IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපේ යාළු මාළුවෝ - 2

ශ්‍රී ලංකාවේ සිටින අතිශය දුර්ලභ මත්ස්‍ය විශේෂයන් අතර බන්දුල පෙතියා නමැති මාළුවාට ද හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ශ්‍රී ලංකාවට ආවේණික මේ කුඩා මාළුවා මෙරට හමුවන්නේ ද එක් ඇල මාර්ගයක පමණි. බන්දුල පෙතියා සොයාගනු ලැබුවේ 1990 වර්ෂයේ දී ය.

සත්ත්ව විද්‍යාත්මකව Pethiya bandula ලෙස මේ මාළුවා හැඳින්වේ. මාළුවා මුල්වරට සොයාගත් රංජිත් බන්දුල මහතා සිහිවීම පිණිස මේ මාළුවාට එම නම දී ඇත. සිංහල බසින් බන්දුල පෙතියා යන නමින් මෙන් ම ‘‘ජයන්තියා‘‘ යන නමින් ද හැඳින්වේ.

මේ මත්ස්‍යයාගේ විශේෂත්වය වන්නේ දැදිගම ප්‍රදේශයේ ගම්මාන තුනක් වූ හපුගොඩ, මිණිපුර හා හල්පිටිය හරහා ගලා බස්නා කුඩා ඇළක පමණක් ජීවත් වීමයි. එම ඇල මාර්ගය ගුරුගොඩ ඔයට එක්වේ. ගුරුගොඩ ඔයෙන් ගලායන ජල කඳ කැලණි ගඟට එක්වෙයි.

කුඩා සීමා සහිත ප්‍රදේශයකට සිමා වූ බන්දුල පෙතියා වඳවී යාමේ දැඩි තර්ජනයට ලක්ව සිටීම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශය සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කැර තිබිණි. මේ ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ ඔවුන් සංරක්ෂණය කිරිමේ කාර්යයේ දී මසුන් ආරක්ෂා කර බෝ කිරීමේ කාර්යය සඳහා ගම්වැසියන්ගේ ද සහාය සෘජුවම ලබා ගැණිනි.

තම ගමේ සිටින කුඩා මාළුවා මුළු රටට ම පමණක් නොව ලෝකයට ම සම්පතක් බව තේරුම්ගත් ගැමියෝ ස්වේච්ඡාවෙන් ම මේ සංරක්ෂණ කාර්යයට දායක වූහ.

සිරුරේ කෙලින් අතට පිහිටි පැහැදිලි ඉරි දෙකක් සහිත වැඩුණු සතකුගේ දිග අඟල් දෙකක් පමණ වේ. වරල, ගුද වරල හා යෝනි වරල් කළු පැහැයෙන් දක්නට ලැබෙයි.

වැලි සහිත පතුලක් ඇති පිරිසිදු ජලය බැස යන දිය පහරවල පත්ල ආසනන්නය තම වාසභූමිය කරගෙන ජීවත්වෙයි. 2003 දී බන්දුල පෙතියා සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරන විට මුළු ලෝකයට ම බන්දුල පෙතියන් සිටියේ 150ක් පමණ සුළු පිරිසක් යැයි මෙරට මාළු පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකළ මහාචාර්ය දේවක වීරසිංහ මහතා පවසයි.

එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස දැන් බන්දුල පෙතියන් 1500ක පමණ ඝනත්වයක එම දොළේ දක්නට ඇතැයි සත්ත්ව විද්‍යාඥයෝ කියති. ඒ අනුව පැහැදිලි වන්නේ බන්දුල පෙතියා සංරක්ෂණ ව්‍යාපෘතිය සාර්ථ්ක වී ඇති බවයි. දැන් හපුගොඩ ගම්මානයේ මේ ව්‍යාපෘතියට අදාලව තොරතුරු මධ්‍යස්ථානයක් ද ඉදිකැර ඇත.  

