වේගයෙන් ගලායන පිරිසිදු දියපහර සහිත ස්ථානයන්හි ගල්වලට ඇලී සිටින මෙම වැලිගොව්වන් හඳුන්වන්නේ රතු තොල් වැලිගොව්වා යනුවෙනි. ඉංග්‍රීසි බසින් ලිප්ස්ටික් ගෝබි Lipstick Goby ලෙසත් සිසියෝපස් ජෝන්ක්ලාසි Sicyopus jonklaasi යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව මේ මත්ස්‍යයා හදුන්වයි. ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ මත්ස්‍යයකු වන මොවුන්ට නම් දී ඇත්තේ කීර්තිමත් ශ්‍රී ලාංකික කිමිදුම්කරුවකු වූ රොඩ්නි ජෝන්ක්ලාස් මහතාට ගෞරවයක් ලෙසිනි.
රතු තොල් වැලිගොව්වාගේ පිරිමි මසුන්ගේ තොල් වඩාත් දීප්තිමත් රතු පැහැයෙන් යුක්තය. ඉදිරිපස වරල් යුගලය චූසකර බවට පරිවර්ථනය වී ඇත. කැලණි ගඟ ආශ්‍රිත සීතාවක රක්ෂිතයේත්, කළු ගඟේ පහළ කොටසේත්, ගිං ගංඟ නිම්නයේ අතු ගංඟා කිහිපයක හා නිල්වලා ගඟේ ඕපාත රක්ෂිතයේත් දක්නට ලැබෙයි.
අධික වර්ෂා කාලයේ දී ඇළ පත්ලේ වැලි හාරා එහි බිත්තර දැමීම සිදුකරයි. ඉන් බිහිවන පැටව් සැඩ දිය පහරත් සමග ගංඟා පහළට ගසාගෙන යයි. ගංඟා පහළ වැඩෙන මේ මසුන් පරිනත වෙත්ම දිය පහරට ප්‍රතිවිරුද්ධව ගංඟාව ඔස්සේ ඉහළට සංක්‍රමණය වෙයි.
වන විනාශය, වැලි ගොඩදැමීම හා ගංඟා ඉවුරු විනාශ කිරීමත් කෘමි නාශක ඇතුළු අපද්‍රව්‍ය දැමීමෙන් ජලය අපිරිසිදු වීමත් මොවුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වී ඇත. වඳවී යාමේ දැඩි තර්ජනයට මුහුණ දී ඇති රතු තොල් වැලිගොව්වන් තුරුලතා සහ වනසත්ත්ව ආරක්ෂණ පනත යටතේ ආර්ෂිත සත්ත්වයෙකි.
ඡායාරූපය - සමන්ත ගුණසේකර මහතා.
Threatened Sri Lanka's Biodiversity නමැති පොතෙන් මෙම ඡායාරූපය උපුටා ගන්නා ලදී
අපේ යාළු මාළුවෝ - 01
http://www.lankadeepa.lk/index.php/articles/269354
අපේ යාළු මාළුවෝ - 02
http://www.lankadeepa.lk/index.php/articles/269724
අපේ යාළු මාළුවෝ - 03
http://www.lankadeepa.lk/index.php/articles/271330
අපේ යාළු මාළුවෝ - 04
http://www.lankadeepa.lk/index.php/articles/271559
අපේ යාළු මාළුවෝ - 05
http://www.lankadeepa.lk/index.php/articles/271675
අපේ යාළු මාළුවෝ - 06
http://www.lankadeepa.lk/index.php/articles/276731
අපේ යාළු මාළුවෝ - 07
http://www.lankadeepa.lk/index.php/articles/277013
අපේ යාළු මාළුවෝ - 08
http://www.lankadeepa.lk/index.php/articles/277332
අපේ යාළු මාළුවෝ - 09
http://www.lankadeepa.lk/index.php/articles/277576
2025 දෙසැම්බර් මස 16
67
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අපේ යාළු මාළුවෝ - 10
කුමාර Tuesday, 25 November 2014 07:04 AM
මිනිසුන් මොකද හිතන් නැත්තෙ. (අ)
එච්.එල්.ආරියපාල Tuesday, 02 December 2014 07:00 AM
හිතවත් සජීව, මේ මාළු වගේම ගිං ගඟ පිළිබඳව සති අන්ත පුවත්පත් මගින් දීර්ඝ විස්තරයක් හැදුවොත් හොඳයි. අපි බොන වතුරේ රස කියල නම දාන්න. ජල සම්පාදන මංඩලය මගින් හොඳ ප්‍රතිචාරයක් වගේම අනුග්‍රහයක් ලබාගන්නත් පුළුවන් වේවි. මම ලඟ තියෙනවා ගිං ගඟ ආශ්‍රිත පාරු කවි, රබන් පද, ගොඩක් විස්තර. අපිට පුළුවන් මේවා බෙදා ගන්න. (නදී)