තමා, මහින්ද රාජපක්ෂ මහතා හෝ නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද පැවසීය.
සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඒ බව පැවසුවේ අද ( 19) පාර්ලිමේන්තුවේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
‘ඔබ, මහින්ද රාජපක්ෂ , නාමල් ඇතුළු 50 දෙනකු පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන තිබෙන බව ට්විටර් ගිණූම්වල සඳහන් කර තිබුණා. එහෙම අරගෙන නැද්ද? ‘ යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ එසේ සාමජිකත්වය ගෙන නැති බවයි.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ බීබීසී වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ තමා පොහොට්ටුවේ සාමාජිකයකු බවයි.
(36698)
(ශ්‍රීලනිපයේ පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් බව ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම්වල දමා තිබූ අයුරු පහතින් දැක්වේ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ් කියන්නේ මේ අය බොරු කියලා පොහොට්ටු පස්සේ එන ජනතාව රැවැට්ටුවා..
මෙහෙමත් බොරුකාරයින්... බලය වෙනුවෙන් ඕනෑම කුජීත වැඩක් කරනවා...
ඕනෑ වුණාම කබරගොයත් තලගොයා කරගන්නවා... හොරු සමග හෙළුවෙන්...
බයියනි, දැන් තේරෙනවා නේද බයි ලොක්කො ඔක්කොම පට්ට හොරු කියලා...
අනේ මෙහෙමත් දිව දෙකේ මිනිස්සු!
ආයෙත් වැඩේ අනා ගත්තා වගේ.
වඳුරන්ට ජීවිතේට ගස් නගින්නත් බැහැ.
මේ පොහොට්ටුවෝ ටික දැන් අර ගුල උඩින් අත් ට්‍රැක්ටරේ ගිය කඩි ටික වගේ.
පශුවෛද්‍යවරයෙක් හම්බවෙන්න කාලේ හරි වගේ...
කොහොමත් පොහොට්ටුව , අත , අලියා , සීනුව , බුලත් කොලය ආදී මේසියල්ල රටේ අහිංසක ජනතාව රවට්ටන සංකේත මිස , අවංකව ජනතාවට ආදරේ කරන දෑ නොවේ. ඔවූන් ජනතාවට ආදරය කරානම් අද මගේ රටට මෙහෙම වෙන්නේ නැහැ. පසුගිය මාස දෙක තුල රටේ ජනතාව ඉතා පැහැදිලිව දෙසපලුවන්ගේ (සියල්ලන්ගේම ) හෙළුව දැක්ක. පක්ෂ බේදයකින් තොරව විවේචනය කරා. දැන් මෙසියලුදෙනාම උත්සහ කරන්නේ ජනතව රවට්ටන්න හදන අලුත් සංකේත මොනාද කියලා සොයාගන්න. ඇතැම් නායකින් විසින් තමන්ට ජනතාව දුන් ගෞරවය විහින් නැතිකරගත . දැන් මේ 225ම ගලේ පහරපු බළලුන් මෙන් සිටින බවනම් පැහැදිලි .
මේ තියෙන සාමාජික කාර්ඩ් එක වලංගු එකක් නෙමෙයි. නමක් තියෙනවා නාමල් රාජපක්ෂ කියලා. මෙහෙම නාමල් රාජපක්ෂලා ලංකාවේ කීදෙනෙක් ඉන්නවද? කොහෙද තියෙන්නේ හරිහමන් ලිපිනයක්. නාමල්ගේ අත්සනක් තියෙනවද? මේක දැනගෙනම කරපු වැඩක්... මේක කිසිම වලංගුවක් නැති එකක්...
අයියෝ ජී.එල්... ඔබේ පක්ෂයට මොකද වෙන්නේ?
තුරුම්පු ඔක්කොම චක බ්ලාස්... අගමැතිකම බලෙන් ගන්න ගිහිල්ලා මන්ත්රීකමත් නැතුව යනවා වගේ.. ඔහොම යන්... ඔහොම යන්
මහින්ද ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර අහිමිවීමේ ලකුණු... මාළුවා නහින්නේ කට හින්දනේ... ඉල්ලන් කෑවා නේද?
බුලත් කොලයට, පොහොට්ටුවට නොව බයිසිකලයට නායකත්වය දුන්නද? ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 44% මහින්දගේ නායකත්වය පිළිගන්නා බව ආසන්නම මැතිවරණ දෙකෙන් පෙනී යයි. ව්‍යවස්ථාව තිබෙන්නේ ප්රජාතන්ත්රවාදය රැකීමට නම් වියයුත්තේ මහින්ද ඉවත්කිරීම නොව, කුණු කුඩයට දැමිය යුත්තේ ව්‍යවස්ථාවේ එම වගන්තියයි.
