‘අද අලුත් සංස්කෘතියක් ගැන කථා කරනවා. නමුත් අපේ සංස්කෘතිය තමයි එදත් යූඇන්පී විරෝධී. අදත් යූඇන්පී විරෝධී‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සමුළුව බණ්ඩාරගමදී අමතමින් පැවසීය.
එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරලා දමා මහින්ද රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් බිහිකිරීමෙ අරමුණු කරගනිමින් පැවැති එම රැස්වීමට ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, ඩිලාන් පෙරේරා ඇතුළු මහත්වරු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා විශ්‍රාම ගන්න. රටට ජාතියට කරන ලොකුම සේවය (අ)
අපේ සංස්කෘතිය ගැන කතා කරලා අපිව අවුස්සා ගන්න එපා. ඔයා ගැන තොරතුරු අපි හොඳට දන්නවා. නුවර අගමැති මන්දිරේ පාවිච්චි කල හැටි, කරපු දේවල්, තොන්ඩමන් කරපු උදව්, ගත්ත උදව් ගැන අහගන්න එපා. නම්බුව තියාගෙන හිටියොත් හොඳයි. ජනතාවාදී ආණ්ඩුවකට වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා. (නදී)
අනේ නිකම් බොරුවට දොඩවන්නේ නැතිව ඉන්න. ඔබතුමා අගමැතිවෙලා ඉන්න කාලේ කරපු දෙයක් නැහැ. මහින්ද කියන කියන එකට එහෙයි, එහෙයි කිය කියා සිටියා මිසක්. දැන් ආසන ක්‍රමයට ඉල්ලුවොත් ඇපත් නැති වේවි. බලන්න ප්‍රේමදාස මහත්තයා, මහින්ද මහත්තයා අගමැති වෙලා ඉන්න කොට කරපු වැඩ කොටස. (නදී)
ඇත්ත කියන කොට හංස පැටව්ට හිතට හරි නැහැ වාගේ නේද ? (ම)
මේ වගේ හන මිටි කාරයෝ නිසා පක්ෂ වලට බෙදී කුලල් කා ගන්න එක නතර කරන්න බැහැ. අවසානයේ දුක් විදින්නේ ජනතාවයි. ජනතාව මේ පක්ෂ වලට බෙදිලා කරන කාකොටා ගැනීම් දැන්වත් නවත්වන්න තීරණය කල යුතුයි. (නදී)
83 ජාතිවාදී කෝලාහල, යාපනය පුස්තකාලය ගිනිතැබීම, රටට මත්කුඩු හදුන්වාදීම, 88/89 භීෂණය, බටලන්ද වදකාගාර, දකුණු ආසියාවේ ලොකුම වැට්බදු වංචාව, මහා බැංකු මහා වංචාව, මේවත් මතකද මේ අයට ? (නදී)
මෙයාගේ පවුලේ සහෝදරයෝ ඉන්නවාද? මෙයාට සලකන්න කෙනෙක් නැත්ද? මෙයා "තරුණ කාලේ" සැහෙන්න වැඩ ටිකක් කළා මතකද? (නදී)
රට හදන අය ප්‍රථමයෙන් දරුවන් කීකරුකල යුතුයි නේද?අපේ හාමුදුරුවනේ.(නදී)
අනේ යන්න රනිල් මහත්තයෝ යන්න. ඔය කපටිකම් අපිට හොදට තේරෙනවා. අරහෙනුත් ලකුණු දාගෙන මෙහෙනුත් ලකුණු දාගන්න. (අ) .
