දකුණු සූඩානයේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍ර්‍රී ලංකා ගුවන් හමුදාවේ එහි යන අවසන් භට කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනුයේ දකුණු සුඩානයේ සාම සාදක රාජකාරී සඳහා ප්‍රථම වරට ගුවන් හමුදා ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇති බවයි.
මෙහි ප්‍රථම කණ්ඩායම ලෙස නිළධාරීන් දෙදෙනෙක්, ගුවන් භටයින් දස දෙනෙක්ගෙන් යුත් ගුවන් හමුදා භට කණ්ඩායමක් හා එම් අයි 17 වර්ගයේ ගුවන් යානා 03 ක් 2015 පසුගිය 06 වන දින දකුණු සූඩානය බලා ඒ එන් 124 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර එම කටයුතු සදහා අවශ්‍ය භාණ්ඩද පසුගිය 6 වෙනිදා සිට 20 වෙනිදා තෙක් අතර කාලය තුලදී ගුවන් ගමන් වාර පහකින් සුඩානය වෙත ප්‍රවාහනය කරනු ලැබීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනුයේ භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ පුද්ගල ප්‍රවාහනය ආහාරපාන/භාණ්ඩ භ්‍රවාහනය අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් හෙලීම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය තම සක්‍රීය දායකත්වය එහිදී ලබා දීමට නියමිත බවයි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා, මාත් ඔයා කියන ඇෆ්ගනිස්තානේටයි, ඉරාකෙටයි, ලිබියාවටයි, සිරියාවටයි හැම යුද්ධය ඇති රටකටම සාම හමුදාව පිටත්කර විශේෂ බ්‍රිටිෂ් ,ඇමරිකන් බේස් එකක වසර 13 ක අත්දැකීම් ඇතුවයි. රට ඇතුළේ සිට දකිද්දී අපි හැමට පෙනෙන්නේ ඔයා කියන ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉහළ තැන මිසක් මේ මා කිවුව ටික නොවන බව මා හොඳින්ම දන්නවා (නි)
හේවා විතාරණ .?.මාත් සේවය කරන්නේ යුධ බේස් එකක ..අපේ හමුදාව සාම හමුදාවට තෝරාගැනීම හොඳ දෙයක්. එ්ත් මා දුටුදේ නිතර මෙහි සේවයේදී දකිනා දේ ලීවේ ..ඇමරිකාව බ්‍රිතාන්‍ය ..සාම හමුදාවට නිලධාරීන් තෝරාගෙන ස්ථාපිත කරන්නේ විශේෂ බේස් වල ආරක්ෂාව සමගින් ඒ සාම නිලධාරියාගේ දරුවන් හා බිරිද ඇතුළුව ..ඔවුන්ට පාසල් අධ්‍යාපනය වෛද්‍ය පහසුකම්. නිවසක් ඒ රැකියා කාලය වසර දෙක තුන තුලදී සපයනවා මා ඉන්නේ අධි ආරක්‍ෂිත බේස් එකක..? එ්ත් අාසියාතිකයින් අපේ රටවලින් නේපාල ජාතිකයින් ..කෙලින්ම තනිකඩයින් වශයෙන් යවන්නේ වසංගත පිරි යුද්ධ රටවල් වන අප්‍රිකාවට කියන දේ ඔයාලට කියාදුන්නේ නිකම් තේරුමක් නැතිවාටද ..? එක්සත් ජාතීන්ගේ සංවිධානෙන් එහෙනම් අපේ හමුදාව ඇෆ්ගනිස්තානෙට ඉල්ලුම් කල අවස්ථාවේ රජය බැහැ කීවේ ඇයි ..කියලත් මට කියල දෙන්න කෝ ..? (බ)
2009 පරාජිත බව පරාජය කිරීමේ ප්‍රතිඵල (නි)
