
(සුජිත් හේවාජුලිගේ)
ජනපති අපේක්ෂකයන් වැඩි පිරිසක් ජාතික රූපවාහිනියෙන් සහ ගුවන් විදුලි සංස්ථාවෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ගැනීමට මෙතෙක් ලොකු උනන්දුවක් දක්වා නැතැයි වාර්තා වේ.
රූපවාහිනී සංස්ථාවෙන් ඊයේ වනවිට ගුවන් කාලය ලබාගෙන කතා පටිගත කරගෙන තිබුණේ අපේක්ෂකයන් පස් හය දෙනකු පමණක් බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
අපේක්ෂකයන් කිහිප දෙනෙකු ගුවන් කාලය අවශ්‍ය නැතැයි ප්‍රකාශ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් අපේක්ෂකයන් 38 දෙනාගෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත්තේ 15 දෙනෙකු පමණක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.
ඇතැම් අපේක්ෂකයන් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීම පවා නොහැකි වී ඇති බව නිරීක්ෂණ සංවිධාන ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd