ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ බහුලව දැකිය හැකි මත්ස්‍ය විශේෂයක් වන බලයා ආර්ථික වටිනාකමක් සහිත මාළුවෙකි. බල මාළු මෙරට වැසියන් අතර ජනප්‍රිය ආහාරයකි. එමෙන් ම උම්බලකඩ සෑදීම සඳහා යොදා ගන්නේ ද මේ මත්ස්‍ය විශේෂයයි.
ඉංග්‍රීසි බසින් ස්කිප්ජැක් ටූනා Scipjack Tuna ලෙස හඳුන්වන බලයා සත්ත්ව විද්‍යාත්මක ව කැට්සුවෝනස් පෙලමිස් Katsuwonus pelamis යනුවෙන් නම්කැර ඇත.
සාමාන්‍යයෙන් සිරුර දිගටිය. සම්පූර්ණයෙන් පරිනත මාළුවකු මීටරයක් පමණ දික්ව වැඩෙන නමුත් ලංකාව අවට මුහුදෙන් අල්ලා ගන්නා මසුන් වැඩි ප්‍රමාණයක් සෙන්ටි මීටර 80ට වඩා අඩු දිගින් යුතුය.
බලයා අයත්වන්නේ ස්කොම්බ්‍රිඩේ Scombridae කුලටයි. ලොව කරදිය මසුන් හෙවත් මුහුදේ සිටින මසුන් අතරින් වැඩිම ආර්ථික වටිනාකමක් සහිත මසුන් විශේෂ රාශියක් දක්නට ලැබෙන්නේ ස්කොම්බ්‍රිඩේ කුලයේය. ඒ අතරට බලයා, කෙලවල්ලා, තෝරා, අලගුඩුවා, ඇටවල්ලා, ඉරටවල්ලා හා කුම්බලාවා වැනි මත්ස්‍ය විශේෂ ස්කොම්බ්‍රිඩේ කුලයට අයත් වේ.
බලයා ස්කොම්බ්‍රිඩේ කුලයේ අනෙක් මසුන්ට වඩා ශරීරය තර්කරූපී හෙවත් දෙකොණ උල්වූ ස්වරූපයකින් යුක්තය. බලයාගේ සිරුරේ හරස්කඩ දළ වශයෙන් ගෝලාකාරය.
බලයාගේ පෘෂ්ඨීය වරළ හෙවත් පිටමත ඇති වරල් දෙක පැහැදිලිව වෙන්වී ඇත. පෞච්ඡ වරළට හෙවත් වලිගයට ඉදිරියෙන් හොඳින් වර්ධනය වූ ඉහළට නෙරාගිය දාරයක් දක්නට ඇත. සාමාන්‍යයෙන් බලයාගේ වරල් අඳුරු ස්වභාවයක් ගනී. එසේ වුව ද ගුද වරළ සුදු පැහැතිය. සිරුරේ කොරළ නැත.
බලයා හඳුනාගැනීමට පහසු ම ලක්ෂණය වන්නේ සිරුරේ පාර්ශ්විකව උදරීයව දික් අතට විහිදුණු රේඛා 4-6 ක් පමණ පිහිටා තිබීමයි. පිට දෙසින් අඳුරු නිල් පැහැයක් ගන්නා බලයාගේ උදර පෙදෙස රිදී පැහැතිය.
කුඩා මසුන්, දැල්ලන්, බූවල්ලන්, ඉස්සන් හා කකුළුවන් වැනි සතුන් ආහාරයට ගන්නා බලයා රංචු වශයෙන් ජීවත් වීමට දැඩි සේ ප්‍රිය කරයි. ගැඹුරු මුහුදේ මෙන් ම නොගැඹුරු මහද්වීපික තටාකයේ ද බහුලව දැකිය හැකි බලයන් දකුණු ඇමෙරිකාව, නැගෙනහිර අප්‍රිකාව, මැඩගස්කර දූපත්, ලක්දිව් දූපත්, මාලදිවයින, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අවට බහුලව හමුවේ.
හැඹිලි දැල, මරු වැල, බල දැල ආදිය යොදා ගනිමින් ගැඹුරු මුහුදේ දී ද වෙරළාසන්නයේ දී බිලී බෑමෙන් ද බලයන් අල්ලා ගැනීමට ශ්‍රී ලාංකික ධීවරයෝ පුරුදුව සිටිති.
