IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘අපිට වැසිකිළි නෑ‘ : සිසුහු ජනපතිට කියති

රටේ ඇතිවී ඇති අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අද (30) පැවසීය.

ජනාධිපතිවරයා පැමිණි චොපරය නවතා තිබුණේ උත්සවය පැවති විද්‍යාලය අසළ පිහිටි ඉබ්බාගමුවේ වෙනත් පාසලක ක්‍රීඩා පිටියේය. උත්සවය අවසානයේ ජනපතිවරයා පිටත්ව යාමට චොපරය අසලට යන අවස්ථාවේදී එම විදුහලේ කුඩා දරුවන් පිරිසක් ඇමතීමටද අමතක නොකළේය. ඔවුන්ට ඇති ගැටළු සම්බන්ධයෙන් ජනපති විමසූ අවස්ථාවේදී තමනට වැසිකිළි නොමැතිවීම ගැන ඔවුහු කියා සිටියහ. ඒ අවස්ථාවේම විදුහලේ ගුරුවරයකුගෙන් විමසා සත්‍ය තත්ත්වය හෙළිකරගත් ජනපති සිරිසේන මහතා කඩිනමින් වැසිකිළි ගැටළුව නිරාකරණය කිරීමට කටයුතු යොදන බවට පොරොන්දුවී පිටත්ව ගියේය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

_DSC0348 _DSC0358 _DSC0363 _DSC0383 _DSC0395 _DSC0448 _DSC0470 _DSC0509 _DSC0532 _DSC0569 _DSC0573



අදහස් (0)

‘අපිට වැසිකිළි නෑ‘ : සිසුහු ජනපතිට කියති

විජිත් Wednesday, 01 July 2015 03:41 AM

මේ පාසල ලොකු පාසලක්.වැසිකිලි ප්‍රශ්නයක්..?අනේ මන්ද..(බ)

:       0       0

දුමින්ද Tuesday, 30 June 2015 09:12 AM

හිටපු ජනපති වගේම දරුවන් හුරතල් කිරීම හොඳ දෙයක් (බ)

:       0       0

ශාමන්ත වෙල්ගම Tuesday, 30 June 2015 09:15 AM

කුඩා මිනිහගේ හැගීම් දැනීම් දැනෙන නායකයෙක්, ජනපති තුමනි, ඔය අනෙක් අයවගේ ලස්සනට උජාරුවට කියල යනව වගේ නැතුව ඒ වැසිකිලි පහසුකම් ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ලංකාවේ පාසල් 9000 කින් 2500 කට විතර පානිය ජලය සහ වැසිකිලි පහසුකම් නැත,මේ ගැනත් සොයා බලනු මැනවි. (බ)

:       0       0

නිතේෂ් Tuesday, 30 June 2015 09:25 AM

බොරු ශෝබන නැති නිහතමානී නායකයෙක්. මෙහෙම කෙනෙක් නම් හැමදාම හිටියත් කමක් නෑ. වැඩේ තියෙන්නේ මෛත්‍රී මහත්තයා දෙවැනි පාරවත් ඉල්ලන්නේ නෑ කියන එකනේ. එක තමයි මහත්මා ගුණය.(ම)

:       0       0

සුනිල් ගිකියනගේ Tuesday, 30 June 2015 10:10 AM

මෙච්චර ලොකු පාසලක් වෙලත් වැසිකිළි නැත්නම් අනෙක් දුෂ්කර පාසල් ගැන කියන්න දෙයක් නැහැ. අර පොඩි ළමයි කියන කල්ම ගුරුවරුන්ටවත් ‍එම ගැටලුව ගැන අවබෝධයක් තිබුණේ නැතිද? (ම)

:       0       0

කුමාර් Tuesday, 30 June 2015 10:44 AM

හිටපු ජනපති දරුවන්ට අමතරව මරුවනුත් හුරතල් කළා නේ. (නදී)

:       0       0

ප්‍රභාත් Tuesday, 30 June 2015 11:21 AM

මේ ගැන රජයට ම දොස් කියා වැඩක් නැත අනිත් ජාතික පාසල් වලද හුඟක් වැඩ කෙරන්නේ දෙමව්පියන් ආදී සිසුන් හා ආධාරකරුවන් මගිනි මෙවන් උත්සහයක් වත් කර බැරි නං රජයට කියන්න. හැමදේම නිකන් දෙන මේ රට ඇත්තටම අශ්චාර්යමත් රටක්. රටවැසියන් හැටියට හැමදේම නිකන් ලැබෙනතුරු බල ඉන්නේ නැතිව තම උත්සාහයෙන් ලබා ගන්න බලන්න. (ම)

:       0       0

අජන්ත Tuesday, 30 June 2015 11:43 AM

මේ වගේ පාසල් රැසක වැසිකිලි ප්‍රශ්න තිබෙනවා.මේ ගැන අවධානය යොමු කර බැලුවා නම් නේද හොද?(හේ)

:       0       0

සුසි Tuesday, 30 June 2015 11:55 AM

වැඩේ කියන්නේ ජනාධිපතිතුමාට රටේ අනේකවත් ප්‍රශ්න තියෙද්දී මේ වගේ පොඩි පොඩි වැසිකිලි ප්‍රශ්නත් විසදන්ට සිදු වීම ගැනයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 89 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 141 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site