අනුන් ගැන කතා නොකර තම තමන්ගේ ගැන පමණක් කතා කළානම් ඉවරයිනේ...
බොරුම කියලා මහජනතාව රැවට්ටුවා.. කාලය නාස්ති කළා, මුදල් නාස්ති කළා, රට ණය කළා, අන්තිම ප්‍රතිඵලය වුනේ ජනතාව ණය බරින් මිරිකිලා බදු ගෙවන එක... තවත් කෙබ්බ ගහලා ජනතාව රවට්ටනයි හදන්නේ... හැමදාම එකම සෙල්ලම දාන්න බැහැ. පොලිත් එක්ක කන්න වෙනවා.
දැන් මොකද කියන්නේ මේ ගන්නේ මොකේ සාමාජිකත්වයද? මේ අය හිතාඉන්නේ රටේ ඉන්නේ කවුරු කියලද? මහින්දගේ විපක්ෂ නායකත්වය අයින් කරන්න බැරිනම් වහාම ජනපතිගේ අමාත්‍යංශ පාර්ලිමේන්තුවට බාර දෙන්න දීලා පුලුවන්නම් ඉන්න බැරිනම් ගෙදර යන්න ජනපති තවත් කරන්නේ ප්රජාතන්ත්ර විරෝධී වැඩ...
මොකේ සාමාජිකත්වය දරුවත්, නොදැරුවත් අපිට කමක් නැත. අවශ්‍ය UNP පෙරමුණේ විරුද්ධ කාරයෙක් වීම පමණයි.
මේ දිව දෙකේ කතාවලට රැවටෙන පොහොට්ටු කාරයින්ට මේවා හොඳම පුන්නක්කු..
ඔන්න මහ ජනතාවනි, මහා ඡන්දෙට ජනාධිපතිවරණයට හොඳ සාක්කි තියෙනවා. හොඳට කල්පනා කරලා ඡන්දෙ දෙන්න මේ පල් හොරුන්ට බොරු කාරයින්ට හොඳේ. මේ තියෙන්නේ සාක්කි එක්කමයි. එතකොට මේ වලංගු නැති පක්ෂයක් එක්කද? ආණ්ඩු කාලේ මෙයාලා. අනික කොහොමත් ඔය මල පිපෙන්නේ නැහැ. කවදාවත් බලෙන් පුප්පන්න හැදුවට... ඉන්නෙත් සේරම නාකි බොරුකාරයින් ටිකක්නේ...
මේ වගේ කාලකන්නි ජාතියක්...
කාරක සභාව රැස්වෙලා තීන්දුවෙන් පස්සේ අායිමත් බඩු හම්බුවෙයි වගේ. තණ්හාය ජායති සෝකෝ.... අධි තණ්හාව සෝකයට මුලවේ..
බුදු දහමින් ඔපවත් වූ ජාතියක්, දේශයක් මේ අන්දමින් පරිහානියට ලක් වූ හේතුන් අප විසින් විෂය බද්ධ තත්වයන් යටතේ විමසා බැලුවිට පෙනී ගියේ බලයෙන් මත්වන උන්මාදයෙන් පුද්ගල මනසට දැඩි හානි සිදුවන බවයි. අතීතයේ රජවරු බලය ලබා ගත්තේ වැව් අමුණු සකස් කර දාගැබ් තනවා ආධ්‍යාත්මික ගුණයෙන් පෝෂණය වූ රටක් නිර්මාණය කිරීමටය. අද නායකත්වය වැරදි මග යනවිට එය හරියයි වන්දිභට්ටකම් කරන්නේත් ඔය කියන මායාකාරී බලයේ හා නිළයේ ආශ්වාදය භුක්ති විඳීමටයි. ඔය මිත්‍යාව ඇට ලේ මිදුළු පසාරු කරගෙන ගොස් මොළයට ද ඇතුල් වූ පසු සිතන පතන හැම දෙයක් ම යොමුවන්නේ බලය රැකගැනීමේ දිශානතියටයි මොවුන්ගෙන් වැඩි දෙනෙක් බෞද්ධයින් යයි කියා ගන්නා නමුත් බුදු දහමේ ඉගැන්වෙන අන්දමට අවිද්‍යාව හා මෝහය නිසා නිසා පාලකයින් පවා විපතට පත් වන බව දැනදැනත් විනාශ මුඛය කරාම ගමන් කරති.
බොරු කියන්න එපා. මේ රටේ ජනතාව ඔබලට වඩා බුද්ධිමත්.
ලංකාවේ චන්ද දායකයෝ අන්ද ගොළු බිහිරි මිනිස්සු කියලා මේ අය හිතන් ඇති්....... මේවගේ අයද අපි ඇමතිවරු කියලා කියන්නේ අපි පවු ...