IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘අපි කා එක්කත් මිතුරෝ‘

මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දුර්වලවූ ඉන්දු - ලංකා සබඳතා දැන් වර්ධනයවී ඇති බවත් දේශපාලන නායකයන් අතර සබඳතා වඩාත් හොඳින් ඉදිරියට යන බවත් රනිල් වික්‍රමසිංහ අගමැති ස්විට්සර්ලන්තයේ ඩාවෝස් ජගත් ආර්ථික සමුළුවේදී ඉන්දියාවේ එන්.ඩී.ටී.වී රූපවාහිනිය සමග පැවසීය.

ප්‍රශ්නය -

පසුගිය වසර කිහිපයේ -- රාජපක්ෂ සමයේ-- ශ්‍රී ලංකාවේ වැඩි ප්‍රමුඛත්වය හිමිවූයේ චීනයටයි. ඉන්දියාවට නොවේ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලාද? සම්පූර්ණ වශයෙන් වෙනස් වෙලාද ?

පිළිතුර -

හැම රටක්ම ශ්‍රී ලංකාවේ මිත්‍රයෝ. හැම රටක් සමගම ලංකාව හොඳ සබඳතා පවත්වනවා. ඒ තත්ත්වය දිගටම ගෙන යනවා. චීනය ශ්‍රී ලංකාවේ ලොකු ආයෝජකයෙක්. නමුත් එසේ සිදුවන්නේ ඉන්දියාව පරදුවට තැබීමෙන් නොවේ. එසේත් නැත්නම් වෙනත් රටක් පරදුවට තබමින් නොවේ. සියලු රටවල් සමග අපි හොඳින් සිටිනවා. බටහිරත් සමග අපේ ශක්තිමත් සම්බන්ධයක් තිබෙනවා. ඒ තත්ත්වය අපි දිගටම පවත්වාගෙන යනවා. පාකිස්තානය සමගත් අපි හොඳින් කටයුතු කරනවා. ඉන්දු - ලංකා සබඳතා ගිය රජය කාලේදී ටිකක් නරක තත්ත්වයට පත්වුණා. නමුත් දෙපාර්ශවයම ඒ අවස්ථාවේ කෙසේ ක්‍රියා කළාදැයි කීම මගේ වැඩක් නොවේ. මම ඒ කාලේ ඒ ආණ්ඩුවේ හිටියේ නැහැ.  වත්මන් ඉන්දියා රජය එදා තිබුණෙත් නැහැ. දැන් ලංකාවත් ඉන්දියාවත් බලන්නේ අපි ඉදිරියට යන්නේ කොහොමද කියලයි. හිටපු ආණ්ඩු දෙක ඇතැම් කරුණු වලදී එකඟවූ අවස්ථා තිබුණා. එසේ නොවුණු අවස්ථාත් තිබුණා.

නමුත් එය අපේ ගමනට බාධාවක් නොවිය යුතුයි.

ප්‍රශ්නය - ඔබ කියන්නේ දෙරටේ සබඳතා වර්ධනය වන බවද?

පිළිතුර - ඔව්. සැබැවින්ම දියුණු වී තිබෙනවා. දෙරටේ දේශපාලන නායකයන් අතර මිත්‍රත්වය හොඳටම වර්ධනය වී තිබෙනවා. නිලධරයන් අතරත් හොඳ සබඳතාවයක් තිබෙනවා. දේශපාලන නායකයන් අතර මිත්‍රත්වය වර්ධනය වූ විට නිලධරයනුත් සමීප වෙනවා. එයයි දැන් සිදුවන්නේ.

