‘ගොවියා, රජයේ සේවකයා, කර්මාන්තකරුවා, ව්‍යාපාරිකයා අතරමං කළා. මහ මගට ඇද දැම්මා. දින 100කදී එතනෝල් බලපත්‍ර 27ක් නිකුත් කළා. රුපියල් කෝටි 5400ක මහ බැංකු බැඳුම්කර මහා මංකොල්ලයක් සිදු කළෙත් දින 100දිමයි. පසුගිය දින 100 දී එජාප අතීතය මට යළි සිහිකර දුන්නා‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේදී ජනතාව අමතමින් පැවසීය.
‘අපේ කාලයේදී නීතියේ ආධිපත්‍ය රැකුණා. පළිගැනීම නැවතුණා. අපි ව්‍යවස්ථාවෙන් පිට ගියේ නෑ කිසි දිනෙක. අපි කළ සංවර්ධන වැඩට දින 100 රජය උප්පැන්න දුන්නා‘
ආණ්ඩුව භාරදී හිස් අතින් ගමට ආ මට මොන චෝදනා නැගුවත් මම රටට ආදරෙයි. දිනේෂ්, වාසුදේව, ගම්මන්පිල ආදි සියලු දෙනා එකතු කරගෙන නුගේගොඩින් ආරම්භ කළ ගමන ඒ ජන පවුර මහනුවර, ඇතුගල්පුර, රුවන්පුර, මාතර හරහා හමාගෙන ආ ඒ සුළඟ මහා බලවේගයක් වෙලා ගේ දොරකඩට අද අැවිත් තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විනාශකළ අයට ආයෙත් එන්න ඉඩතියන්න එපා. අපිට ඕනෑ නායකයෙක්ද? හොරෙක්ද? තීරණය ඔබේ අතේ (නි)
අද රටේ මිනිසුන්ගේ ආකල්ප වල ගුණාත්මකබව වර්ධනය වුණේ මහින්ද පාලන සමයේ. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. විසිරිලා හිටපු ජනතාව රට වෙනුවෙන් පොදු අරමුණකට ගත්තේ මහින්ද මැතිතුමා. කවුරු අතිනුත් අඩුපාඩුකම් වෙනවා. ජනතාව ඒකට දඬුවම් දුන්නා. හරි ඒක එහෙමයි. ඒත් පක්ෂ භේදයකින් තොරව විවෘත මනසකින් බැලුවොත් හොඳට පේනවා අද රට අස්ථාවර වේගෙන එන බව. ජනතාව නැවත පොදු අරමුණින් කැඩිලා පෞද්ගලිකත්වය ඉස්මතු වෙනවා. එහෙම රටකට කවදාවත් ක්‍රමවත් සංවර්ධනයකට යන්න බැහැ. 88/89 ලෝකයේ අමානුෂිකම විදියට හැසිරුණු, රාජ්‍ය සම්පත් විකුණලා මිනිස්සුන්ට කන්න දීලා ඡන්ද පදනම ශක්තිමත් කරගන්න හදපු ආත්මාර්ථකාමී කට්ටිය ගැන කවුරුවත් විවේචනය නොකිරීම කණගාටුවට කරුණක් වගේම ආත්මාර්ථකාමී මිනිස්සු කවුද කියලත් පේනවා. නීතියක් ගැන කතා කරන්නත්වත් බැරිවුණ ඒ අඳුරු අතීතය වගේම, වර්තමානයේ සැබෑ තත්වයත් පෙර තිබූ තත්වයෙන්වත් නීතිය ක්‍රියාත්මක නොවීමයි. ආණ්ඩුව කරන්නේ වචන වලින්. මිනිස්සු වචන වලට රැවටෙනවා. (නි)
