ඉන්දියා ශ්‍රමිකයින්ට මෙරට ශ්‍රම වෙළඳපොළ විවෘත කරමින් රජය අත්සන් තැබීමට යන ඉන්දු ලංකා ආර්ථික ගිවිසුම මගින් රටේ ආර්ථික සවෛරීයත්වය විනාශවී යන අතරම මෙරට ශ්‍රමිකයින්ටද ගැටලු රැසක් ඇතිවිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමෙන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
ලොව බොහෝ රටවල් තම රටට ඉන්දියා ශ්‍රමිකයින් ඇතුල්වීම පාලනයට විශේෂ සීමා දමා තිබියදීත් සාපේක්ෂව කුඩා ආර්ථියක් ඇති ශ්‍රීලංකාව වැනි රටක් ඉන්දියා ශ්‍රම වෙළපොළට විවෘතවීම ඉතාම බරපතල තත්ත්වයක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අවශ්‍ය අවස්ථාවලදී ඕනෑම රටක් සමග ගිවිසුම් අත්සන් කිරීමේ වරදක් නැතත් රටේ ආර්ථිකය ස්වෛරීයත්වය විනාශ කරන්නාවූ ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ නොදිය යුතු බවද බිමල් රත්නායක මහතා කීවේය.
ලංකාවේ කිසිවකුටත් නොදන්වා ඉන්දියාවට මෙය ලබාදීමට රජය ගන්නා උත්සාහය ගැතිකම ප්‍රදර්ශනය කිරීමක් යැයි ඔහු පැවසුවේය.
බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල,පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවකදීය.
ඡායාරූප ලහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම ගිවිසුම වගේ තියේවි .අත්සන් කරනවා ජනපති දන්නෙත් නැති වෙයි. එයා හැම දෙයක්ම දන්නේ වුනාට පසුවනේ (බ)
ජ වී පෙත් මේකට හවුල්, දැන් බබාල වෙන්න හදනවා, ප්‍රතිපත්තියක් නැති ටිකක් තමා ජ වී පෙ කියන්නේ. (බ)
මෙයාලට ඡන්දෙ දුන්නේ ඉන්දියාවේ අයද දන්නෙ නැහැ (නි)
දැන්වත් තේරුම් ගිය එක ගැන සතුටුයි. විමල් ඒක කියනකොට එයාව පතුරු ගැහුවා. (නි)
රට නගා සිටවපු පුරෝගාමියාව එලවා දැමු ජනතාවට හොඳ පාඩම්! මම නම් දැන් උපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා. (බ)
පේනවා නේද රටට වෙන්න යන දේ? මහින්ද ගෙදර යවන්නනේ හැමෝටම ඕනෑ වුණේ. යහපාලනය දැන් කොහොමද? (නි)
ආණ්ඩුව හදන්න උදව්කළ වර්තමාන ජවිපෙ නායකයොත් මෙයට වගකිවයුතුයි. (නි)
ඉන්දියාව දකුණු ආසියාවේ බලවත්වීමේ ප්‍රතිඵලය වෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන වලට වෙළඳපොල යුරෝපයට ඇමරිකාවට වඩා දකුණු ආසියාව පහසුවීම නේද? (නි)
ඉන්දියාවේ තිබෙන රැකීරක්ෂා ප්‍රශ්නයට අපේ රටින් කිසියම් පිළිතුරක් ලැබී තිබෙනවා. ඉතින් ඒකේ වරද ඉන්දියාව නොවෙයි, අපේ. අපේ නායකයන් අප රටේ ජනතා අවශ්‍යතාවයනුත් අපේ ප්‍රශ්නත් දෙගුණ තෙගුණ නොකිරීමත් වගබලාගන්න ඕනෑ. (නි)
