IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අපේ යාළු මාළුවෝ - 17

ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් අල්ලා කොළඹට ගෙන එන මේ රතු පැහැති ගල් මාළු විශේෂය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාව අවට මුහුදෙන් පමණි.

ගල් මාළුවකු ලෙස පොදුවේ හඳුන්වමින් දීර්ඝ කාලයක සිට පිටකොටුව ශාන්ත ජෝන් මාළු වෙළඳ පොළෙහි අළෙවි වී මේ මාළුවා නිවැරදිව ලෝකයට හඳුන්වා දුන්නේ ද මාළු වෙළඳ සැළේ දී වීම විශේෂත්වයකි. 1970 මැයි මස 03 වැනි දින මෙරටට පැමිණි ටී. ඉවමොටෝ නම් මහත්මයකු මෙවැනි මාළුවකු දැක මිලදී ගෙන ඇත. එම මාළුවා පිළිබඳ පළමු වාර්තාව තබා ඇත්තේ ඔහු විසිනි. ඉන් අනතුරුව වසර 21ට පසු මෙරටට පැමිණි මත්ස්‍ය විද්‍යාඥයකුවන බෙරි රසල් මහතා 1991 සැප්තැම්බර් මස 27 වැනි දින එම ස්ථානයේ දී ම ඒ වර්ගයේ තවත් මාළුවකු මිලදී ගෙන ඇත.

ඔහු මේ මාළුවා පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේ ප්‍රතිඵලය වන්නේ පිටකොටුවේ දී කිලෝ ගණනට අළෙවි වන රතු පැහැති ගල් මාළුවා ලෝකයේ එතෙක් හඳුනානොගත් සත්ත්ව විශේෂයක් බව තහවුරු වීමයි. මේ විශේෂය ඔහු විසින් පැරස්කොලොප්සිස් කැපිටිනිස් Parascolopsis capitinis ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම් කරමින් 1996 දී පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කැර ඇත.

එදා පිටකොටුවේ මාළු වෙළඳ සැළෙහි අලෙවි කිරීමට තබා තිබූ මත්ස්‍යයා මේ වනවිට ලෝකයට නව මත්ස්‍ය විශේෂයක සම්මත ආදර්ශයක් ලෙස ඇමෙරිකාවේ ජාිතක කෞතුකාගාරයේ තැන්පත් කැර ඇත.

Parascolopsis capitinis

 



අදහස් (0)

අපේ යාළු මාළුවෝ - 17

නුවන් Wednesday, 10 December 2014 06:31 AM

හොඳ වටිනා ලිපි පෙළක්. බොහොම ස්තුතියි (නි)

:       0       1

ජි නන්දන Wednesday, 10 December 2014 06:46 AM

නෑ මේ මාලුවා මෙහේ ඉන්නවා සුල්තාන් කියලා කියන්නේ.(හේ)

:       0       1

චන්ද්‍රසිරි Wednesday, 10 December 2014 08:05 AM

ත්‍රිකුනාමලේ මේ මාළු හරියට අහුවෙනවා අඩියක් විතර ඇති ලොකු මාලුවෙක් (දී)

:       0       1

සිරිපාල Wednesday, 10 December 2014 02:58 AM

මුගේ කොරපොතු අයින් කරන්න ගියාම තමයි මේ මාලුවගේ නෑදැයෝ සිහි වෙන්නේ (දී)

:       1       0

දිනේෂ් ගුරුදෙනිය Wednesday, 10 December 2014 03:37 AM

ප්‍රයෝජනවත් ලිපි පෙලක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 742 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site