IMG-LOGO

අපේ ගාණ ගත්තා, කාටවත් කළු සල්ලි හම්බකරන්න අතකොළුවන් වෙලා නැහැ

20160531Nalin-1

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා අද (31දා) ජනපති කොමිසම කරනු ලබන පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබාදීමට කැඳවා තිබේ. හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ පිළිබඳව මෙලෙස කැඳවා තිබිණ. ඒ සම්බන්ධව ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදුන් ඔහු ඒ පිළිබඳව අපත් සමග මෙසේ පවසා සිටියේය.

"අපි මුලින් දුන්න Quotation අපි ඒ ආකාරයෙන් ඉදිරිපත් කළා. මම කියන්න ඕනා ඒවගේ විමර්ශනය කරන එක හොඳයි කියලා. මොකද ඒ අය කියන විදිහට එතන ගොඩාක් වියහියදම් වෙලා තියෙනවා. කිසිම ලියකිවිලි නැති ඒවා. මගේ ලියකියවිලි සහ ඒ අයගේ ලියකිවිලි සමාන වුණා. කිසි ගැටලුවක් නැහැ. මෙතැනදී ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නෙ, මේවා ප්‍රචාරය කරන විදිහෙන් අපිව හොරු ගාණට වැටෙනවනේ. මම එම නිලධාරීන්ට කිව්වේ දහ පාරක් හරි අපිව කැඳවන්න මම ඇවිල්ලා ඒ සඳහා කටඋත්තර දෙන්නම් කියලා. අපි එදත් එකයි අදත් ඒ විදිහම තමයි. අපි වෙනසක් වෙලා නැහැ. අපි මීට පෙර ආණ්ඩුත් සමගත් වැඩ කරලා තියෙනවා. අපේ ගාණ අපි අය කරා, ගෙදර ආවා. කාටවත් කලු සල්ලි හම්බකරන්න අපි අතකොලුවන් වෙලා නැහැ සහ මගෙත් එක්ක කොහොමත් ඒ දේවල් කරන්නත් බැහැ. මම ඒ දේවල් සඳහා කැමති නැති මිනිහෙක්. මාව ඒවගේ දේවල් සඳහා මේ වෙනකම් කවුරුත් පාවිච්චි කරලත් නැහැ.*

&අද තියෙන්නේ දුප්පත් මාධ්‍ය ප්‍රතිපත්තියක්. හරි තොරතුරක් නෙවෙයි මිනිස්සුන්ට යවන්න කල්පනා කරන්නේ. මෙහිදී ඔවුන් කරන්නෙ මිනිසුන්ගේ අවධාන අනවශ්‍ය පැත්තකින් යොමු කරගන්න. මම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමග පමණක් නොවෙයි ජේ.ආර්. ජයවර්ධන යුගෙත් ආණ්ඩුත් සමගත් වැඩකරලා තියෙනවා. මට සරිලන මුදල මම අය කරලා මම වැඩකරනවා. ධනට පිනට කරලත් නැහැ. ඒ නිසා මම කිසිසේත් පැකිළෙන්නෙත් නැහැ, හැංගෙන්නෙත් නැහැ. ප්‍රසිද්ධියේ හරි ඇවිල්ලා මේවා කතාකරන්න මම ලැහැස්තියි. හේතුව තමයි එක කලාකරුවෙක් හරි, දෙන්නෙක් හරි මේවයේ මොනවා හරි වැරැදි පැත්තක් කරලා තිබුණාම මේ රටේ ඉන්න සෑම කලාකරුවෙක්ටම ඒ ලේබල් එක වදිනවා. ඒක හරි අසාධාරණ ක්‍රමවේදයක්. ගොසිප් වෙබ් අඩවි, ඇතැම් පුවත්පත් මේ දේවල් ප්‍රකාශකරන විදිහේ වැරැද්දක් තියෙනවා. ඒ කියන්නෙ මිනිස්සුන්ගේ අවධානය ලක්කර ගන්න තමයි මේ දේවල් අනවශ්‍ය විදිහට උලුප්පන්නේ. නමුත් සාරාංශය ගත්තාම මේකේ ඇති දෙයක් නැහැ."