යහපාලන ටොයියන්ට වතුර නොපෙවෙන තරමට ලෙඩේ අසාධ්‍ය වී ඇති බව පෙනේ.බිය නොවන්න අපි ඔබ සැමට 17 වෙනිදාට ප්‍රතිකාර ලබාදෙමි..(බ)
මෙතන සමහර අය, අපි දැකපු දේත් විකෘති කරලා පෙන්නන්න හදනවා. තමන් හදාගත්තු පටු රාමු, තමන්ගේ මතයට වාසිදායක දේ අනිත් අයට පටවන්න හදනවා. ඒ අය හිතන්නේ තමුන්ට විතරයි තේරෙන්නේ කියලා. ඊට පස්සේ ඒ අයටම සත්‍ය පෙනෙන්නේ නැතුව අනිත් අයටත් කරදර ගෙනෙනවා. ආවේග ශීලීව අනිත් අයට බනිනවා. අපේ සමාජය මේ තත්ව වලින් මිදුනොත් තමා හොඳ දේශපාලන සංස්කෘතියක් ඇති වෙන්නේ. (නදී)
ඔබතුමාම නේද කිවුවේ හොරුන් රැක්කා කියලා? ඇයි මේ කතාව මාරු කරන්නේ? (නි)
අපිට නම් ඔයා ඕනේ නැහැ (නදී)
මොනවද මෙතුමා කියන්නේ, මෙතුමම නේද කිවේ මම වැරදි කරපු අයට නිදහස දුන්නා කියල. දැන් කියනවා නිතිය හරියට තිබුනලු. (නදී)
අමතක කරලමු පැරණි කතා. එක්වෙමු ජාතික දියුනු පතා (නදී)
අපි දන්නවා කුඩු වලට නිතිය කරපු හැටි. විලි වහගෙනද කතා කරන්නේ (නදී)
එතකොට දැන් අපිද වැරදි කරලා තියෙන්නේ? (නි)
බඩුම තමා ...ඔක්කොම හරියට කළා.. අර සුමනදාසයා තමයි හරියට නොකළේ... (බ)
ඔබතුම කොහොමද ඔහොම කියන්නේ. ඔබතුමාමනේද කිව්වේ,.......(ම)
අද පන්සිල් ගනිද්දී මුසාවාදා වේරමණී කිවුවේ නැද්ද මහත්තයෝ. (නි)
කොහොමද ඔහොම කතා කරන්නේ (ම)
චමින්ද ඔබේ අදහස හරියට හරි. (ර)
කටින්ද කථා කරන්නේ (බ)
හිතන් ඉන්නේ රටේ ඉන්නේ මෝඩයෝ කියලා (නදී)
එ්ක තමා රටේ ජනතා සල්ලි කෝටිගණන් වැයකරලා කඩින්කඩ මැතිවරණ තියලා තව කෝටි ගණනක් විදම්කරලා සුමනදාසට ඕන විදිහියට කලින් මැතිවරණයක් තියලා ඉල්ලගේන කාලා තවම මදි වගේ මේපාර දෙන්නම් ආයෙමත් නැගිටින්න බැරි වෙන්න (බ)
සමහරු නම් බයවෙලා වගේ හොඳටම.(හේ)
ඔව් නීතිය හරියටම කළා. එ්කනේ නීතියේ ලොකුම ලොක්ක ජනවාරි 9 වෙනිදා පාන්දර කුස්සියේ ඉදල එලියට අාවේ (බ)
ඔව් හරියට කළා තමයි. ඒ දේවල් අපිට මතකයි හොදට.ඒක ඡන්දේ දවසේදී බලාගමු.(හේ)
ඒ ගැන කවර කතාද?(හේ)
රටට නෙමෙයි ඔයා අාදරේ බලයට. (හේ)
