සමාජයට යම් අසාධාරණයක් සිදු වන විට, බියක් සැකක් නැතිව ඊට එරෙහිව පෙනී සිටින බව ප‍්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසීය.
‘කාන්තා අභිමන්‘ නමුන් එම පුවත්පත් සාකච්ඡාව නම් කර තිබිණි.
‘‘සමාජයක් බිහිකිරීමේ වැඩි කාර්යභාරයක් සිදූ කරන්නේ කාන්තාවන්. දරුවෙන් බිහිකරනවා කියන්නේ සමාජයක් බිහි කරන එක. එසේ නම් සමජයෙ යම් කිසි අසාධාරණයක් සිදුවන විට පෙරමුණ ගත යුත්තේ අම්මා. අද යමක් කතා කරන්නෙ හරි බයෙන්. මීට විරුද්ධව හඬ නැගීමටත් අපි ලොකු බයකින් හිටියේ. මහ හිතා ගත්තා අපි තවත් බයෙන් සිටිය යුතුද කියා. අපි නිහඩව සිටියොත් කවතාවත් අපිට නිදහසක් ලබා ගන්න බෑ.
ආර්ථික අපහසුතාවක් තිබෙනවා නම් මුලින්ම දැනෙන්නේ කාන්තාවන්ට. කුස්සියෙ ඉන්නේ අම්මා. උයන්නේ අම්මා.
අපි බය වෙන තවත් දෙයක් තමයි මත්ද්‍රව්‍ය. දැන් පිළිලයක් වෙලා. ගෙදර ඉන්න අම්මලා, අක්කලා ඔක්කොම ඉන්නේ බියෙන්. තමන්ගේ සැමියා, දරුවා ඊට බිලි වෙයිද කියා නිතරම බියෙන් සැකෙන් ඉන්නේ.
කෝටි ගණන් එතනෝල්, මත්ද්‍රව්‍ය අහුවුණා. ඒ අල්ලපු ඒවාට මොකද වුණේ. ඇල්ලුවා කියා පෙන්නුවා. ඉන් පසු මොකද වුණේ කියා නෑ. ඒවා කරපු අය නිදැල්ලේ ඉන්නවා. මේ රටේ සාධාරණ යුක්තියක් නෑ. නීතිය අවනිතීය වෙලා. ලංකාවේ පලමු අගවිනිසුරුවරියට යුක්තියක් ඉටු වුණේ නෑ. පාරේ වැඩ කරන කාන්තාවන් ගැන කවුරුත් කතා කරන්නේ නෑ.
අද රජයක් නෑ. ආණ්ඩුවක් තියෙන්නේ. රජයේ දේපොළ නෑ. සේරම ආණ්ඩුවේ දේපොළ තියෙන්නේ. අපිට අදහස් ප්‍රකාශ කරන්න තැනක් නෑ. ඒකයි අද මෙතනට ආවේ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නලින් මොන වෙනස තිබුනත් 9 වෙනිදා උදේ වෙන කොට මහින්ද මහත්තය වැඩි ඡන්ද ලක්ෂ 25 ට වැඩියෙන් අරන් තුන් වෙනි වරටත් අපේ රටේ ජනාදිපති. (ස)
අපිට කන්න දෙනවා නම්, අපිට බොන්න දෙනවා නම්, මොන කෙංගෙඩියද තව ඕනෑ කියන්නේ.... (නි)
ඔබ වැනි කාන්තාවන් අනාගත දැක්මෙන් කටයුතු කිරීමම සතුටට කාරණයක්. මෙත්සිත් පහලවීමද අපේ ජයග්‍රහණයක්. ජයවේවා. (නදී)
අනේ මැඩම්, 8 වෙනිදට පස්සේ ඔය කඩේ සම්පුර්ණයෙන්ම වහනවා. වැඩි විස්තර දැන ගන්න ඕනා නම් පාලිත සිල්වා මහතාගෙන් අසා දැන ගන්න (නදී)
