ගමේ පාසල්වල සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර තලය දක්වා ගෙනගොස් රටට ඔලිම්පික් ජයග්‍රහණ ලබාගත හැකි දියුණුවක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(24) අරලියගහ මන්දිරයේ දී ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින් පැවසීය.
‘අවාසනාවකට පසුගිය සමයේ ක්‍රීඩාව පාසලෙන් ඉවත් වූණා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද ජාත්‍යන්තර තලයට ගොස් ඇත්තේ 1978දී එක්සත් ජාතික පක්ෂ රජය ගත් තීරණයක ප්‍රතිඵල නිසයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ජයගත් ලෙසම සෙසු ක්‍රීඩාද දියුණු කිරීමට කටයුතු කරනවා‘ යැයි ද අගමැති කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියනවද, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොවෙයි තවත් ඒවා ජාත්‍යන්තර තලයට ගොස් ඇත්තේ 1978දී එක්සත් ජාතික පක්ෂ රජය ගත් තීරණ හින්දනේ. තව තව ඒවා අනාගතයේදී යයි. (නි)
ගාමිණී දිසානායක මැතිඳුන්වත් මේ වෙලාවේ මතක්කරන්න ඕනෑ (නි)
අනේ මන්දා, හැමෝම වංශය කබල් ගානවා වගේ. මම නිසා, අපි නිසා කියමින් කයිවාරු ගසමින් සිටිනවා පමණි. (නි)
1977 කාලේ විනිසුරුවන්ට ගල් ගැසීමෙනුත් ඉදිරියට ගියානේ. (නි)
ඒ ගෞරවය යන්න ඕනෑ දිවංගත ගාමිණි දිසානායක මැතිඳුට. මහවැලිය වැනි දැවැන්ත ව්‍යාපාර මඟින් දුප්පත් ගොවීන්ට ගොවිතැන් සඳහා ජලය ලබාදුන්නත් එතුමාට නිසි ගෞරවයක් ලැබුනේ නැහැ (නි)
තරුණ කොල්ලෝ 60000 විතර එලොව යැව්වා කියලත් කියනවා 88 හා 89 කාලේදී . දැන් මතකද දන්නේ නැහැ. (බ)
අපිට දුකයි ජනවාරි 8 අපි ගත් තීරණය ගැන (නි)
දැන් ඔය මොනවා කිවුවත් ඕවා ක්‍රියාත්මක කරනවද? (නි)