"නීතිය හරියට කලා"? දන්නවද නීතිය කියන්නේ මොකක්ද කියලා? හොරකම් කරන මිනීමරුවන් නිදහස් කරන අශ්චාර්යට නෙවෙයි නීතිය කියන්නේ. එහෙම නොකරන එකට. මේවා අහන මෝඩයෝ ඉන්න නිසා හොඳයි.(නදී)
ඔබ තුමා සේරම හරියට කළා නම් ඉවරයිනේ (නදී)
විමල් වාසු ගම්මන්පිල දිනේෂ් මහින්ද ඉල්ලලා පටන් ගත්ත රැස්වීම් කව්ද කළේ කියල ඔය අපුරුවට කියල තියෙන්නේ . (දිනේෂ්, වාසුදේව, ගම්මන්පිල ආදි සියලු දෙනා එකතු කරගෙන නුගේගොඩින් ආරම්භ කළ ගමන) ඔන්න බළලා පැන්නා.(නදී)
අපි සැමදා ඔබ සමගයි. සමහර අයට පසුගිය වසර 25 කාලය අමතක උනාට අපි බය නැතිව රටේ ඕන තැනක යන්න නිදහස ලබා දුන්නේ ඔබයි (නදී)
"අපේ කාලයේදී නීතියේ ආධිපත්‍ය රැකුණා. පළිගැනීම නැවතුණා" ඔව් අපිට තාම මතකයි මහත්තයෝ.(නදී)
අපේ කාලේ නීතිය හරියට කරපු විදිහ මුල් ලෝකෙම දන්නවා රජතුමනි. එතනෝල් ගැනත් මොන කතාද ? අපි නොදන්නා එතනෝල් කිව්වලු. තණ්හාය ජායති සෝකෝ කියන බුදු වදන සිහිකරගෙන ගෙදරට වෙලා නාලා කාල ඉම්මු තවත් දඟලන්නේ නැතිව. (නදී)
සරත් පොන්සේකා කුදලාගෙන ගියපු විදිහෙන් අපි දැනගත්තා ඔබ තුමා පළිගන්නේ නැහැ කියලා. ඒ වගේම අගවිනිසුරු වරියගේ සිද්දියෙන්ම අපිට තේරුණා ඔබතුමා කොච්චර නිති ගරුකද කියලා.(නදී)
"අපේ කාලයේදී නීතියේ ආධිපත්‍ය රැකුණා." අපොයි ඔව් නීතිය ආදිපත්‍ය රැකුන හැටි කියන්න දෙයක් නෑ. බලාගෙන ඔය හමන සුළඟ මහා කුණාටුවක් වෙලා ප්‍රපාතයටම ගහගෙන යයි.(නදී)
මෙයාම කිව්වා, හොරු ආරක්ෂා කලා, හොරු බේරගත්තා, ආයතනවලට බලපෑම් කලා කියලා. නීතිය බල්ලට ගිය තවත් එක 10 අවුරුදු යුගයක් තමයි අප පසු කලේ. නැවත ඒ යුගය අපට එපා. (නදී)
ටෙස්ට් (බ)
මොහුගේ එකම බලාපොරොත්තුව ඔහුගේ කාලයේ ඇතිවූ දුෂණ වංචා යටපත් කිරීමයි. ඔහු වටේ සිටින කුඩැල්ලන් ද එසේමය. යනෙන මන් නැති අාතක් පතක් නැති හැමෝම රොද බැඳ ගන්නේ පලක් ප්‍රයෝජනයක් ලැබෙන තැනටය. මෛත්‍රීගෙන් රනිල්ගෙන් එවැනි දේ ලැබෙන්නේ නැත. මන්ද ඔවුන් හොරුන් නොවන නිසාවෙනි. අනෙක පරාද උනානම් දැන් කරගෙන යන අයට එසේ කරගෙන යාමට කාලයක් දිය යුතුය. මහින්ද වැනි නායකයෙක් අප රටේ මෙතෙක් සිටියේ නැත. යුද්දය කාලේ ෆොන්සේකා 90% ( ත්‍රිවිද හමුදාව ) සහ ගෝඨාභය 10% ලෙසිනි. මහින්ද කල