ජනාදිපති තුමාගේ පැත්තට කතා කරන කලාකරුවන්ගේ ඒවා නැහැනේ (නදී)
සචින්, රජයේ නාලිකා බැලුවා නම් නිදාගන්න වෙලාවෙත් ඔයාට පෙනෙයි කඩේ යන කටිටිය (නදී)
අපි කවූරුත් වයසට යනකොට පවතින ආණ්ඩුව පළිද .....? කලින් සිටම අපි සුදානම් වෙන්න ඕනෑ අපේ ඉදිරියට එන මහලු කාලයට මුහුණ දෙන්න. (නි)
මේවට උඩ පැන පැන හිනාවෙන්න තමයි තියෙන්නේ ඉතින්. (නදී)
නිමල්, පොදු අපේක්ෂකයා කියලා තියෙනවා වී වලට රු. 50.00 සහතික මිලක් දෙනවා කියලා. එතකොට හාල් 40.00 ට ගන්න පුළුවන් !!!!! (නි)
හැමෝම ඔහොම නම් හොඳයි. හිතට එකඟව කතාකරන්න (නදී)
ඒක නම් ඇත්ත (නි)
අපි පස්සේ මේ ගැන හිතමු (නි)
දයාබර ධීපානි මහත්මිය ,ඔබ විශිශ්ට ඝනයේ කලාකාරිනියක්.දේශපාලන මඩ ගොහොරුවට වෑටෙන්න එපා කියලා මම බොහොම කාරුනිකව ඔබ තුමියගෙන් ඉල්ලා සිටිනවා.(හේ)
මේ තියෙන්නේ ජනවාරි 8 වෙනිදා ප්‍රතිපල , මේ මිනිස්සු අවන්කවම රට ගැන හිතල නේද මේ එන්නේ ? අනිත් අයටනම් මිලියන ගානින් කුට්ටිය ලැබෙනවනේ , (අ)
ලක්මවගේ එඩිතර දියණියක් සේ මෙම ප්‍රකාශය කිරීම ගැන කෘතඥ වෙමු (නි)
ප්‍රති පත්ති ගොඩක් දෙපැත්තෙන්ම එකක් වත් ඉටු වෙන්නේ නැති එක ගැනයි දුක. පනින රිලවුන්ට දෙන්න ඇමති කම් තියෙයිද අලුත් කැබිනට් එකේ පොරොන්දු වෙන විදියට. දැන් ඉන්න ගානට වැඩියේ දෙගුණයක් වත් අමාත්‍යංශ හදන්න වෙයි. අහෝ ලංකාවේ දේශපාලුවෝ රට කන හැටි. (නදී)
89 කාලයේ ලංකාවේ නෙමෙයිද මන්දා සමහරු ඉඳලා තියෙන්නේ? (නි)
තවත් මෙවැනි දිරිය කාන්තාවන් සිටි නම් ඉදිරියට එන්න බය වෙන්න එපා විශේෂයෙන්ම සමාජයේ නමක් දිනා ඇති චරිත (ස)
දීපානි මහත්මිය, මම ඔබගේ රංගනය ඉහලින් පිළිගත් කෙනෙකි. එහෙත් ම කියන දේ හිතට ගන්න..අදින් පසු ඔබගේ ජිවිතයේ අභාග්‍ය ලංවිම අාරම්භ වේ. (ස)
සියලුම ශ්‍රි ලංකීක කලාකරුවන්ගේ සිත් නෙත් මෙම ප්‍රකාශය දෙස යොමු වේවා.(හේ)
එච්චරටම අහේනිද අප්පේ? (නි)
රටක් තියෙන්න ඕනෑ නමට නෙමෙයි. හදවතට දැනෙන්න. (නි)
දීපානි අදීන ජනතාවාදී කලාකාරියක්. එතුමිය වීදි නාට්‍ය කලාවේ යෙදී ජනතාවට කල රසාස්වාදය ලං කිරීමට පුරෝගාමී වූ ප්‍රථම කාන්තාවය.(හේ)
