට කටයුතු යොදන බවට පොරොන්දුවී පිටත්ව ගියේය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාසල ලොකු පාසලක්.වැසිකිලි ප්‍රශ්නයක්..?අනේ මන්ද..(බ)
හිටපු ජනපති වගේම දරුවන් හුරතල් කිරීම හොඳ දෙයක් (බ)
කුඩා මිනිහගේ හැගීම් දැනීම් දැනෙන නායකයෙක්, ජනපති තුමනි, ඔය අනෙක් අයවගේ ලස්සනට උජාරුවට කියල යනව වගේ නැතුව ඒ වැසිකිලි පහසුකම් ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ලංකාවේ පාසල් 9000 කින් 2500 කට විතර පානිය ජලය සහ වැසිකිලි පහසුකම් නැත,මේ ගැනත් සොයා බලනු මැනවි. (බ)
බොරු ශෝබන නැති නිහතමානී නායකයෙක්. මෙහෙම කෙනෙක් නම් හැමදාම හිටියත් කමක් නෑ. වැඩේ තියෙන්නේ මෛත්‍රී මහත්තයා දෙවැනි පාරවත් ඉල්ලන්නේ නෑ කියන එකනේ. එක තමයි මහත්මා ගුණය.(ම)
මෙච්චර ලොකු පාසලක් වෙලත් වැසිකිළි නැත්නම් අනෙක් දුෂ්කර පාසල් ගැන කියන්න දෙයක් නැහැ. අර පොඩි ළමයි කියන කල්ම ගුරුවරුන්ටවත් එම ගැටලුව ගැන අවබෝධයක් තිබුණේ නැතිද? (ම)
හිටපු ජනපති දරුවන්ට අමතරව මරුවනුත් හුරතල් කළා නේ. (නදී)
මේ ගැන රජයට ම දොස් කියා වැඩක් නැත අනිත් ජාතික පාසල් වලද හුඟක් වැඩ කෙරන්නේ දෙමව්පියන් ආදී සිසුන් හා ආධාරකරුවන් මගිනි මෙවන් උත්සහයක් වත් කර බැරි නං රජයට කියන්න. හැමදේම නිකන් දෙන මේ රට ඇත්තටම අශ්චාර්යමත් රටක්. රටවැසියන් හැටියට හැමදේම නිකන් ලැබෙනතුරු බල ඉන්නේ නැතිව තම උත්සාහයෙන් ලබා ගන්න බලන්න. (ම)
මේ වගේ පාසල් රැසක වැසිකිලි ප්‍රශ්න තිබෙනවා.මේ ගැන අවධානය යොමු කර බැලුවා නම් නේද හොද?(හේ)
වැඩේ කියන්නේ ජනාධිපතිතුමාට රටේ අනේකවත් ප්‍රශ්න තියෙද්දී මේ වගේ පොඩි පොඩි වැසිකිලි ප්‍රශ්නත් විසදන්ට සිදු වීම ගැනයි.(ම)