බලවත් රටවල මිනිසුන් හැම වෙලේම ඔවුන් ආරක්ෂා වී දුප්පත් රට වල මිනිසුන්ම තෝරාගෙන ලෙඩ වසංගත බහුල රට වල සාම සාධකයින් වශයෙන් යැවීම ශ්‍රී ලාංකික යෙකු හැටියට හිතට පුංචි දුකක් නොව ලොකු කල කිරීමක් දැනෙනවා. ඇයි බලවත් රට වල සාම හමුදාවන් වැඩියෙන් නොයන්නේ. ඒගැන ලොකු පැහැදීමකින් සැකයක් ඇතිවෙනවා . ඔබ හැමට සියලු දෙවි රැකවරනයි තිස්තුන් කෝටියක් දෙවියන් රැකදේවා..! (ර)
සුඩානය බලවතුන් විසින් උතුර හා දකුණ ලෙස බෙදාවෙන් කළේ සුඩානයේ සාමය සඳහායි.අද මේ විදින්නේ ඒවායේ අතුරුඵලයි. (නි)
අපේ හමුදාව, හිටපු ජනපති, යුධ අපරාද කාරයෝ කියන එවුන් කොහොමද එහෙම හමුදාවක් සාම සාධක බලකායක් විදිහට යොදාගන්නේ? (ර)
රුපවතී ගේ දනුම මේ අදහස්වලින්ම පේනවා ඉරාකේ ඇෆ්ගනිස්ත්නේ ඉන්නේ ගොඩක් ඇමරිකන් බ්‍රිතාන්න්‍ය හමුදාව මෙතන වැදගත් වෙන්නේ අපේ ත්‍රිවිද හමුදාවට ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහල තලයක සිටීම ඉන්දියන් බංගලි වැනි හමුදාවලට මෙම ඉහල තලයට එන්න හැකියාව මදි අදහස් ප්‍රකාස කරනකොට එහි තිබෙන දනාත්මක කම පහැදිලි කරන්න උත්සුක වන්න. (ර)
රූපවතී, ඔයාට සාම හමුදා හෝ ලෝකයේ කිසිම සංවිධානයක් ගැන නිසි අවබෝධයක් නැතුවා වගේ (නි)
සුබ පැතුම්! (නි)
ඔබ සැමට දළදා සමිදු පිහිටයි.සුබ ගමන්.(හේ)
සාගර කියන්නේ ඇත්ත, යුද අපරාද කාරයෝ, මානව හිමිකම් කඩනවා කියලා අපේ හමුදාවට චෝදනා කරනවා. එහනම් කොහමද අපේ හමුදාව සාමසාදක හමුදාවකට තෝරගන තියෙන්නේ ? (ර)
ජීවත්ව සිටියදී ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදුවන අසීරුම ස්ථානය... (ර)
රටේ අහස් කුස ජයගත්තා සේම මුළු ලොවෙහිම අහස් කුස ජය ගන්නට ඔබට හැකි වේවා! (ම)
සුබ ගමන්. (ර)
යුධයට දක්ෂ නිර්භීත විනය ගරුක හමුදාවක් අපිට සිටින බව එක්සත් ජාතින් විසින් පිළිගෙන ඇත. බටහිර රටවල් වල තාක්ෂනය අතින් දියුණු හමුදාවක් තිබුනට අපේ භටයන් යුධ අත්දැකීම් වලින් පොහොසත්. එක්සත් ජාතීන්ට අපේ හමුදාවේ සේවය අවශ්‍ය විටදී අප නොපැකිලව දිය යුතුයි. එතකොට ජිනිවා වලදී අපේ හමුදා වලට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කරන්නන්ගේ කටවල් ඉබේම වැහිලා යාවි. අපේ හමුධ භට කාණ්ඩ වලට අණදීමට වින්ග් කමාන්ඩර් විශ්ව සමන්ත වැනි යුධ අත්දැකීම් වලින් සපිරි දක්ෂ නිලධාරීන් යවා ඇත. ඔවුන් ලෝකයේ කොහේ ගියත් අපේ රටේ නම ආරක්ෂා වෙන ලෙස කටයුතු කරනු ඇත. අපේ ගුවන් හමුධාවට සියලු ජය පතමි (නදී)
මොනවා උනත් ලෝකයේ අපේ හමුදාවට තියෙන තැන සහ පිළිගැනීම මෙයින් තහවුරු වෙනවා ඒ ගැන අපිට ආඩම්බරයි සුබපැතුම්! (ර)
සිල්වා කියන එක හරි මොකක් හරි කියනකොට කල්පනා කරලා කියනවනම් තමා හොද. (ර)