රන්ජිත් මහත්තයා දැන් මොකක්ද කියන්නේ? (නි)
කඩේ යන අයගෙත් සපත්තු ලෙවකන උදවිය ඉන්න බව මම දැනගත්තේ අද. ලැජ්ජාවක් නැතිව සමහරු බන්දුලගේ සපත්තු ලෙවකන හැටි. (නි)
කතාව ඇත්ත. අපි වෙනසක් කරමු එහෙනම්. (නි)
බිලියන ගණන් වැය කරලා යුද්දේ කරන කාලේ හාල් කිලෝ එක රුපියල් 40 යි. යුද්දේ ඉවර වුනාට පස්සේ ඒක රුපියල් 100 යි. ඇත්තටම ආශ්චර්ය ඒකම තමයි. (හේ)
මේ නෝනට මතක නැහැ යුද්ධෙන් වැඩියෙන්ම පීඩාවට පත් වුනේ කාන්තාව බව. (ස)
අපේ අත්දෙකේ ඇඟිලි දහයෙන් පිටවුණ අත්පුඩියෙන් රටක් දිනු ඔබ ඔය විදියට කතාකරනවා දැකීමත් අපිට කණගාටුවකි (නි)
දීපානි මහත්මියනි, ඔබට අපේ ආචාරය. සමාජයට විශාල මෙහෙවරක් කරන කලාකරුවන්ගේ යුතුකමක් ඔබකරන්නේ. අදින් පසු ඔබගේ ජීවිතයේ අභාග්‍ය නොවේ අප සැම දෙනාගේම භාග්‍යම වේවි. (නදී)
කලාකරුවෝ ඔක්කොම මහින්ද හොඳයි කියන්න තරම් බංකොලොත් නෑ (නදී)
මේ ආණ්ඩුව තරම් ජනමාධ්‍ය ඔස්සේ දිනපතාම විවේචනයට ලක් වීමට ඉඩ දී තිබුණු ආණ්ඩුවක් අපට නම් දකින්න තිබුනේ නැත. ඉස්සර කොහොමද? පත්තරේක ෆොටෝ එක්ක දාපු කෙනත් ඝාතනය කෙරුණා. 'මේ කවුද? මොනවද කරන්නේ?' නාට්‍යය කරපු රිචර්ඩ් දී සොයිසාට වෙච්ච දේ මතකද? දීපානිල ආයිත් ඉල්ලන්නේ ඒ යුගයද? මොලේ ටිකක් යොදවල කල්පනා කරන්න. (අ)
9 වෙනකම් මර නින්දේ හින දකින කළු සුද්දෝ ටික 9 උදේට අඩ නින්දෙන්ම හිනත් එක්කම ඇදෙන් බිමට පතබා වෙනහැටි දකින්න මමනම් මේ 9 වෙනිදා වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ..උන්ට හු කියන්න..(නදී)
දහම්, මේ රජය යටතේ මියගිය,අතුරුදන්වුණු,ජනමාද්‍ය කරුවන් ගොඩක් ඉන්නවා. ඔයත් මොලේ ටිකක් යොදවල බලන්න ඇයි රජයේ කට්ටිය මෙච්චර අනිත් පැත්තට එන්නේ කියලා. (නදී)
හරියටම හරි. කොච්චර බය වෙලාද කිව්වොත් දැන් රූපවාහිනියේ දැන්වීම් පවා දාන්න පටන් අරන්. අනේ අම්මපා කටවුට්, පෝස්ටර් ගහපු සල්ලි වලින් වතුර නැති ගමකට වතුර අරන් දුන්න නම් මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ කෝටි ගානක සල්ලි වලින් ලයිට් කණු ගානේ ගැහැව්ව සල්ලි කන්දරාව (නදී)
මහින්දට ජය ! (නදී)
අනේ බන්දුල, අපි හැමෝගෙම හූවට තමන්ගේ කන් බෙර දෙකට ගැට බෙර දෙකක් දාගන්න වෙයිද කවුද දන්නේ? (නි)
