මෙරට පවතින යල්පැන ගිය රෝම ලන්දේසි, ඉංග්‍රීසි නීතිය රටට කාලෝචිත නැති බවත්, සමාජයට රටට ඔබින ලෙස නීති වෙනස් කර අලුත් ගමනක් යෑමට සියලු දෙනා සූදානම් විය යුතු බවත් අග විනිසුරු මොහාන් පීරිස් මහතා හොරණ මහේස්ත්‍රාත්වරුන් හා නීතීඥවරුන් අමතමින් පැවැසීය.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනාත මහතාගේ හා හොරණ නීතීඥ සංගමයේ ආරාධනාවකට අනුව අගවිනිසුරුවරයා මෙහි පැමිණ සිටියේය.
‘යල් පැන ගිය රෝම ලන්දේසි ඉංග්‍රීසි නීතිය කාලෝචිත නොවේ. අපි ඒවා වෙනස් කරගෙන රටට සමාජයට ඔබින ලෙස අළුත් ගමනක් යෑමට සූදානම් විය යුතුයි. අපි මේ සඳහා සුළු වෙනස්කම් කළ යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන කල් නීතියේ අඩු පාඩුවක් අපිට පෙනුනේ නැහැනේ. (දී)
මෙම යෝජනාව ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොඳද? (නි)
නීතිය ගැන නම් දැන් අපි කතාකරන්නත් අකමැතියි. ඒ තරමටම නීතිය දැන් අගාධයට ගිහින් (නි)
නීතිය අලුත් කලාට අපේ නඩුකාර හාමුදුරුවනේ , දේශපාලුවන් ඒකෙත් හිල් හදා ගත්තොත් තමා වැඩේ ! (නදී)
ඉක්මනින් වැඩේ හරියටම කරන්න, පින් අත්වේවි. (නි)
ඒක ඇත්ත. කාලයේ තාලයට අපි හැඩගැසිය යුතුයි (නි)
වෙන රටවල වගේ පහසුවෙන් දික්කසාද වෙන්න පුළුවන් විධියට නිතිය වෙනස් කරලා දෙන්න මැතිතුමනි, නැත්නම් ගෘහස්ත ප්‍රචන්ඩත්වය හා මිනිමැරැම් වැඩිවේවි රටේ මේ යන විධියට. (දී)
රටේ සංවර්ධනයට බාධාවක් , ගම්වල අසමගියට හේතුවක් හා ගැමියන් කාබාසීනියා කරන අවුරුදු ගණන් ඇදගෙන එන ගොඩගසාගෙන ,දින දමන ,ඉඩම් නඩු කඩිනමින් විසඳා දෙන ක්‍රමෝපාදයක් නම් ඉතාමත් හදිසියි . (දී)
ඔබතුමාට ඔය දේ දැන් හෝ තේරුණා එක ලොකු දෙයක් (දී)
රෝම ලන්දේසි/ඉංග්‍රීසි නිතිය කාලෝචිත නැහැ.මොකද ඒකේ හැටියට නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි.අපිට හරි යන්නේ වෙන වෙනම අදාළ වන නීති (දී)
දේශේ හැටියට බාසේ තියෙන්න ඕනෑනේ. (නි)
විනිසුරුතුමනි , ඔබතුමා නිවැරදියි මේ කතාව ඉක්මනින්ම ප්‍රායෝගික වෙනවා නම් තමයි වටින්නේ (දී)
මෙතන තියෙන්නේ නීතියේ ප්‍රශ්නයක් නොවෙයි කියලයි මට නම් හිතෙන්නේ. නීතියට දේශපාලුවන් ඇඟිලි ගහලයි තියෙන්නේ. (නි)
කතාව නම් සහතික ඇත්ත (නි)
අපි මෙය දැනගෙන හුගක් කල්. සුළු වෙනස්කම් නම් මදි. දැන් ඇති නීතියෙන් ඇති ආරක්ෂාව සාමාන්‍ය ජනතාවට නොවේ, (දී)
විවිධාකාර බලපෑම් නිසයි ලංකාවේ නීතිය අද හරිහැටි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන්නේ (නි)
නව මාවතකට පිවිසීමට දොරටු විවර කරන්නට උත්සාහ දරන ඔබට ස්තූතියි! (නි)
අපිනම් ඔය කතාව කියලා ගොඩාක් කල් (දී)
අනේ මන් දන්නේ නැහැ සමහර උදවිය කියන්නේ තියෙන නීති වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියල. (දී)
හත් දෙයියනේ ඔච්චරමත් දන්නවනං ඔබතුමාල ඉදිරිපත්පත් වෙලා සුළු නොවේ විශාල වෙනසක් කරානම් රටක් ජාතියක් වඳ වෙන්න කලින් බේරාගන්න පුළුවන් වෙයි. මොකදෝ තවත් පමා රටේ මිනිස්සු ආගම,දහමට හදන්න බැරි කාලේ නීතියේ බලපෑමකින් හරි මිනිසුන් යහමගට ගන්න පුලුවන්නම් ඔබතුමාලටත් ඒ පින් අත්වෙයි. ... (දී)
අග විනිසුරුතුමාගේ අදහස බොහොම හොඳයි, කාලෝචිතයි. පුළුවන් තරම් ඉක්මනට මේ සම්බන්ධව අදාල පාර්ශවයන් සමග ක්‍රියාත්මක වුණොත් හොඳයි. (නි)
බොහොම කාලෝචිත අදහසක් (නි)
ඉතා කාලෝචිත යෝජනාවක්. ක්‍රියාත්මක වනතුරු අපි බලා සිටිමු (නි)
චිත්‍රපටි හදන මහත්වරුන්ගෙන් අපේ රට වෙනුවෙන් ඉල්ලෙමක් කරන්න කැමතියි අරක්කු සිගරට් සමගම්වලින් සල්ලි අරගෙන ඒවා බාවිතාකරන දර්සන චිත්‍ර පටිවලට දාන්න එපා. අපේ නුගත් රුපවාහිනී මාධ්‍ය ඒවා පෙන්නනවා . හොදද (දී)
නීතිය අලුත් කලොත් අපේ ගොඩ දෙනෙක් ඇතුලේ (දී)
අපිත් ඔබතුමා සමඟ එකඟයි (නි)
ගුඩ් මෝනිං අග විනිසුරු තුමනි. (දී)