විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් රටේ දෙමළ ජනතාවගේ ජාතික ගැටලුව විසඳා ගත නොහැකි වුවහොත් තවත් වසර ගණනාවකදී රට බරපතල අර්බුදයක් කරා ගමන් කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය පළාත් සභා ගොඩනැගිල්ලේ පැවැති ෆෙඩරල් යෝජනාව මාධ්‍යයට නිකුත් කිරීමේ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
මෙම මාධ්‍ය සාකච්ඡාවට ප්‍රථමයෙන් උතුරු පළාත් සභාවේ අනුමත කරගත් ෆෙඩරල් යෝජනාව පළාත් සභාපති සී.වී.කේ.සිවඥානම් ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍යට නිකුත් කැරිණි.
‘අපි මේ යෝජනාවලියේ කිසිදු වචනයක මේ රට බෙදන අදහසක්වත් නෑ. අපේ අදහස වන්නේ මේ රටේ ඒකීය භාවය අනුව උතුරු නැගෙනහිර එකතුකොට එකම පළාතක් වශයෙන් වෙන් කිරීමත් අනෙක් පළාත් වෙන් කිරීමේදී පළාත් කීයක්ද කියලවත් අපි කිව්වේ නැහැ. සිංහල දේශපාලඥයින් ඒක තීරණය කරයි. ඒ වගේම විශේෂ බලයකුත් අපි උතුරු නැගෙනහිරට ඉල්ලුවේ නැහැ. වෙනම රාජ්‍යක් හෝ වෙනම රටක් කියලවත් අපි උතුරු නැගෙනහිරට ඉල්ලුවේ නැහැ‘ යැයි එහිදී අදහස් දක්වමින් සිවඥානම් කීවේය.
එහිදී අදහස් දැක්වූ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
‘‘ඒකීය රාජ්‍යක බලය ඔක්කොම එක තැනක තියාගෙන ඉන්නේ. ඒක අපි පිළිගන්නේ නැහැ. එක්සත් ශ්‍රී ලංකාවක අපේ මේ බලය පුළුවන් තරම් බෙදිය යුතුයි. එහිදී ප්‍රධාන බලයන් තියාගත්තට කමක් නැහැ ආරක්ෂාව, වරාය, ආගමන විගමන වගේ දේවල්. ඒ නිසා අපි සිංහල ජනතාවගෙනුත් ඉල්ලීමක් කරන්නෙ අපේ යෝජනාව අපි ඉදිරිපත් කරල තියනවා ඒක පිළිගත්තොත් අපිට සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම සම්බන්ධන් මහත්තයගෙ නායකත්වය යටතේත් විග්නේෂ්වරන් මහත්තයගේ නායකත්වය යටතේ මේ ගැටලුවට තීන්දුවක් ගන්න බැරිවුණොත් තවත් අවුරුදු 10කට 15 කට පස්සේ මේ රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියනවා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් තාම මට්ටු වෙලා නැහැ (බ)
නිම්මි, මේ අය මට්ටු වෙලාත් නැහැ.අපි මට්ටු වෙලාත් නැහැ.(හේ)
ඔබතුමාල තමයි ප්‍රශ්න අැතිකරන්නේ.ජනතාවට සාමය නැතිකරන්නේ ඔබතුමාල.සිංහල ජනතාව ගැන ප්‍රභාකරන් කියලා තිබුණ විදිය වැරදි බව තමිලිනී දැනගත්තේ මහරගම හොස්පිටල් එකේදී.කපටි කමින් හැමදේම ගන්න හරිම තීක්ෂණයි.සිංහල ජනතාව හොද වැඩියි එ්කයි හේතුව (බ)
තව අවුරුදු 15 කින් තවත් ගොරවන කෙනෙක් මැරුන තැනක් බලාගත හැකිවෙයි (බ)