බන්දුල පෙරේරා 9 වෙනිදා පාර දිගේ උමතුවෙන් යන හැටි මට හීනෙන් පෙනෙනවා වගේ. (නි)
ඇයි අනේ මිනී කඳු ගොඩ ගැසුව හැටි, දූෂණ වංචා කළ හැටි, කොටින්ව හුරතල් කරපු හැටි දන්නේ නැද්ද? කලයුත්තේ පිල් මාරු කිරීම නොවේ නායකයන් ගේ දේශපාලුවන්ගේ බලය අඩු කර ජනතා බලය වැඩි කිරීමයි. මහින්ද එලවා අනිත් අයට බලය දුන්නොත් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එකයි. (නදී)
මිත්‍රවරුනි, මේ වෙනකන් ඇඳුම් නැතිව කඩේ ගිය බන්දුලට අපි 9 වෙනිදා හොඳ ඉස්තරම් ඇඳුම් කට්ටලයක් අන්දවා මහත්තයෙකු ලෙස කරලියට ගේනවා. එ්කත් අපේ හීනයේම වැදගත් කොටසක්. (නදී)
බන්දුල පෙරේරා 9 වෙනිදා ග්‍රහචාරය ගිහින් බලන්න. සෙනසුරා මුදුන් වෙලා බව පෙනේවි. (නදී)
බන්දුල ඔයාට පුළුවන් අර බකිංහම් අශ්වයා පිට නැගිලා කළු සුද්දෝ මතක් කර කර රවුමක් යන්න. බැරි නම් අපි සභාව ගානේ කොටළුවෙක් දෙන්නම්. (නදී)
රංජිත් ගේ කතාව හරියට හරි (නදී)
දීපානි, ඔය ඔක්කොම ඇත්ත. එ් වුනට විපක්ෂයට ගියා කියල ඔය ඔක්කොම නැතිවෙනවද ? ආණ්ඩුවේත් විපක්ෂයේත් ඉන්න ගොඩක් අය රට කන අය. වෙනසකට තියන්නේ එහාට මෙහාට පනින එකයි (නදී)
නිමල් අයියේ. දැන් හාල් කිලෝ එක රුපියල් 40 ට දෙන්න බැහැ. අපේ වී කිලෝ එකට ගෙවන සහතික මිලත් 40 ක් 50 ක් වෙනවා. ඔයා කන්නේ මොන රටේ හාල්ද දෙයියන්ගේ හාල්ද, අද සතොසේ සම්බා 60 ට දෙනවා. ඒ හාල් කන්න. නැත්තම් දිරවන්න බැරුව යයි (නදී)
මොකුත් ලැබිල නැතුව සිත් තැවුලෙන් වගේ දීපානි නිළිය ඉන්නේ (නදී)
තාත්තගේ නම ගෙනියන දුව. අපිට මතකයි දේ. පීටර් සිල්වාගේ වෘර්ථිය නායකත්වය (නදී)
සම තැන හිම විය යුතුය. රටක සිටින්නේ පිරිමි පමණක් නෙමේ. ගැහැණු පමණක්ම නොවේ. රටක නිතිය තිබිය යුතුය. දැන් අප සිටින්නේ නීතිය ගිලිහුනු රටකය. මම ඔබව දකින්නේ නිලියක් විදියට නොවේ, අසාදාරනයට එරෙහිව සටන් කරන යුද සෙබලෙක් ලෙසය. ඔබගේ අරමුණ ඉතා වැදගත් අරමුණක්. ජය වේවා (නදී)
