මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දුර්වලවූ ඉන්දු - ලංකා සබඳතා දැන් වර්ධනයවී ඇති බවත් දේශපාලන නායකයන් අතර සබඳතා වඩාත් හොඳින් ඉදිරියට යන බවත් රනිල් වික්‍රමසිංහ අගමැති ස්විට්සර්ලන්තයේ ඩාවෝස් ජගත් ආර්ථික සමුළුවේදී ඉන්දියාවේ එන්.ඩී.ටී.වී රූපවාහිනිය සමග පැවසීය.
ප්‍රශ්නය -
පසුගිය වසර කිහිපයේ -- රාජපක්ෂ සමයේ-- ශ්‍රී ලංකාවේ වැඩි ප්‍රමුඛත්වය හිමිවූයේ චීනයටයි. ඉන්දියාවට නොවේ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලාද? සම්පූර්ණ වශයෙන් වෙනස් වෙලාද ?
පිළිතුර -
හැම රටක්ම ශ්‍රී ලංකාවේ මිත්‍රයෝ. හැම රටක් සමගම ලංකාව හොඳ සබඳතා පවත්වනවා. ඒ තත්ත්වය දිගටම ගෙන යනවා. චීනය ශ්‍රී ලංකාවේ ලොකු ආයෝජකයෙක්. නමුත් එසේ සිදුවන්නේ ඉන්දියාව පරදුවට තැබීමෙන් නොවේ. එසේත් නැත්නම් වෙනත් රටක් පරදුවට තබමින් නොවේ. සියලු රටවල් සමග අපි හොඳින් සිටිනවා. බටහිරත් සමග අපේ ශක්තිමත් සම්බන්ධයක් තිබෙනවා. ඒ තත්ත්වය අපි දිගටම පවත්වාගෙන යනවා. පාකිස්තානය සමගත් අපි හොඳින් කටයුතු කරනවා. ඉන්දු - ලංකා සබඳතා ගිය රජය කාලේදී ටිකක් නරක තත්ත්වයට පත්වුණා. නමුත් දෙපාර්ශවයම ඒ අවස්ථාවේ කෙසේ ක්‍රියා කළාදැයි කීම මගේ වැඩක් නොවේ. මම ඒ කාලේ ඒ ආණ්ඩුවේ හිටියේ නැහැ. වත්මන් ඉන්දියා රජය එදා තිබුණෙත් නැහැ. දැන් ලංකාවත් ඉන්දියාවත් බලන්නේ අපි ඉදිරියට යන්නේ කොහොමද කියලයි. හිටපු ආණ්ඩු දෙක ඇතැම් කරුණු වලදී එකඟවූ අවස්ථා තිබුණා. එසේ නොවුණු අවස්ථාත් තිබුණා.
නමුත් එය අපේ ගමනට බාධාවක් නොවිය යුතුයි.
ප්‍රශ්නය - ඔබ කියන්නේ දෙරටේ සබඳතා වර්ධනය වන බවද?
පිළිතුර - ඔව්. සැබැවින්ම දියුණු වී තිබෙනවා. දෙරටේ දේශපාලන නායකයන් අතර මිත්‍රත්වය හොඳටම වර්ධනය වී තිබෙනවා. නිලධරයන් අතරත් හොඳ සබඳතාවයක් තිබෙනවා. දේශපාලන නායකයන් අතර මිත්‍රත්වය වර්ධනය වූ විට නිලධරයනුත් සමීප වෙනවා. එයයි දැන් සිදුවන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුනාට ඉන්දියාව කපටියි.(හේ)
ඔහොම තමයි මුලින් නම් ඉන්නේ (නි)
මහලොකු යාළුවා. කොටින්ව පුහුණුකළේ කවුද කියලා දැන් කාටත් අමතකවෙලා වගෙයි. (නි)
දැන් අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් ඉන්දියාව කියන විදියට ඉන්නවා. ජෙට්ස් ගන්න එපා කිව්වම ගන්නේ නැහැ. ඉන්දියාව කියන ඕනෑම ගිවිසුමක් අත්සන් කරනවා. ඉන්දියාවට අපේ මුහුදේ මාළු අල්ලන්න දෙනවා. දැන් චීන ආධාර ගන්නෙත් නැහැ. (නි)
ඔව් නාමල් ඔබ හරි. (නි)
සමන්ත, දන්නා දෙයක් කතා කරන්න. ඉන්දියාව නොසිටින්න යුද්ධ කරනවා බොරු. (නි)
හැබැයි ඉන්දියාව හැමදාම කළේ අපිව හූරාකන එකයි. තවමත් එහෙමයි. ඇස් අරගෙන හිටියේ නැත්නම් ඉවරයි (නි)
නාමල්, සකුන්තලා කියන්නකෝ බලන්න ඉන්දියාව කොහොමද යුද්ධය දිනන්න උදවු කළේ කියලා. ඒ කාලේ ඔයාලා ඇස් පියාගෙනද හිටියේ (නි)
පොඩි ළමයෙකුට වුනත් තේරෙනවා ඉන්දියාව මොකාටද එන්නේ කියල (රේ)
මිතුරුකම හොඳ දෙයකි. ඒත්... (ර)
සම්බන්ධතා තිබුනාට කමක් නැහැ, රස්සා නැති ඉන්දියානුවන්ට අපේ රටේ රස්සා දෙන ගිවිසුම් වලට නොයා. (ර)
ඉන්දියාවේ අය නිසා තමා අපේ අයට ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය කරන්න වැඩිය අවස්ථා නොලැබෙන්නේ. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය පැත්තෙන්. ඒගොල්ලෝ තේරීම් කමිටු වල හිටියොත් අපේ අයව කපනවා. එහෙම කරන අය තව ලංකාවට ඇවිල්ලා කොම්පැනි පටන් ගත්තොත් කොහොම හිටීද? ඔක්කොම සේවකයෝ ඉන්දියාවෙන් ගනී. (නි)
සීපා එපා! එච්චරයි... (නි)
දැන් අපි ඉන්දියාවේ වහල්ලු (හේ)
ඒකත් හොදයි.(හේ)
බලාගෙනයි! මේ යාලුවා පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනින්න හරිම දක්ෂයි. අනිත් එක මෙයාට යාලුවා කියන්නේ කොහොමද? මෙයා අපිට අමාරුම අවස්ථා වලදීත් මග ඇරියනේ.(හේ)