එහෙම එකක් තිබුණත් නැතත් ශ්‍රී ලංකාවට පෙඩරල් ක්‍රමයක් අවශ්‍ය නැහැ. රට බෙදීමට හෝ ප්‍රාන්ත නිර්මාණයක් කිසිලෙස සිදු කරන්න දෙන්නෙත් නැහැ (නි)
දෙමල මිනිස්සුන්ට වෙනම තියෙන ප්‍රශ්න මොනවාද?. අපිට තියෙන ප්‍රශ්නම නේ තියෙන්නේ. (ර)
අදහසක් දැන් නැතිවුණාට පස්සේ ඇතිවෙයිද දන්නෙ නැහැනේ (නි)
මේ මිනිස්සු මේ කියන දේ අනෙක් අතට වෙනස් කරන්න හරි දක්ෂයි. මේ වගේ මිනිස්සු තව දුරටත් බලයේ රැදුනොත් ඉතින් අවුරුදු 10-15ක් යන්න කලින් අහිංසක දමිල මිනිසුන්ට වැලේ වැල් නැතුව යාවි. (අ)
උතුරු නැගෙනහිර එක පළාතක් හැටියට වෙන් කරනවා කියන්නේ රට බෙදන එක නොවෙයිද? ඉතිරි පළාත් ගැන සිංහල දේශපාලකයින් තීරණය කරයි කියන එකෙන් හැඟෙන්නේ ජාතිවාදී බෙදීමක් කියන එක නොවෙයිද? (නි)
එන පොට හොඳ නැහැ, කතාකරන්නත් කවුරුත් නැහැ (නි)
මොවුන් මට්ටු කරකර හිටියොත් තව අවුරුදු 10ක් 15ක් යනවිට පෙනෙයි මොවුන්ගේ වැඩ (නි)
මේ රටේ සමහර සිංහල දේශපාලකයන් බලපෙරේත වුණාට හැම සිංහලයෙක්ම එසේ නැහැ. සිංහල ජාතිය අවුරුදු දහස් ගණනක් රැකුණේ ඇස්,ඉස,මස්,ලේ, ජීවිත පුජාවෙන්. ඉදිරියටත් අපි ලැහැස්තියි. නමුත් නැවතත් පටන් ගතහොත් දෙමළ බස කතාකරන හැම කෙනෙකුටම සිංහල ප්‍රදේශ අත්හැරදා යාමට සිදුවේවි. (නි)
කතාවක් තියෙනවා 'ඔලුව දාගන්න දුන්නහම ඇඟත් ඇතුළට දාගන්න පුළුවන්' කියලා. මේ යෝජනාවේ තියෙන්නේ ඔලුව දැමීමේ කොටස විතරයි. (නි)
සිවාජිලිංගම් මහත්තයෝ,උතුරු නැගෙනහිර එකතුකොට එකම පළාතක් වශයෙන් වෙන් කිරීමෙන් කිසිම කෙනෙකුගේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ.මේ රට පළාත් වලට කඩලා පාලනය කරන්න තරම් විශාල රටක් නවෙයි.ඔය අදහස තියෙන්නේ තමන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු කර ගන්න හදන ඔබතුමා,විග්නේෂ්වරන් ඇතුළු මහලු දේශපාලකයන් කිහිපදෙනා අතර විතරයි. (බ)
අනෙක් පැත්තෙන් කන අල්ලන්න වගෙයි. කරුණාකර ඔබල රට ගිනිතියලා මාරුවේවී එ්ත් දුක් විදින්නේ අහිංසක සිංහල, දෙමල, මුස්ලිම් මිනිසුන් බව අමතක කරන්න එපා. මේ මනස්ගාත නැතුව ජනතාවට සේවයක් කරන්න දැන්වත්. (බ)
තව අවුරුදු 10 කින් 15 කින් වෙන්නේ මොකක්ද කියලත් බලමුකෝ (නි)
තව අවුරුදු 100 කින් ඉස්සරහට එනතුරු ඇතැමෙක් බලාගෙන ඉන්න පාටයි. (නි)
බලයට රට වෙළදාමට (බ)
බලයට රට වෙළදාමට (අ)
තවම ගෙනාපු මල්ටිබැරල්, මිග් එහෙම තියනවානේ මහත්තයෝ. අවුරුදු දහය, පහළොවකදී තව අලුත් ඒවාත් එනවා. (නි)