අනේ ඇයි දීපානි අක්කේ මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ .ඔයාගේ සහෝදර කලාකරුවන්ට පහුගිය කාලවල කරපු දේවල් ඔයාට මතක නැද්ද. තමන් කැමැති දේශපාලනයක් ගැන කතා කරන්න බැහැ මැරවරයෝ අවිල්ලා බය කරලා කොණ්ඩ කපලා යනවා නැත්නම් ගෙවල් ගිනි තියනවා. කෝ ඒවා කෝ දැන්.? අායෙත් ඒ වගේ යුගයක්ද ඔයගොල්ලන්ට ඕන කරන්නේ. හිතට එකගව කතා කරන්න (නදී)
ඔබගේ නිවැරදි තීරණයට ස්තුතියි (නි)
බන්දුල පෙරේරාට රට ඇතුලේ කළු සුද්දෝ පේන්නේ නැහැ . අර අශ්වයා බලාගන්න ඉස්තාලේවත් රස්සාවක් ඉල්ලා ගන්න බන්දුල. (නදී)
අපිත් මේ 9 වෙනිදා වෙනකම් බලන් ඉන්නේ.(හේ)
රසිකයෝයි, ඔයගොල්ලනුයි පාවා දීලා බොරු කියමින් කඩේ යන එක්කෙනාට කඩේ වැහුවම ඊළඟට මොනාද වෙන්නේ? (අ)
ශක්තිමත් කොන්දක් ඇති කලාකරියකගේ මුවින් පිටවු සත්‍යය.ස්තූතියි නෝනේ.(හේ)
පව් කට්ටිය, හිතට දුකයි. මොනවා කරන්නද ? හැමදාම මැතිවරනෙකදී අන්තර්ජාලයෙන් ආණ්ඩු පෙරලනවා, ආණ්ඩු හදනවා. (නදී)
මෛත්‍රී කීවා වගේ අර ඇමරිකන් බකිංහැම් අශ්වයාද ? (නදී)
ඒ වුනාට මෙතන ලියන කවුරුවත් අන්තර්ජාලයේ පිහිටෙන් කොම්පියුටර් ජිල්මාට් දාන්නේ නැහැනේ බන්දුල . අන්න එතන වෙනසක් තියනවා. (නදී)
මෙයාගේ කොහොමත් රඟපෑම ටිකක් වැඩියි (නදී)
ඔය ටික තේරෙන්නේ නැති ටිකකුත් ඉන්නවා. බෝතලේට යට උණු රට කන චන්ඩි ටිකක් (නදී)
හිටිය නිසා තමයි අපි තුන්ඩුවෙයි සුදු වෑන් එකෙයි සමාන කම් දන්නේ ඉන්දික (නදී)
ඔබට මගේ උපහාරය ! (අ)
මේක නම් රඟපෑමක් නෙමෙයි වගේ. (නදී)
නෝනා මෛත්‍රී මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ එතනෝල් නවත්වනවා කියල නෙමේ බදු නොගෙවා ගේන ඒවා නවත්වනවා කියලා. බදු ගෙවල ගෙනාවම කමක් නැද්ද ? (නදී)
ඔබට ජනතා ප්‍රණාමය. (ර)
බලමු අටවෙනිදට (නි)
මම ඒක අනුමත කරනවා . මේ පාර මෛත්‍රී දින්නනවමයි.(හේ)
ඔබ කොයි නාට්‍යයේත් එකම ආකාරයේ රංගනයක් නමුත් තාත්විකව කරන නිළියක් බව අපට පෙනෙනවා. කාන්තාවන් ගැන කතා කරන ඔබ ඔවුන් ගැන කිසිදා හඬක් නැගලා තිබෙනවාදැයි අප නම් දන්නේ නැහැ. අම්ම කෙනෙකුට දැනෙන්න ඕන ගින්න කුඩු සහ එතනෝල් ගැන නොවෙයි. තමන්ගේ දරුවන්ට රටක් ඉතුරුවෙයිද රට ආපස්සට ගිහින් නැවතත් ලේ වැගිරීමක් එයිද කියන එකයි. ඔබගේ පියා ගුරුවරයෙක්ව වෘත්තිය සමිති කරමින් රටට කිවේ ඔබ කියන දේ නොවෙයි නේද.? (ස)