අනේ අම්මප මේ මනුස්සයට මෙච්චර නාකි වෙලත් පාඩුවේ පිනක් දහමක් කරගෙන ඉන්න කට වහගෙන ඉන්න බැරි හැටි.ඇති වැඩකුත් නෑ(අ)
දැන් හොරණ ආසනේ මිනිස්සුන්ට වැඩක් කරන කෙනෙකුට ඉඩ දීල ඉවත් වෙන්න. හොරණ මිනිස්සුන්ටත් සතුටින් ඉන්න ඉඩ දෙන්න. පාරක් වත් හරියට හදා දෙන්න බැරි වුණා.දැන් එනවා බණ කියන්න.(බ)
අනේ සීයේ බන පොතක් කියවන්ඩ. ඔබේ සේවය අපට එපා.(අ)
අපොයි මෙයාලගේ සංකල්ප ? යු.එන්.පී විරෝධි මොන පදනමින්ද ධනවාදයට විරුද්දව ආපු ඔයාලා ඒකාධිපති ව්‍යවස්ථාවක් හදන්න ලැජ්ජ නැතුව අත ඉස්සුව අය නේද? බලය ගන්න විතරයි තමුන්ගේ යු.එන්.පී විරෝධි බව තියෙන්නේ. ලැජ්ජයි. (අ)
මේ වගේ පාට වලට මුවාවෙලා රට විනාශයට යවන්නේ නැතුව දැන්වත් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන හිටියොත් හොඳයි කියල මේ සීයලට හිතෙන්නේ නැද්ද දන්නේ නෑ. තවත් විෂබීජ දාල මිනිසුන්ගේ සිත් වනසන්නේ නැතුව. කොහොම නමත් දයාබර ඡන්දදායකයිනි මට නම් හිතෙන්නේ, ඔබ සැමගෙන් ඉල්ලන්නේ ඔය දේශපාලන අවස්ථාවාදීන්ගෙ බොරු රැවටිලිවලට මුලාවෙලා කටයුතු නොකර බුධිමත්ව සිතා බලා යහපත් යථාර්තවාදී පිරිසක් පාර්ලිමේන්තුවට යවන්ට සිතට ගනිමු. පාට මොක වනත් අපට වැඩක් නැහැ. (අ)
මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ජනාධිපති කරේ යුන්පී එක තමයි. යුන්පීය නොතිබුනානම් එතුමත් අද වැලිකඩ හිර ගෙදර. ජරා ජීර්ණ දේශපාලනයේ තෝතැන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. හැමදාම පවුලක් හදපු පක්ෂයක්. නිකං නයට කහින්න නැතුව පාඩුවේ පිනක් දහමක් කර ගෙන ඉන්න.(අ)
දැන්වත් දේශපාලනෙන් අයින් වෙන්න.. එක තම රටට කරන ලොකුම සේවය. මෙයා අවරුදු ගාණක් අගමැති කම් කළාට මොකද හොරණ- කොළඹ මාර්ගයවත් හදාගන්න බැරි වුණා හරියට. (අ)
එකම කුරුල්ලෝ එකම අත්තේ (ම)
මේවට පස්ස පැත්තෙන් හිනා යනවා. විහිලු සපයනන් මෙදා ගෙදර අරිමු. (අ)
සෙෘදියෙ ඉන්න ෂාන් මොනවද දන්නෙ රත්නසිරි මහත්තය ගැන. කළුතර අපි දන්නව එතුමා සතයක්වත් වංචා නොකරපු බව. සංජීව කියන දේ හරියටම හරි. අනිත් එක බණ්ඩාරල හිතන් ඉන්නෙ මහින්ද එක්ක ඉන්න ඔක්කොම හොරු කියල හා යූ එන් පී සියළුදෙනා පිරිසිදු අය කියලා. මේ දෙකම වැරදි බව සමහර අයට නොතේරීම ජාතියේ අවාසනාව (නදී)
හොඳම දේ හොඳ දේට එකඟ වෙලා නරක දේට විරෝධී වෙන එක(අ)
අවසාන කාලෙවත් හොඳින් හිටියෝත් හොදා (අ)
මේවගේ ප්‍රකාශ/බෙදීම් නිසා තමයි මේ ලංකාව අරාජික තත්වයට පත්වෙලා තියෙන්නේ. අපිට පක්ෂ බෙදීම අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ, රටේ යහපත තකා වැඩ කිරීමයි. ඉදිරි පරපුරට මෙවැනි අදූරදර්ශී ආදර්ශ නොදීමට අප කව්රුත් වගබලා ගතයුතුය.(නදී)
මෙයා රටට කළ දෙයක් දෙයක් තියනවද.
රත්නසිරි ව්ක්‍රමනායක කියන්නෙ දේශපාලනයෙන් සතයක්වත් හම්බ කරපු කෙනෙක්නම් නෙමෙයි.. තමන්ගෙ ඉඩකඩම් අක්කර සිය ගානක් දුප්පත් මිනිස්සුන්ට බෙදා දීල ගම්මාන ඇති කරපු කෙනෙක්. හොරණ මිනිස්සු ඒව දන්නවා. ඒවා දැන් ඉන්න දේශපාලන හොරුන්ට හොද ආදර්ශ. හැබැයි එතුමා රටට දැනෙන්න කරපු දේවල් නම් ගොඩක් අඩුයි. (නදී)
මුං හරියට පාර මාරුවෙන එක්තරා කොට්ඨාසයක් වගේ. හතර වටේ යනවා.(බ)
දැන් යන තැනකට පිනක් දහමක් කළොත් නරකද ? (බ)
