‘‘මිරිජ්ජවිල කාමර 200 හෝටලයක් හදනවා. ඒ කට්ටියට එහෙම සල්ලි තිබ්බනම් මේ ජයතිස්සලා නොදන්නවායැ. කාගේ සල්ලිද මේ? අපි නොදන්නවායැ පැටිකිරිය. මේක අපි දන්න නිසයි අපිට ඔක්කොම ගහන්නේ.‘‘ දකුණු පළාත් සභා මන්ත්‍රී ජයතිස්ස රණවීර මහතා ඇඹිලිපිටිය නගරයේ ඡන්ද රැස්වීමක් අමතමින් එසේ කීවේය.
මෛත්‍රී පිලට සහයෝගය දැක්වීමේ රැස්වීමේදී ඔහු කීවේය. ‘‘දූෂණය, හොරකම, කොමිස් ගැහිල්ල, නාස්තිය ඉහ වහා ගිහින්‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න. (නි)
නරි මිදිවලට උඩපැනලා කඩාගන්න බැරිවුණාම අනිත් පැත්ත හැරිලා කියනවලු මිදි ඇඹුල් කියලා. නේද? (නි)
අනේ ඉතින් අපිත් නොදන්නවායැ කාගේ කාගේත් පැටිකිරි? (නි)
ජයතිස්ස අයියේ, මෛත්‍රීට දිනන්න පුළුවන් කියලා විශ්වාසද? (නි)
මෙය ගාව ඒ ෆයිල් එහෙම නැද්ද දන්නේ නැහැ නේද? සාක්ෂිත් එක්කම එළියට දාන්නකෝ මහත්තයෝ (නි)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
එතකොට ඔය අනෙක් සමහර අයගේ පැටිකිරිය ගැන තමුන්නාන්සේ දන්නෙම නැතුව ඇති නේද? (නි)
දැන් මේ ගොල්ලන්ට ඉතිරිවෙලා තියෙන සටන් පාඨම තමා. දුෂණය,භීෂණය, හොරකම... මේ ඔක්කොටම ජනතාව අට වෙනිදාට හොඳ උත්තරයක් දෙයි. (නි)
තව අය එන්න ඉන්නවා මෛත්‍රීට සහයෝගය දෙන්න (නි)
කවුරු කළත් ඕවා වෙනවා තමයි (නි)
මේ අය ලොකු වින්නැහියක්.(හේ)
කොහොමත් ලංකාව පුරාම ඉදිවෙන බොහෝ හෝටල් වල අයිතිකාරත්වය සොයා බැලිය යුතුයි. හෝටල් ඉදි විය යුතුයි. නමුත් ඒ සියල්ලම ඒකාධිකාරයකට මුල පුරලා. පොඩි මිනිස්සුන්ගේ හඩවල් වසා දාල.(හේ)
පෙට්‍රල් ෂෙඩ් කීයක් තියෙනවද ඔයාට? මිනිස්සු බය කරන්න අහසට වෙඩි තිබ්බේ අපිද? (නදී)
කොයිබෙයි අර ජයතිස්සගේ ෆයිල් එක ? හනික හොයල ගන්නව ඒක එලියට. (නදී)