දැන් කොළඹ හෝටල් පරික්ෂා කළොත් ඉන්දියානු , පාකිස්තානු ශ්‍රමිකයන් නැද්ද කියන්න (නි)
බිමල් කොහෙද කියන්නේ අපේ කටේ පිට්ටු නෑ කියලා (බ)
ඉන්දියාවේ ගණිකාවන්, කොළඹ වැඩ පටන්ගනිවී. අලුත් ආරංචියක් ...අතමානට ගන්න තියේවි...පරිස්සමින් ..(බ)
ඉස්සර වතු දෙමළ මිනිසුන්ට ලංකා පුරවැසිබාවය දුන්නා වගේ දැන් ඉන්දියන්කාරයෝ ලංකාවට ඇවිල්ලා. ඊටපස්සේ ලංකාවේ කාන්තාවන් සමඟ විවාහවුණාම නියමෙට තියෙයි (නි)
පිට්ටු නැත්නම් මේකට පියවරක් ගන්න බැරි ඇයි? (නි)
මේ ගිවිසුමෙන් රටට වන හානියට වැඩියෙන් හානියක් ඔබතුමාලට වෙනවා. මොකද ඉන්දියන්කාරයෝ ඔය කියන කියන වෙලාවට වැඩ වර්ජන උද්ඝෝෂණ වලට නොඑන නිසා. ඔය වැඩේට අපිත් විරුද්ධයි තමයි. ඒ වුණත් තමන්ට වෙන හානිය ගැනත් ඇත්තටම කියලා වැඩේට බැස්සා නම් නේද හොඳ? (නි)
රැකියා දස ලක්ෂයක් දෙනවා කිව්වට බැලුවහම ඒක ඉන්දියාවටනේ. අපිට නෙමෙයි වගේ (නි)
මුළු රටම එකට එකතුවී උද්ඝෝෂණය කලයුතු අවස්ථාවක් මේක. මේ එක එක්කෙනාට ඕන ඕන විදිහට ගිවිසුම් ගහන්න ගියොත් මේ රටේ පොදු ජනතාවට විඳවන්න වෙන්නේ. පක්ෂ පාට භේදයක් නැතුව එකතුවිය යුතුයි. (කෞ)
ලංකාවේ කම්කරුවන් (මම අදහස් කරන්නේ අත් උදව්කරුවන් , බර වැඩ කරන අය )සේවයට ගන්න හිඟ නිසා කම්කරුවන් ඉන්දියාවෙන් හා පකිස්තාන් වගේම බංග්ලාදෙශ්වලින් ඇවිත් දැනටම වැඩ . කොළඹ ආපනශාලා වල ඉන්නේ ඉන්දියන් පිලිපීන සහ තායිලන්ත කුක්ලා. දැන් සිංගප්පුරුවේ වගේ පුසෝ(වීසා නැතිව හොරට ඉන්න අය ) පිරිලා (බ)
අපේ කට්ටියට ප්‍රතිපත්තියක් නැහැ. (ර)
දැන් හොඳයිනේ. අපේ රටේ මිනිස්සු ගැහැණු පිටරටවල දුක් විඳිනවා මුදල් හොයන්න. ඉන්දියානුවන්ට අපේ රටේ රැකියා අවස්ථා උදාකරනවා. හරිම ෂෝක්. හොඳ පාඩම් කාට කාටත්. (නි)
උගත් ඔබතුමන්ලා රටේ ප්‍රශ්න වලට හඩ නැගීම අගය කරමි. (ර)
ඉන්දියානුවන්ට රස්සා දෙන්නද මේ ආණ්ඩුව පත් වෙලා ඉන්නේ.(හේ)
ආණ්ඩු පත්වුණාම මුල අමතක වෙනවා. මෙච්චර රස්සා නැතුව අපේ අය ඉන්නවා. ඒවා පෙනෙන්නේ නැහැ. පිටරට අයගේ රැකියා ප්‍රශ්න විසඳන එක යහපාලනයේ කොටසක්ද? මේ රට තව අවුරුදු 100 කටවත් දියුණු වෙන්නේ නැහැ (නි)
විශ්ව විද්‍යාල සිසුවනී ඔබලාගේ අනාගතය ඉන්දියානුවනට දෙන්නයි හදන්නේ දැන්මම පාරට බැහැපල්ලා. ඉන්දියානුවන් බත් පැකට් එකටත් වැඩ කරවී. (බ)