ශ්‍රී ලංකාවේ සිටින අතිශය දුර්ලභ මත්ස්‍ය විශේෂයන් අතර බන්දුල පෙතියා නමැති මාළුවාට ද හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ශ්‍රී ලංකාවට ආවේණික මේ කුඩා මාළුවා මෙරට හමුවන්නේ ද එක් ඇල මාර්ගයක පමණි. බන්දුල පෙතියා සොයාගනු ලැබුවේ 1990 වර්ෂයේ දී ය.
සත්ත්ව විද්‍යාත්මකව Pethiya bandula ලෙස මේ මාළුවා හැඳින්වේ. මාළුවා මුල්වරට සොයාගත් රංජිත් බන්දුල මහතා සිහිවීම පිණිස මේ මාළුවාට එම නම දී ඇත. සිංහල බසින් බන්දුල පෙතියා යන නමින් මෙන් ම ‘‘ජයන්තියා‘‘ යන නමින් ද හැඳින්වේ.
මේ මත්ස්‍යයාගේ විශේෂත්වය වන්නේ දැදිගම ප්‍රදේශයේ ගම්මාන තුනක් වූ හපුගොඩ, මිණිපුර හා හල්පිටිය හරහා ගලා බස්නා කුඩා ඇළක පමණක් ජීවත් වීමයි. එම ඇල මාර්ගය ගුරුගොඩ ඔයට එක්වේ. ගුරුගොඩ ඔයෙන් ගලායන ජල කඳ කැලණි ගඟට එක්වෙයි.
කුඩා සීමා සහිත ප්‍රදේශයකට සිමා වූ බන්දුල පෙතියා වඳවී යාමේ දැඩි තර්ජනයට ලක්ව සිටීම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශය සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කැර තිබිණි. මේ ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ ඔවුන් සංරක්ෂණය කිරිමේ කාර්යයේ දී මසුන් ආරක්ෂා කර බෝ කිරීමේ කාර්යය සඳහා ගම්වැසියන්ගේ ද සහාය සෘජුවම ලබා ගැණිනි.
තම ගමේ සිටින කුඩා මාළුවා මුළු රටට ම පමණක් නොව ලෝකයට ම සම්පතක් බව තේරුම්ගත් ගැමියෝ ස්වේච්ඡාවෙන් ම මේ සංරක්ෂණ කාර්යයට දායක වූහ.
සිරුරේ කෙලින් අතට පිහිටි පැහැදිලි ඉරි දෙකක් සහිත වැඩුණු සතකුගේ දිග අඟල් දෙකක් පමණ වේ. වරල, ගුද වරල හා යෝනි වරල් කළු පැහැයෙන් දක්නට ලැබෙයි.
වැලි සහිත පතුලක් ඇති පිරිසිදු ජලය බැස යන දිය පහරවල පත්ල ආසනන්නය තම වාසභූමිය කරගෙන ජීවත්වෙයි. 2003 දී බන්දුල පෙතියා සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරන විට මුළු ලෝකයට ම බන්දුල පෙතියන් සිටියේ 150ක් පමණ සුළු පිරිසක් යැයි මෙරට මාළු පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකළ මහාචාර්ය දේවක වීරසිංහ මහතා පවසයි.
එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස දැන් බන්දුල පෙතියන් 1500ක පමණ ඝනත්වයක එම දොළේ දක්නට ඇතැයි සත්ත්ව විද්‍යාඥයෝ කියති. ඒ අනුව පැහැදිලි වන්නේ බන්දුල පෙතියා සංරක්ෂණ ව්‍යාපෘතිය සාර්ථ්ක වී ඇති බවයි. දැන් හපුගොඩ ගම්මානයේ මේ ව්‍යාපෘතියට අදාලව තොරතුරු මධ්‍යස්ථානයක් ද ඉදිකැර ඇත.