වයසින් මුහුකුරා ගියත් හරි දේට එකග වෙන්න බැරි නම් රටට කරන අයහපතක්. (ම)
හොරු කවදත් කඩේ ගියේ හොරුන්ටම තමා දැන් මෙයාලට තියන අමාරුව මහජන මුදල් ගසා කාලා ඉහලින් සැප විඳින්න නැති එකට නැතිව රටට ජනතාවට ආදරේට නෙවේ මෙයාලත් මහින්ද එක්කම කුණු කුඩේට යනවා ලගදීම (බ)
මෙයා දන්න, මෙයා කරන, මෙය කියන එකම දේ තමයි ඔය. යූ.එන් පී විරෝධී.කළුතර දිස්ත්‍රික්කයේ වැඩි පිරිසක් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ නිසා අනුපාත ක්‍රමයට පින්සිද්ද වෙන්න මෙයාලත් දිනනවා. හැබැයි මෙදා සැරේ ඉල්ලුවොත් නම් ගෙදරම තමයි යන්න වෙන්නේ. (බ)
මෙතුමා අවුරුදු 12 ක් ලංකාවේ පළමුවැනි පුරවැසියා ලෙස සිටිමින් හොරණ ආසනය නියෝජනය කළා. ඒ වුනාට හොරණට තාම ස්ථිර බස් නැවතුම්පලක් නැහැ. ඒක අපිරිසුදු ජලය සහිත මඩවලක් වෙලා. පහසුකම් සහිත රෝහලක් නෑ. කියන්න කණගාටුයි එහි අඩුපාඩු වලින් අඩුවක් නම් නැහැ. හොරණ නගරය මේ වැහි දවස් වල හරිම අපිරිසිදුයි. නගරයේ කුණු ගෙනත් දාන්නේ සති පොළ පිටුපස පාර දිගේ. අසල් වාසීන් ට මදුරු මැසි උවදුර නිසා පීඩාව වැඩිවෙලා. ජනතාවගේ ප්‍රශ්න ජනතාවටම තමයි විසඳ ගන්න වෙලා තියෙන්නේ. (අ)
මේ වෙලාවේ රටගැන ආදරයක් ඇති නම් කළයුතු හොදම දෙය මෙයයි (අ)
දශක 3 කට පමණ පෙර මෙයාගේ පස්සෙන් බෙල්ලන්විල පැත්තේදී අලියෙක් ඇවිල්ල ජරමරයක් වණාලු (අ)
නිදහස් අධ්‍යාපනය මේ රටට උරුම කළ පක්ෂයට නේද මේ යක්කු මේ විරෝධය පළ කරන්නේ (බ)
සහතික ඇත්ත.කට්ටියට හොඳටම රිදිලා. (බ)
මී විතකින් ගත උණුසුම් වුවද . සිත උණුසුම් වේදෝ මා,,දැන් මහලු වියේ (බ)
ඔබ තුමාට හොඳ බුලත් විටක් දෙන්නද ? (නදී)
මහින්දට එන්න කියල බලකරන සන්ධානයේ මන්ත්‍රීන් කීපදෙනෙක් සංවිධානය කරන පෙළපාලියට හොඳට සල්ලි විසිකරනවා කියලා ආරංචියි . මේ සල්ලි කොහෙන්ද කියලත් හොයලා බැලුවනම් හොදයි නේද ? (ම)
ශ්‍රී ලංකා එක ඒ.ජා.ප මහ ගහෙන් කපා ගත් අත්තකින් පැලවූ එකක් බව අමතක උනාද ?ඉතිං මහ ජාන නේද ඒකෙන් හැදුන පැලේ තියෙන්නෙත් ?(නදී)
තිලිණි ඔයා කියන තරම් අඩුපාඩුනම් නැත හොරණ .. පොල පිටිපස්සේ කතාවනම් මාත් පිළිගන්නවා.(ම)
රටේ තිබිච්ච යුද්ධය අමතක කට්ටිය තමයි අපේ සමහර කට්ටිය. මැරුණත් නියම මිනිස්සු රට පාවා දෙන්නේ නැහැ. (නදී)
උපුල් වැනි දේශපාලකයෙක් මෙහෙම් දෙයක් කිවුවට මම පුදුම නොවෙමි ඔබතුමාගේ යුඇන්පී විරෝධයෙන් අපට ඇති පලය කුමක්ද ? කිසිම හරයක් නැති සම්පප්‍රලාප දෙඩීම ඔබතුමා වැනි හිටපු අගමැති වරයෙකුට සහ පරිනත දේශපාලකයෙකුට වටින්නේ නැත (බ)
මේගොල්ලෝ කරන හැම එකටම අරගොල්ලෝ විරුද්ධයි, අරගොල්ලෝ කරන හැමදේටම මේගොල්ලෝ විරුද්ධයි. ඔය සංස්කෘතිය නිසා රට ඉදිරියට යන්නේ නැහැ.(ම)
මෙතුමා කියන අපේ සංස්කෘතියට මේ ටිකත් එකතු වුනානම් නරකද? වංචා දුෂණයෙන් තොර, සුදු වෑන්වලින් තොර, කුඩු දේශපාලකයන්ගෙන් තොර, ජාතිවාදයෙන් තොර,වියරු බල තන්හාවෙන් යුක්ත දේශපාලකයන්ගෙන් තොර, ඒ වගේම ඔය කියන ධනවාදී දේශපාලකයන්ගෙන්ද තොර අපේ සංස්කෘතිය කීවානම් වඩාත් නිවැරදි විය හැකිය.(නදී)
ටින් මාළු ලංකාවේ ඒකාධිකාරිය තියෙන්නේ කාටද දන්නවද ? (නදී)
මේ අපේ වියදමෙන් ඉන්න ගරු ජෙෂ්‍යඨ ඇමති තුමා නේද? (නදී)