Puntius bandula 2=



අදහස් (22)

අපේ යාළු මාළුවෝ - 2

කුමාර් Thursday, 16 October 2014 09:30 PM

මේ මාළුවා පිටරටට (ගල්ෆ් වලට) එවනවා තායිලන්තයෙන් හා මැලේසියාවෙන්. (නි)

:       2       0

කන්තලේ එරික් විමලසිරි Saturday, 18 October 2014 04:44 AM

මේ මාළුවා කන්තලේ වෙන්දරාසන්පුර ඇළෙත් ඉන්නවා. (නි)

:       0       0

යසපාල Saturday, 18 October 2014 04:48 AM

ඉතා හොඳ කාර්යයක් ලංකාදීප. මෙය දිගටම කරගෙන යන්න (නි)

:       0       0

සජිත් Saturday, 18 October 2014 04:50 AM

බුලත් හපය කියන්නෙත් මේ මළුවට නේද ? (ස)

:       0       0

සජිත් Saturday, 18 October 2014 04:52 AM

මේ මාළුවෝ ඕනෑතරම් ඉන්නවා රත්නපුර කහවත්ත එන්දාන ගමේ දෙමෝදර අැලේ. (ස)

:       0       0

ගමගේ Friday, 17 October 2014 02:26 AM

කුමාර, ලංකාවට ආවේණික මාළුවෙක් කොහොමද වෙනත් රටක ඉන්නේ? (නි)

:       0       0

කපිල අතුකෝරල Saturday, 18 October 2014 05:02 AM

මේ මාළුවාට කියන්නේ ජයන්තියා කියලා (ස)

:       0       0

නාලක Friday, 17 October 2014 02:42 AM

සොයුරු කුමාර, ජලජ සත්වයන්ගෙන් මිනිසා සොයාගෙන ඇත්තේ සියයට පහකටත් අඩු ප්‍රමාණයක්. එක හා සමාන මාළුන් බොහොමයක් ඉන්නවා. මේ වගේම එහෙත් කිලෝ බාගයක් තරම මාළු විශේෂයක් මමත් යුරෝපයේ ආනයන වෙළඳ පොලේ දැක්කා. මේ මාළුවා අඟල් දෙකක් තරම් පොඩියි. ශරීරයේ දිග අතට කාල වර්ණ ඉරි දෙකක් තිබීම විශේෂත්වයක්. (නි)

:       0       0

තිලක් Friday, 17 October 2014 03:45 AM

මේ විශේෂඥයින්ට අභියෝග කරන්න මට දැනුමක් නැහැ. ඒත් මේ මත්ස්‍යයා රුවන්වැල්ල දෙහිඕවිට ප්‍රදේශයේ ඉන්නවා. සියලුම වර්ණ හා ලක්ෂණ සමානයි. පැහැදිලි ජලයේ වැලි සහිත පතුලේ ආහාර සොයමින් අඟල් තුන හතරක් දුර පිහිනා යළි යළිත් වැලි අතරට හොට ඇන ඇන යන මාළුවෙක්. අටුලුගම උතුර කන්දේ ඇළ හා කැලෑගම හීන් ඇළෙත් මහ ඇළෙත් ඉන්නවා. (නි)

:       0       0

අභය Friday, 17 October 2014 03:46 AM

මේ මත්ස්‍යයා කළුතර දිස්ත්‍රික්කයේ නෑබොඩ ගීකියනකන්ද වතුයායෙන් ගලන උඩෝවිට ඇලේ පාළමට ඉහළ සහ පහළ සිටිනවා. ඒ පැත්තේ මිනිස්සු මෙයාට කියන්නේ "ජයන්ති" කියලා (නි)

:       0       0

දිල්ෂාන් Friday, 17 October 2014 03:12 PM

අචිර වගේ කට්ටිය නිසා ස්වදේශීය මාළු වර්ග වඳ වෙලා යනවා. ඕස්ට්‍රේලියාවට නම් කිසිම රටකින් ශාකයක් හෝ සතෙක් ගෙන ඒම තහනම්. එයට හොඳ හේතු තිබෙනවා. (නදී)

