IMG-LOGO

අපිට අවුරුදු 206යි

2016-11-20-ent-98

 

ජන කලාවන් පෝෂණය කොට රුක ගැනීම සිය ජීවන පරමාර්ථය කර ගත් ගෞරවපූර්ව ශ්‍රී ලාංකිකයන් අතර ලයනල් රන්වලයන්ට හිමිවන්නේ ප්‍රමුඛතම තැනක්, ලයනල් රන්වලයන්ෙග් 77 වැනි ජන්මදින සැමරුම වෙනුවෙන් මෙවරත් රන් සලකුණ ජන ගී ප්‍රසංගය පැවැත්වේ. මේ රන් සලකුණ ජන ගී ප්‍රසංගය ගැන සහන් රන්වල සමඟ හදසර කළ කතාබහයි.

 

රන් සලකුණ ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ?

2016-11-20-ent-97විශේෂයෙන්ම කියනවා නම් දේශීය සංගීතය ගැමි රසය නුතන පරපුරට සමීප කරන ප්‍රසංගයක් තමා මේ රන් සලකුණ ප්‍රසංගය තුළින් කරන්නේ. ඒ වගේම මෙය සෑම වසරකම අපි නොවැම්බර් 27 වැනිදාට පවත්වන හේතුව තමා මේ ජන සංගීතය රුක ගත් ලයනල් රන්වලයන් වන මගේ පියාණන්ගේ උපන් දිනය යෙදෙන්නේ නොවැම්බර් 27 වැනිදාට. ඒ නිසා තමා රන්වල බලකායේ අපි හිතුවේ එතුමාගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් සෑම වසරකම මේ රන් සලකුණ ප්‍රසංගය පවත්වන්න.

 

රන් සලකුණ ප්‍රසංගය තුළ ඇතුළත් අංග මොනවද?

ඔව්, මේ තුළ තියෙනවා ‘ගම අවුලඤ්ඤං’ ‘යුද්දෙටත් ඇවිත්’ ‘පොඩි අයට ජන ගී’ කියන අපේ රන්වල බලකාය තුළ තියෙන ප්‍රසංග වලින් තෝරා ගත් විශේෂ අංග සහ තවත් ජන ගී අංග කිහිපයක එකතුවක්. මොකද මේ තමයි අපේ ජන ගී ඇසුරෙන් නිර්මාණය වූ අංග, අපට ඕනේ මේ අපට අනන්‍ය වූ අපේ දේ ඉදිරි පරම්පරාවටත් දායාද කරන්න.

 

මෙවර රන් සලකුණ ප්‍රසංගය තුළ විශේෂත්වයක් තියෙනවද?

අනිවාර් යෙන්ම. මෙවර අපි මේ රන් සලකුණ  ප්‍රසංගය පවත්වන්නේ රන්වල බලකායට වසර 206 ක් කියලා.

 

රන්වල බලකායට වසර 206 ක්?

ඔව්. හිතාගන්න බැහැ නේද? හැබැයි කොහොමද වසර 206 ක් වෙන්නෙ කියලා හරියටම දැනගන්න නම් එන්න වෙනවා රන් සලකුණ ප්‍රසංගය බලන්න. මොකද එදාට තමා අපි ඒ ගැන කියන්නේ.

 

හරි අපි පැවැත්වෙන තැන සහ වෙලාව කියමු එහෙනම්?

නොවැම්බර් 27 සවස 3.30ට සහ 6.30ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී තමා මෙවරත් අපි රන් සලකුණ ප්‍රසංගය පවත්වන්නේ.

 

රන්වල බලකාය මගින් පවත්වන ප්‍රසංග ඔබ විදෙස් රටවලදීත් පවත්වනවනේ. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මෑතකදී අපි කළ ප්‍රසංගයක් ගැන මතක් කළොත් මේ මාසෙම මුල මම ඇතුළු අපේ කණ්ඩායම ඉතාලියේදී යුද්දෙටත් ඇවිත් කියන ප්‍රසංගය පැවැත්තුවා. ඇත්තටම අපි හිතුවටත් වඩා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම කියන්න ඕනේ අපි නම් ආයේ කවදාවත් ලංකාවේ පදිංචියට නම් යන්නේ නෑ කියලා තීරණ අරන් විදෙස් ගත වෙලා හිටිය බොහෝ පිරිසක් මා එක්ක කතා කරලා කිව්වේ මේ ප්‍රසංගය බලද්දී ආයේ ලංකාවට යන්න ඇත්නම් කියලා හිතුණු බව අපේ දේ වටිනාකම දැන් තමා අපිට තේරෙන්නේ කියලා. ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දී අපිටත් සතුටුයි මොකද අපි රට රටවල් අතරට අරගෙන යන්නේ අපේ ජන සංගීතය නිසා.

 

ඔබේ ඉදිරි වැඩසටහන් ගැනත් මතක් කරමු?

මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 12 වැනිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී අපි පවත්වනවා අපෙන් අභාවයට යන සංස්කෘතික ප්‍රසංගයක් සුවිසි විවරණ කියලා. ඒ තුළ බුදුගුණ ගායනා, වාදන නර්තන අංග ඇතුළත් මේක අපි පවත්වන්නේ රන්වල බලකායේ ඇරයුමෙන් දෙහිමඩුව පරපුරේ ශිල්පීන් එක්ක, ඒ වගේම කියන්න ඕනේ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ පවත්වන්නේ, 12 වැනිදා සවස් කාලයේ සිට පසුදා පහන් වනතුරු මේ අත්දැකීම ශ්‍රී ලාංකික ඔබට දකින්න ලැබෙන දුර්ලභ අවස්ථාවක් වේවි. ඉතින් මම හදසර අවස්ථාවක් කරගන්නවා දෙසැම්බර් මාසේ 12 වැනිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට එන්න කියන ඇරයුම ඔබට කරන්න.

 

අනූෂා රණසිංහ

 

2016-11-20-ent-99



අදහස් (0)

අපිට අවුරුදු 206යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site