ඉන්දියාවේ එක ප්‍රාන්තයක් තරම් රටකට පළාත් සභා ක්‍රමය බලෙන් පැටෙව්වෙත් ඉන්දියාවම තමා. ඕ ගොල්ලෝ ඔක්කොටම අමතක වෙලා මුතුන් මිත්තෝ කණ්ඩායම් වශයෙන් දුම්කොළ වගාවට සහ තේ වගාවට ලංකාවට ආව බව. අන්තිමට හිටිය ඉන්දීය සම්භවයක් ඇති ලක්ෂ පහකටත් පුරවැසි කම දුන්න. අනික කුළුබඩු ගන්න සේද මාවත හරහා ලංකාවට ආව මුස්ලිම්වරුන්ටත් අමතක වෙලා සිංහල කන්තවොන්ගෙන් බිහිකරපු පරපුරකට රටේ කොටස් ඉල්ලන්නේ කියල. මේක වෙනස් කරන්න තිබුනේ මහින්ද රාජපක්ෂ යුද්දය ඉවර කරපුදාට පහුවෙනිදා. අපිට මොන පළාත් සභාවක්ද. පුළුවන් එකෙක් රටේ පවතින නීතියට ගරු කරලා එක කොඩියක් යට එක ධජයක් සහ එක රාජ්‍ය භාෂාවක් යටතේ යටතේ හිටපියව්. නැත්නම් අපු අතක් බලාගෙන පලයව් තවත් යුද්ද ගැන කතා කරන්නේ නැතුව. සිංහලුන්ගේ ඉවසීමේ සීමාවක් තියනවා. 83 ට එහා ගිය විසඳුමක් එන බව මහක්කරන්න ඕන . දේශ පාලුවන්ටත් අමුඩේ ගහගන්න වෙන්නේ එදාට තමා. (අ)
තවත් අවුරුදු 100 ඉස්සරාට හිතුවොත් පෙඩරල් කිරීම හොඳයි, මන්ද තව අවුරුදු 100 සිංහල ජනගහනයට වඩා තවත් අයෙක් ඉස්සරාට එයි. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව බලය වැඩි කොටසට. අන්න එතැනදී ලොකු ගැටලුවක් මතුවෙයි. උතුරු නෙගනහිර ඒකාබද්ධ කරලා අනිත් පළාත් සභාවල් එක්කිරීමෙන් ඕක වලක්වා ගත හැකී. මම කියනදේ නුවන තියන අයට තේරෙයි (බ)
ඒකීය රාජ්‍යක් තුළ සම්පත් සමානව බෙදීයන ආකාරයට මිස වෙනත් යමක් උවමනා නැහැ. අපේ රටේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් මිසක් වෙනම පාලනයක අවශ්‍යතාවයක් නොවෙයි. (නි)
නැවතත් රට අරාජික කරන්න දඟලන්න එපා. නායකයෝ කියාගන්න නුඹලා යුද්ධයක් නැවතත් පටන් ගත්තොත් වෙන රටකට යාවි. එ්ත් බැටකන්නේ අහිංසක සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන් බව අමතක නොකරන්න. (නි)
රට බෙදන්න කියලා කෙළින්ම ඉල්ලන්නේ නැහැ. නමුත් බෙදෙනවා. අැයි දැන් මේ තියෙන විදිහට මොවුන්ට සාමයෙන් අපිත් එක්ක ඉන්න බැරිද? (නි)
මේ අය වහෙන් ඔරෝ කියන්නේ නැවත යුද්දෙකට යනවා කියල නේද? (බ)
මේ රටේ හැමදාම මහින්ද මහත්තයා වගේ මිනිස්සු ඉන්න ඕනෑ මේ මිනිසුන්ව ලංකාවේ ජාතික කොඩිය යට තියාගන්න. නැත්නම් ඉතින් දැන් පේනවනේ? ලංකවේ සිංහලයාට කොච්චර හොඳ කළත් හැමදාම වෙනස තමා ඕනෑ වුණේ. එ්ක හොඳද නරකද කියලා බලන්නෙ නැහැ (නි)
රට බෙදන අදහස දැනට ඇතුලත් නොකළේ උතුර නැගෙනහිර වෙන් කරනවට සිංහල මන්ත්‍රී වරුන්ගේ කැමැත්ත එකපාරම නොලැබෙන නිසයි. (හේ)
ඔව් නුවන් මටත් තේරෙන අන්දමට නැවත යුද්ධයකට රට ගෙනියන්න හදන්නේ මොකද කොහොමත් මේ අය යුද පිටියට යන්නේ නැහැ යුද්දෙදි මැරෙන්නෙත් නැහැ අහිංසක කොල්ලෝ ටික බිල්ලට දීලා තවත් කාලයක් වැජබෙන්න තමයි මෙයාලගේ අදහස (හේ)