IMG-LOGO

අපු'ර කමිසුරු හා ප්‍රාලේකම් ගිය රැස්වීමේ හූ හඬ

අනුරාධපුර නගරයේ නාගරික වැසියන්ට සිදුව ඇතැයි කියන අසාධාරණයට එරෙහිව අද අනුරාධපුර නව නව නගරයේ ශ්‍රී ධර්මාලංකාර පන්සලේ ආරම්භ කළ ‘සාධාරණය සඳහා වූ ජන පවුරට‘ ආරාධනයක් නොමැතිව පැමිණි අනුරාධපුර නාගරික කොමසාරිස් හා අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් එහි සිටි අයට දොස් තැබූහ.

කුබ්චන්කුලම, වන්නියකුලම, පොන්නාරම්කුලම, වාන් ඇළ, බිහිරි හොරොව්ව, දුම්රිය රක්ෂිතය, හා වෙනත් ස්ථාන වල අනවසරයෙන් පදිංචි 100 කට අධික පිරිසක් එහි වූහ.

හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර මහතා එහිදී අනවසර පදිංචිකරුවන්ගේ ගැටලු වලට විසඳුම් ගැන කතා කරමින් සිටියේය.

පැමිණි නිලධාරීන් දෙදෙන පිළිගනු ලැබුණු අතර සභාව ඇමැතීමට නාගරික කොමසාරිස්වරයාට අවස්ථාව දුන්නේය.

මෙම සංවිධානය තවත් පිරිසකට මඩ ගැසීමට යොදාගත් සංවිධානයක් බව කොමසාරිස් කීවේය.ඒ අවස්ථාවේදී රැස්වීමේ සිටි පිරිස කෑකෝ ගසමින් කොමසාරිස්ට දොස් පැවරූහ.කොමසාරිස් එස්.එස්.රෝහණ සම්පත් ධර්මදාස මහතා පැවසූයේ ඇතැම් පුද්ගලයින්ගේ නම් ඉදිරිපත් කරමින් ඉතාම නින්දිත අයුරින් මඩ ගැසීම අශෝභන ක්‍රියාවක් බවයි.

ඒ අසළින් සිටි අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රකාශය හමුවේ සියලුදෙනා හූ කියන්නට වූහ.

සාධාරණය සඳහා වූ ජන පවුරේ සභාපති ජයලත් බණ්ඩාර මහතා කියා සිටියේ නගරයේ වෙසෙන ජනතාවට, ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන නිලධාරීන් පිළිතුරු සපයන්නේ මේ ආකාරයට බවය.

මේ ගැන නාගරික කොමසාරිස් ධර්මදාස මහතා පැවසූයේ තමාගේ නමට ලිපිගොනු සකස් කරමින් මඩ ගැසීමට ඒ අතර සිටි බොහෝ පිරිසක් කටයුතු කළ බවයි.

නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රදේශීය ලේකම් මෙම සිද්ධියෙන් පසු ලංකාදීපයට කතා කළේය.

තමා මරණ බවට මෙම සංවිධානය තර්ජනය කර ඇති බවත් තමාට මඩ පෝස්ටරයක් නිකුත් කිරීමට ඔවුන් සැරසෙන බවත්ය.

ප්‍රශ්නය - ඔබ මරා දමන බවට තර්ජනය කළ රැස්වීමට නේද ගියේ?

පිළිතුර - ඔව්.මා ගියේ ඒ ගැන අහන්නයි

ප්‍රශ්නය -  ආරක්ෂාවක් නැතුව නේද ගියේ?

පිළිතුර -  ඒ පන්සලේ හාමුදුරුවන් මා අඳුනනවා

ප්‍රශ්නය - මෙම රැස්වීමට ගියේ ආරාධනයක් අනුවද?

පිළිතුර -  ආරාධනයක් නැහැ.හැබැයි රැස්වීමට එන ලෙස කාටත් කොළ වගයක් බෙදා දුන්නා.මාත් එයින් කොළයක් ඉල්ලා ගත්තා.එය විවෘත ආරාධනයක් ලෙස සළකා එහි ගියා.

ප්‍රශ්නය - ඔබ එහි ගොස් කිසිවෙකුට බැන්නාද?

පිළිතුර - ඔව්.මෙය සංවිධානය කළ හාමුදුරුවන්ගේ ඔළුව පැලෙන්න ඕන.පණුවෝ ගහන්න ඕන කිව්වා.

රැස්වීමේ සිටි අය හූ කිව්වාද?

ඔව්.පිරිසක් හූ කිව්වා.ඉන්පසු අපි ආවා.එතැනට කාන්තාවන් ඇතුළු බොහෝ දෙනා කැඳවාගෙන ඇත්තේ රැවටිලිකාර විදිහටයි.

ප්‍රශ්නය - ඇයි එහෙම කියන්නේ?

පිළිතුර - ඉඩම් වල ප්‍රශ්න ඇති අයට ඔප්පු බෙදා දෙන බවක් කියලා තිබුණා.මේ සංවිධානය මා සමග තරහෙන් සිටිනවා.හේතුව නම් මා දන්නේ නැහැ.මගේ චරිතයට හානි කරනවා.අපි කොතරම් අහිංසක විදිහට වැඩ කරනවාද.ඇයි අපට මෙහෙම කරන්නේ? එහි සිටි සියයට 80 ක් දෙනා පසුව මා හමුවී එතැන වූ සිද්ධිය ගැන මගෙන් සමාවත් ගත්තා.

මොවුන් අනාරාධනයෙන් පැමිණීමෙන් පසු ඇතිවූ කලබලය නිසා රැස්වීම කඩාකප්පල් වූ බවත් තමන්ගේ අයිතිවාසිකම් රැකගැනීමට තිබූ අවස්ථාවක් අහිමිව ගිය බවත් සභාපති ජයලත් බණ්ඩාර මහතා පැවසුවේය.

IMG_0503 IMG_0504 IMG_0505 IMG_0506

IMG_0500 IMG_0501 IMG_0502

APURACONF-0529-01 APURACONF-0529-02



අදහස් (0)

අපු'ර කමිසුරු හා ප්‍රාලේකම් ගිය රැස්වීමේ හූ හඬ

අධීකාරි Monday, 30 May 2016 02:29 AM

ඇයි මේ සිංහලයන්ට ඉඩම් ලබා නොදෙන්නේ ? අනිත් සේරටම රන්බිම ඔප්පු බෙදනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 436 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site