=
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාළුවා පිටරටට (ගල්ෆ් වලට) එවනවා තායිලන්තයෙන් හා මැලේසියාවෙන්. (නි)
මේ මාළුවා කන්තලේ වෙන්දරාසන්පුර ඇළෙත් ඉන්නවා. (නි)
ඉතා හොඳ කාර්යයක් ලංකාදීප. මෙය දිගටම කරගෙන යන්න (නි)
බුලත් හපය කියන්නෙත් මේ මළුවට නේද ? (ස)
මේ මාළුවෝ ඕනෑතරම් ඉන්නවා රත්නපුර කහවත්ත එන්දාන ගමේ දෙමෝදර අැලේ. (ස)
කුමාර, ලංකාවට ආවේණික මාළුවෙක් කොහොමද වෙනත් රටක ඉන්නේ? (නි)
මේ මාළුවාට කියන්නේ ජයන්තියා කියලා (ස)
සොයුරු කුමාර, ජලජ සත්වයන්ගෙන් මිනිසා සොයාගෙන ඇත්තේ සියයට පහකටත් අඩු ප්‍රමාණයක්. එක හා සමාන මාළුන් බොහොමයක් ඉන්නවා. මේ වගේම එහෙත් කිලෝ බාගයක් තරම මාළු විශේෂයක් මමත් යුරෝපයේ ආනයන වෙළඳ පොලේ දැක්කා. මේ මාළුවා අඟල් දෙකක් තරම් පොඩියි. ශරීරයේ දිග අතට කාල වර්ණ ඉරි දෙකක් තිබීම විශේෂත්වයක්. (නි)
මේ විශේෂඥයින්ට අභියෝග කරන්න මට දැනුමක් නැහැ. ඒත් මේ මත්ස්‍යයා රුවන්වැල්ල දෙහිඕවිට ප්‍රදේශයේ ඉන්නවා. සියලුම වර්ණ හා ලක්ෂණ සමානයි. පැහැදිලි ජලයේ වැලි සහිත පතුලේ ආහාර සොයමින් අඟල් තුන හතරක් දුර පිහිනා යළි යළිත් වැලි අතරට හොට ඇන ඇන යන මාළුවෙක්. අටුලුගම උතුර කන්දේ ඇළ හා කැලෑගම හීන් ඇළෙත් මහ ඇළෙත් ඉන්නවා. (නි)
මේ මත්ස්‍යයා කළුතර දිස්ත්‍රික්කයේ නෑබොඩ ගීකියනකන්ද වතුයායෙන් ගලන උඩෝවිට ඇලේ පාළමට ඉහළ සහ පහළ සිටිනවා. ඒ පැත්තේ මිනිස්සු මෙයාට කියන්නේ "ජයන්ති" කියලා (නි)
අචිර වගේ කට්ටිය නිසා ස්වදේශීය මාළු වර්ග වඳ වෙලා යනවා. ඕස්ට්‍රේලියාවට නම් කිසිම රටකින් ශාකයක් හෝ සතෙක් ගෙන ඒම තහනම්. එයට හොඳ හේතු තිබෙනවා. (නදී)
ලස්සන මාළුවෙක්! (නි)
ඉතා හොඳ ලිපියක් (නි)
මෙම මාළුවාට සමාන මාළු වගයක් ප්‍රදේශයේ ඇති ඇළකින් මම ඇල්ලුවා. එම මාළුවා රෝසි බාබා කියන මාළු වර්ගය සමඟ මුහුන් කර ඉතා ලස්සන මාලුවෙක් මා නිර්මාණය කළා. මාළු ඇතිකිරීම සිත සනසන විනෝදාංශයක් (නි)
ලංකාදීප සේවාවේ අගය මෙයින්ම පෙනෙනවා. මේක බලන බොහෝ දෙනෙක් තම තමන්ගේ ප්‍රදේශ වල ඉන්න සමාන සතුන් ගැන කරුණු පළකරන්න පටන් අරගෙන. පර්යේෂණ කරන අයට මෙය ලොකු මඟපෙන්වීමක්. සමහරවිට අපේ මාළු දත්ත පොත අලුතෙන් ලියන්න වේවි. (නි)
අදටත් ලෝකයේ වැඩිපුරම අලෙවිවෙන කොරල් පර වල විසිතුරු මාළුවන් අල්ලනේ ලංකාවෙන් . මේ ජාවාරම ගැන රටේ අවධානයක් යොමුවෙලා නෑ .(අ)
අපි මේ මාළුවට කියන්නේ බුලත් හපයා කියල. අල්ගම ඉන්නවා ඇලවල්වල. අල්ගමත් කෑගල්ල දිත්‍රික්කේ දැදිගම ආසනයේම ගමක්. (ස)
තිලක්ගේ කතාව මමත් අනුමත කරනවා.ලංකාදීපයට ස්තුතියි. ඒ වගේම වන ජීවින්, වනසම්පත්, මත්ස්‍ය සම්පත් රැකගැනීමට අපි සැවොම එක්විය යුතුයි (නි)
ඉතා හොඳ වැඩක්. ගම්වාසීන්ගේ හා කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ උත්සාහය ඉතාම වටිනවා (නි)
නිරෝෂණ, බුලත් හපයගේ කළු ඉරි 3ක් තියෙනවා, රතු ගතියත් වැඩියි, බන්දුල පෙතියගේ කළු ඉරි 2යි, රතු ගතිය අඩුයි. (ස)
ඔය කියන ඇල පටන් ගන්නේ සුන්දර ගම්මානයක් වන රබ්බිඩිගල ගම් පියසින්. එම ඇලෙහි තමා බන්දුල පෙතියා සිටින්නේ. (ස)