:       0       0

විරාජ් Friday, 17 October 2014 04:31 AM

ලස්සන මාළුවෙක්! (නි)

:       0       0

වාසනා Friday, 17 October 2014 04:37 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

අචිර Friday, 17 October 2014 04:39 AM

මෙම මාළුවාට සමාන මාළු වගයක් ප්‍රදේශයේ ඇති ඇළකින් මම ඇල්ලුවා. එම මාළුවා රෝසි බාබා කියන මාළු වර්ගය සමඟ මුහුන් කර ඉතා ලස්සන මාලුවෙක් මා නිර්මාණය කළා. මාළු ඇතිකිරීම සිත සනසන විනෝදාංශයක් (නි)

:       0       0

තිලක් Friday, 17 October 2014 05:22 PM

ලංකාදීප සේවාවේ අගය මෙයින්ම පෙනෙනවා. මේක බලන බොහෝ දෙනෙක් තම තමන්ගේ ප්‍රදේශ වල ඉන්න සමාන සතුන් ගැන කරුණු පළකරන්න පටන් අරගෙන. පර්යේෂණ කරන අයට මෙය ලොකු මඟපෙන්වීමක්. සමහරවිට අපේ මාළු දත්ත පොත අලුතෙන් ලියන්න වේවි. (නි)

:       2       0

කුමාර Friday, 17 October 2014 05:41 PM

අදටත් ලෝකයේ වැඩිපුරම අලෙවිවෙන කොරල් පර වල විසිතුරු මාළුවන් අල්ලනේ ලංකාවෙන් . මේ ජාවාරම ගැන රටේ අවධානයක් යොමුවෙලා නෑ .(අ)

:       110       49

නිරෝෂණ Friday, 17 October 2014 06:00 AM

අපි මේ මාළුවට කියන්නේ බුලත් හපයා කියල. අල්ගම ඉන්නවා ඇලවල්වල. අල්ගමත් කෑගල්ල දිත්‍රික්කේ දැදිගම ආසනයේම ගමක්. (ස)

:       2       1

ලීල් ගුණවර්ධන Friday, 17 October 2014 06:52 PM

තිලක්ගේ කතාව මමත් අනුමත කරනවා.ලංකාදීපයට ස්තුතියි. ඒ වගේම වන ජීවින්, වනසම්පත්, මත්ස්‍ය සම්පත් රැකගැනීමට අපි සැවොම එක්විය යුතුයි (නි)

:       0       0

අනුරාධ දුල්රාජ් Thursday, 16 October 2014 06:21 PM

ඉතා හොඳ වැඩක්. ගම්වාසීන්ගේ හා කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ උත්සාහය ඉතාම වටිනවා (නි)

:       0       0

ලියනගේ Friday, 17 October 2014 08:04 AM

නිරෝෂණ, බුලත් හපයගේ කළු ඉරි 3ක් තියෙනවා, රතු ගතියත් වැඩියි, බන්දුල පෙතියගේ කළු ඉරි 2යි, රතු ගතිය අඩුයි. (ස)

:       0       0

දීපිකා Friday, 17 October 2014 08:23 AM

ඔය කියන ඇල පටන් ගන්නේ සුන්දර ගම්මානයක් වන රබ්බිඩිගල ගම් පියසින්. එම ඇලෙහි තමා බන්දුල පෙතියා සිටින්නේ. (ස)

:       0       0

ඌශන්තSunday, 18 August 2024 10:22 AM

මං දන්නෙ නෑ හරියටම මේ මාලුවාමද කියලා හැබැයි අපේ ගගේ එක හරියකත් මේ සමානම මාලු ඉන්නවා මං දැකලා තියෙනාවා. කලුතර දිස්ත්‍රික්කයේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site