&මම විමර්ශන කොමිසමට ගිහිල්ලා එළියට එනකොට විවිධ මාධ්‍යකරුවන් කැමරා තියාගෙන ඉන්නවා. මට පුදුම හිතුණා මම අවුරුදු 27ක් තිස්සේ සිංදු කියනවා, අලුත් සිංදුවක් එළිදැක්වූවායින් පස්සෙ එක්කෙනෙක්වත් ඇවිල්ලා සිංදුව ගැන මේ වගේ පොරකාලා කවුරුවත් අහන්නෙ නැහැ. රටට හොඳට සොමියක් ගන්න පුළුවන් සිංදුවක් දුන්නාම ඒක ගැන හොයලා බලන්න අහන්න එන්නේ නැහැ. කොහේ හරි තියෙන කුණු කෑල්ලක් හොයන්න හරි උන්නදුවෙන්, උවමනාවෙන්, කැපවීමෙන් එනවා. මම ඒ අයට කිව්වා ඔය අය මේදේ දිගින් දිගට කරනවා වගේම අපේ අනිත් දේවල් ගැනත් හොයලා බලන්න එන්න කියලා. මොකද මාධ්‍ය කියන දේ සහ මාධ්‍යයෙන් දෙන දෙයක් දිහා බලලා තමයි මිනිස්සු තීන්දු තීරණ ගන්නේ. මම මෙයින් දකින ඛේදවාචකය තමයි, අපි දුක් මහන්සියෙන් අපේ නම් ගොඩනගා ගත්තේ. මේ වෙනකම් අපි කලු සල්ලිවලට වැඩ කරලත් නැහැ, කලු සල්ලි අතගාලත් නැහැ."

"මගේ මේ දශක තුනක කාලයක් තිස්සෙ ආණ්ඩු කීයක් මාරු වුණාද?. අපි කාගෙවත් සාක්කුවකට බැස්සෙත් නැහැ, කාටවත් වැඩ කෙරුවෙත් නැහැ. ඉතිං මට මේක ගැන ප්‍රශ්නයක් නැහැ. මහින්ද රාජපක්ෂගෙන් මම සල්ලි අරගෙනත් නැහැ. දේශපාලනයි කියන කිසිම තලයක් සඳහා අපි වැටිලා නැහැ. ඉතිහාසයේ හොයලා බලපුවාම අපි කවුරුද කියන එක හොයා ගන්න පුළුවන්. ඒක නිසා බොහොම විවෘත මම මේකට සහභාගී වුණා. ඒ නිලධාරී මඬුල්ලත් හරිම සුහදශීලීව කතාබහ කළා. මම ගෙනිච්චි දේවල් සහ ඒ අයගේ දේවල් එක්ක බල්ලද්දී හරියටම සිද්ධ වෙලා තියෙනවා. මම එතැනදී දැක්කා මේ පිළිබඳව ලොකු අකටයුතුකම් සිද්ධ වෙලා තියෙනවා. සමහර ඒවා සඳහා බිල් දාපු ඒවයි, සල්ලි ගෙවපු නැති ඒවයි එතැන ප්‍රශ්න ගොඩක්. මමත් කිව්වෙ දිගින් දිගට පරීක්ෂණ කරගෙන යන්න ඉදිරියට මාව අවශ්‍ය වුණොත් මට අඬගහන්න මම එනවා. කවදා හරි මේකේ කොණක් මතු කරගන්න එපැයි. මොකද අපි කැමති නැහැ  නරක නාමයක් අපේ ජීවිතවලට දාගන්න. මට දෙවියන්ගේ පිහිටෙන් මගේ කටහඬ තාම හොඳයි. මම දකින්නේ ඇතැම් මාධ්‍යකරුවන් මේක දඩබිම කරගෙන ඉන්නවා. අනවශ්‍ය ලෙස ප්‍රවෘත්තියක් දාලා බොරුවට ඒ සඳහා අවධානය ගන්න. විමර්ශනය හොඳ දෙයක්. මාත් ඒ පැත්තේ."

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

20160531Nalin-3 20160531Nalin-420160531Nalin-2

   



අදහස් (0)

අපේ ගාණ ගත්තා, කාටවත් කළු සල්ලි හම්බකරන්න අතකොළුවන් වෙලා නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site