කෙන්ගෙඩියක් නැත. ඔහුට යුද්දය අවසාන කිරීමේ අවශ්‍යතාවක් තිබුනේද නැත. වාසනාවට හෙළ උරුමය මාවිල්ලාරු මෙහෙයුම කළනිසා යුද්දය ඇතිවුනි. මහින්දට අවශ්‍ය වුයේ ඔහුගේ 3 වන වාරය තෙක් සිට යුද්දය කරමින් නිමවා හෝ අවසානය තෙක් ලංවී තම පුතණ්ඩියාට බලය ලබාදීමය. ඔහුකල සංවර්දන මහාමාර්ග පමණි. ඒ ගසාකෑමට ලෙහෙසි මගක් නිසාවෙනි. මත්තල එයාර් පෝර්ට් එක, වරාය, මිහින් ලංකා, පලක් ප්‍රයෝජනයක් නැති හම්බන්තොට සහ තමාගේ නම පිම්බීම නිසා කොපමණ මුදලක් නහස්ති කලේද ? මෙම මුදලින් ලංකාව පුරා හයිවේ හදුවේනම් හොරකම් කලත් ප්‍රයෝජනයක් තිබුණි. කෙසේ වුවද මොවුන්ගේ අදහස නැවත බලයට පැමිණ පරණ කෙරුවාව 200 ගුණයකින් වැඩිකර මෛත්‍රීට බුලට් එකක් දීමය. එවිට මහින්ද, ඇතුළු පිරිස කොටි සහ ජාතිවාදය දඩ මිමා කරගෙන චිරාත් කාලයක් වැජෙඹුනු ඇත (නදී)
එතුමා යලි බලයට එන ක්‍රියා පටිපාටිය මෙහෙමයි. ජනාදිපති තුමා මහින්ද මහත්තයට අගමැති කම නොදුන්නොත් පාර්ලිමේන්තුව කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා එ්ක දෙන්නම වෙනවා. ඊට පස්සේ බහුතරය මගින් දෝෂාභියෝගයක් ගෙනල්ල පක්ෂය පාවා දුන්න කියල මෛත්‍රී මහත්තයව ගෙදර යවනවා. ඊට පස්සේ මෛත්‍රී ට වෙන දේ ගැන කියන්න ඕනේ නැහැනේ. ඊළඟට නැවතත් ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ල 19 අන් ඩු කරලා 18 රී ඩු කරනවා. යු.එන්.පී එකේ ගෙම්බෝ කීපදෙනෙකුත් අාපහු මහින්දට එකතු වෙනවා. රට අාපහු 2010 වගේ පිළිවෙලට මහින්ද මහත්තය කරගෙන යනවා.(නදී)
අනේ සර්, ඔබතුමාලගේ කාලේ පොලිස් රාළහාමිලා කීදෙනෙක් දේශපාලුවන්ගෙන් ගුටිකෑවාද. (නි)
හැමදේම කළ විදිය දන්නා නිසා ජන 8 වගේ ගෙදර යන්න හිතිලා වගේ. ඔය වගේ අයට මේ රට බාරදෙන්න ජනතාව සුදානම් නැති බව තේරුම්ගෙන වැඩකළොත් හොඳයි (නි)
චමල් ගේ කතාව හරියටම හරි. මහින්ද මහත්තය කියනවා "වැරදි හදාගෙන ඉදිරි ගමන යනවා" කියලා. නමුත් බලයට පත් වූ පසු ඒ ගැන මොන කතා ද? බුද්ධිමත් ජනතාව නිවැරදි තීරණයක් ගනු ඇති කියා විශ්වාස කරනවා. (ර)
මෙහෙම කාලයක් ගැනනම් කවදාකවත් අපි අහල නැහැ. අපි ඒ දවස් වල හීනයක්වත් දැක්කද? (ර)