 

 

 



අදහස් (0)

‘අපි කා එක්කත් මිතුරෝ‘

මලික් Thursday, 21 January 2016 01:39 PM

ඒ වුනාට ඉන්දියාව කපටියි.(හේ)

:       0       0

ඉසුරු Thursday, 21 January 2016 02:12 PM

ඔහොම තමයි මුලින් නම් ඉන්නේ (නි)

:       0       0

චතුර Thursday, 21 January 2016 02:40 PM

මහලොකු යාළුවා. කොටින්ව පුහුණුකළේ කවුද කියලා දැන් කාටත් අමතකවෙලා වගෙයි. (නි)

:       0       0

සමන් Thursday, 21 January 2016 02:43 PM

දැන් අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් ඉන්දියාව කියන විදියට ඉන්නවා. ජෙට්ස් ගන්න එපා කිව්වම ගන්නේ නැහැ. ඉන්දියාව කියන ඕනෑම ගිවිසුමක් අත්සන් කරනවා. ඉන්දියාවට අපේ මුහුදේ මාළු අල්ලන්න දෙනවා. දැන් චීන ආධාර ගන්නෙත් නැහැ. (නි)

:       0       0

සකුන්තලා Friday, 22 January 2016 04:28 AM

ඔව් නාමල් ඔබ හරි. (නි)

:       0       0

නාමල් Thursday, 21 January 2016 03:49 PM

සමන්ත, දන්නා දෙයක් කතා කරන්න. ඉන්දියාව නොසිටින්න යුද්ධ කරනවා බොරු. (නි)

:       0       0

නිමල් Thursday, 21 January 2016 03:56 PM

හැබැයි ඉන්දියාව හැමදාම කළේ අපිව හූරාකන එකයි. තවමත් එහෙමයි. ඇස් අරගෙන හිටියේ නැත්නම් ඉවරයි (නි)

:       0       0

චතුර Friday, 22 January 2016 03:17 PM

නාමල්, සකුන්තලා කියන්නකෝ බලන්න ඉන්දියාව කොහොමද යුද්ධය දිනන්න උදවු කළේ කියලා. ඒ කාලේ ඔයාලා ඇස් පියාගෙනද හිටියේ (නි)

:       0       0

අර්නස්ට් Thursday, 21 January 2016 06:11 PM

පොඩි ළමයෙකුට වුනත් තේරෙනවා ඉන්දියාව මොකාටද එන්නේ කියල (‍රේ)

:       0       0

අමල් Thursday, 21 January 2016 10:52 AM

මිතුරුකම හොඳ දෙයකි. ඒත්... (ර)

:       0       0

සේන Thursday, 21 January 2016 10:59 AM

සම්බන්ධතා තිබුනාට කමක් නැහැ, රස්සා නැති ඉන්දියානුවන්ට අපේ රටේ රස්සා දෙන ගිවිසුම් වලට නොයා. (ර)

:       0       0

ප්‍රබෝදා Thursday, 21 January 2016 11:45 PM

ඉන්දියාවේ අය නිසා තමා අපේ අයට ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය කරන්න වැඩිය අවස්ථා නොලැබෙන්නේ. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය පැත්තෙන්. ඒගොල්ලෝ තේරීම් කමිටු වල හිටියොත් අපේ අයව කපනවා. එහෙම කරන අය තව ලංකාවට ඇවිල්ලා කොම්පැනි පටන් ගත්තොත් කොහොම හිටීද? ඔක්කොම සේවකයෝ ඉන්දියාවෙන් ගනී. (නි)

:       0       0

ඉමේෂ් Friday, 22 January 2016 01:28 AM

සීපා එපා! එච්චරයි... (නි)

:       0       0

රොහාන Thursday, 21 January 2016 12:31 PM

දැන් අපි ඉන්දියාවේ වහල්ලු (හේ)

:       0       0

වික්‍රම Thursday, 21 January 2016 12:37 PM

ඒකත් හොදයි.(හේ)

:       0       0

සමන්ත Thursday, 21 January 2016 01:04 PM

බලාගෙනයි! මේ යාලුවා පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනින්න හරිම දක්ෂයි. අනිත් එක මෙයාට යාලුවා කියන්නේ කොහොමද? මෙයා අපිට අමාරුම අවස්ථා වලදීත් මග ඇරියනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site