අපේ යාළු මාළුවෝ - 01
http://www.lankadeepa.lk/index.php/articles/269354
අපේ යාළු මාළුවෝ - 02
http://www.lankadeepa.lk/index.php/articles/269724
අපේ යාළු මාළුවෝ - 03
http://www.lankadeepa.lk/index.php/articles/271330
අපේ යාළු මාළුවෝ - 04
http://www.lankadeepa.lk/index.php/articles/271559
අපේ යාළු මාළුවෝ - 05
http://www.lankadeepa.lk/index.php/articles/271675
අපේ යාළු මාළුවෝ - 06
http://www.lankadeepa.lk/index.php/articles/276731
අපේ යාළු මාළුවෝ - 07
http://www.lankadeepa.lk/index.php/articles/277013
අපේ යාළු මාළුවෝ - 08
http://www.lankadeepa.lk/index.php/articles/277332
අපේ යාළු මාළුවෝ - 09
http://www.lankadeepa.lk/index.php/articles/277576
අපේ යාළු මාළුවෝ - 10
http://www.lankadeepa.lk/index.php/articles/277886
අපේ යාළු මාළුවෝ - 11
http://www.lankadeepa.lk/index.php/articles/278262
අපේ යාළු මාළුවෝ - 12
http://www.lankadeepa.lk/index.php/articles/278845
අපේ යාළු මාළුවෝ - 13
http://www.lankadeepa.lk/index.php/articles/279668
අපේ යාළු මාළුවෝ - 14
http://www.lankadeepa.lk/index.php/articles/280139
අපේ යාළු මාළුවෝ - 15



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපිට හොඳ තත්වයේ කෙලවල්ලන් ලැබෙන්නේ නැත. හොඳ තත්වයේ කෙලවල්ලන් අපනයනය කර විදේශ විනිමය උපයනු ඇත. අපිට ලැබෙන්නේ තත්වයෙන් බාල බැහැ කරපු මාලු. අපේ තේ කොල අපේ රටේ තිබිලත් අපිට ලැබෙන්නේ බාල තේ කොලය. පොඩි මිනිහා හැමදාම කන්නේ කටු සහ කුණු (නදී)
බලය සහ කෙලවල්ලා අතර වෙනස පැහැදිලි කරන්න. බිලි කොක්කෙන් අල්ලන බලය දැල් වලින් අල්ලන බලයට වැඩ ගණන් ඇයි? (නදී)
ලංකාදීප පාඨකයනි, මෙන්න ඔබටත් කදිම අවස්ථාවක්. මෙන්න මේ කෑම කන්න උත්සාහ කරන්න. හැමදාමත් කන්න බලයි. සුදු හාලේ බතුයි, මිරිසට උයපු බලමාලුයි, දෙල් තම්බලා, සුදුපොල් සමග. කාලා බලලා අපි සමග ඔබේ රස බෙදා ගන්න. (නදී)
කෙළවල්ලා ගැනත් හැඳින්වීමක් කරන්න. මොකද ලංකාවේ බල මාළුම තමයි කෙළවල්ලා කියලා දෙන්නේත් (නි)
කුමාර, රොෂාන් ද සිල්වා දෙදෙනාටම ස්තුතියි! (නි)
මම රොෂාන්ගේ විස්තරයට යමක් එකතුකරන්න කැමතියි. බලයාගේ බඩේ යට කොටසේ තියෙන ඉරි කෙලවල්ලගේ දක්නට නොමැත. කෙලවල්ලගේ බඩේ යට කොටස ලා නිල්පාටක් දක්නට ඇත. ලොකු කෙලවල්ලෝ නම් අදුනාගන්න ඉතාම පහසුයි. සාමාන්‍යයෙන් ඔවුන් කිලෝ 20 සිට කිලෝ 60 තරම් ප්‍රමාණයට දක්නට පුළුවන්. (නදී)
මම දන්නා තරමට කෙළවල්ලා කියන්නේ පිරිමි සතා, බලයා ගැහැණු සතා (නි)
මම අද ලංකාවේ නැති උනාට මේ ගැන දන්නවා. කුමාර ගේ ප්‍රශ්නයට බලපිටියේ රොෂාන් දුන්න පිළිතුර හොඳයි. නමුත් කුමාර බලාපොරොත්තු වෙන දේ හරියටම කියා වුනේ නැහැ. මෙන්න උත්තරය බලයා ගේ ඇඟේ දික් අතට කළු පාටට හුරු ඉරි 4 හෝ වැඩි ප්‍රමාණයක් පිහිටනවා. කෙලවල්ලා ගේ ඉරි පිහිටන්නේ නැහැ. අපේ රටේ මාළු වෙළෙන්දෝ කෙලවල්ලා කියා බලයා විකුනනවා මට අහු වෙලා තියෙනවා. පරිස්සමෙන්. (නදී)
සජීව, මෙය ඉතාම හොඳ ලිපියක්. ගොඩක් ස්තුතියි ඔබට. මම බලපිටියේ නිසා මෙය ලිවිය යුතුමයි. හේතුව අපේ ගමේ නම හැදිලා තියෙන්නෙත් බලමාලු නිසයි. ඒ පුරාණයේ බලපිටිය බලමාලු වලට ප්‍රසිද්ධ නිසයි. දැන් කුමාරගේ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. ඔව් බලයයි කෙළවල්ලයි වෙනස්. වැඩුනු කෙළවල්ලා අනිවාර්යෙන්ම වැඩුනු බලයට වැඩිය විශාලයි. කෙළවල්ලා මාළු බල මාළු වලට වඩා ඝනකමින් යුක්තයි. බලයාගේ ප්‍රධානම ආහාරය "ඉගුරා" කියන කුඩා මාළුවායි.බලයා සහ කෙළවල්ලා වැඩිපුරම අල්ලනු ලබන්නේ විශාල සහ බහුදින යාත්‍රා මඟිනි. (නි)