IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අපේ යාළු මාළුවෝ - 14

හිස මත ඇති සුදු පැහැති ලපයත් සිරුරේ ඉරි පිහිටීමත් හේතුවෙන් සාමාන්‍ය වහරේ ඉරි හඳයා නම් වී ඇති මේ කුඩා මත්ස්‍යයා අද දැඩි සේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි.

සතුන් පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකළ ජර්මන් ජාතික පර්යේෂකයකුවන වර්නර් මහතා සිහිවීම පිණිස වර්නරි යනුවෙන් නම්කැර ඇති ඉරි හඳයා සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ ඇප්ලොචීලස් වර්නරි Aplocheilus werneri යනුවෙනි.

කාප් පවුලේ මසුන් ඕලන්ද බසින් හඳුන්වන කිල්ඩේ Kilde යන වචනයෙන් බිඳී ආ කිල්ලි ෆිෂ් Killi fish යන වදනින් ඔවුන් ඉංග්‍රීසි බසින් හැඳින්වේ.

ශ්‍රී ලංකාවේ කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ හා නිල්වලා ගඟ හා නිල්වලා ගඟ ආශ්‍රිත ඇළ මාර්ග ඇතුළු නිම්න ප්‍රදේශයන්හි දක්නට ලැබෙන ඉරි හඳයා මුහුදු මට්ටමින් මීටර 200ට වඩා ඉහළ ස්ථානයන්හි දක්නට ලැබේ.

හොඳින් සෙවණ සහිත සෙමෙන් ජලය ගලා බස්නා ඇළ මාර්ග සිය වාසස්ථානය බවට පත්කරගෙන සිටින ඉරි හඳයන් වඩාත් ප්‍රිය කරන්නේ මැටි හෝ වැලි සහිත පත්ලක් ඇති ජල මාර්ගවල ජලයේ ඉහළ තලයේ පිහිනා යාමයි.

ඉතා අලංකාර මාළුවකු වන ඉරි හඳයාගේ පිරිම මත්ස්‍යයාගේ සිරුර දෙපස දක්නට ලැබෙන අඳුරු පැහැති රේඛා හතරක් හෝ අටක් ඔවුන්ගේ අලංකාරය තවත් වැඩි කරයි.

අතීතයේ දී විසිතුරු මත්ස්‍යයකු ලෙස අපනයනය කිරීම හේතුවෙන් ඉරි හඳයාගේ ගහණ ඝනත්වය අඩුවී ඇත. වනාන්තර එළි පෙහෙලි කිරීම, කෘමි නාශක භාවිතය, ගංඟා ඇල දොළවලට කැළි කසළ දැමීම ආදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්ව ඇති ඉරි හඳයා ලෝක සංරක්ෂණ සංගමය විසින් රතු දත්ත පොතට ද ඇතුලත් කැර ඇති සත්ත්ව විශේෂයකි.

fish 05 - Copy



අදහස් (0)

අපේ යාළු මාළුවෝ - 14

දිනේෂ් ගුරුදෙණිය Friday, 05 December 2014 08:22 AM

හරිම දුර්ලබ මලුවෙක්,මහවැලි ගඟ ආශ්‍රිත ඇළ මාර්ග වලත් මෙය ඉන්නවා.(හේ)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 05 December 2014 12:29 PM

විවිධ කාල වකවානු වල (77 න් පසු සීග්‍රව) දේශපාලකයන්ගේ උදව් ඇතිව සංවර්ධනයට යැයි කියා ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ වල ඇති අවුරුදු සිය ගණන් පැරණි ගස් කපා විකුණා ගත්තා. ක්‍රමක්‍රමයෙන් වැසි ලැබෙන කාල චක්‍ර වෙනස්වීම සහ පස සොදාවිත් ගන්ගාශ්‍රිත මත්ස්‍ය අභිජනන ප්‍රදේශ විනාශ වුනා. ඒ නිසා අපටම අවේනික වූ දේශීය මත්ස්‍ය ගහනයන් දැනටමත් වඳවී අවසන්. අපි පොඩි කාලේ වී ඇට කන්න දී ලඟට ගත් හැම ගෙදරකම සුරතලා වූ 'ගේ කුරුල්ලා' අද දකින්න වත් නැහැ. (ර)

:       0       0

අරුණ Friday, 05 December 2014 06:22 AM

වටිනා කතාවක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site