‘කවර අතින් බැලුවත් ඉන්දියාවේ හාශ්‍රී ලංකාවේ බොහෝ සමාන කම් ඇත. සමීපම අසල් වැසියන් වශයෙන් ආගම භාෂාව සංස්කෘතිය ආදී හැම අංශයකින්ම දෙරටේ සමානම් බොහෝය. අප දෙරට නිදහස් ලැබුවේ ද එකවිටම වාගේය.‘ යැයි ඉන්දියා අගමැති මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී කීවේය.
‘ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ දියුණුව යනු ඉන්දියාවේ ප්‍රබෝධයට හේතුවකි.
ලොව ඉන්දියාව දෙස බලනුයේ ජගත් ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙනි. ඉන්දියාවේ උත්සාහ වනුයේ එහි ප්‍රථම සහකරු ශ්‍රී ලංකාව කර ගැනීමයි. දකුණු ආසියා සංවර්ධනයේ ප්‍රධාන ඇන්ජින් දෙක ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව කර ගත යුතුයි.
න්‍යෂ්ඨික බලය සාමකාමී කටයුතු වලට යොදා ගැනීම සඳහා අපි ගිවිසුම් අත්සන් කළෙමු. කෘෂිකර්මය එසේ දියුණු කර ගත හැකි එක් අංගයකි. චන්ද්‍රිකා තාක්ෂණයේ උපරිම පළ නෙලා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිය. ශ්‍රී ලංකා වැසියන් ඉන්දියාවට ගමන් කිරීමේ දී ඔන්ලයින් වීසා ක්‍රමය අපි ක්‍රියාත්මක කරන්නෙමු.
මගේ උපන් බිම බුදු සමයේ වැදගත් ස්ථානයකි. අප දෙරටේ ආරක්ෂාව අපේ පැවැත්මට බෙහෙවින්ම අවශ්‍ය වේ. සාමුද්‍රික ආරක්ෂාව ද ඉතා වැදගත් වේ.
දියුණුවේදීත්, ආපදාවේදීත් අත්වැල් බැඳ ගැනීමේ ශක්තිය අප දෙරටට තිබිය යුතුයි.
අපේ ආරක්ෂාවට හා දියුණුවට අහිතකර බලපෑම් අප හදුනාගත යුතුයි. ඒ අනුව අහිතකර ආරක්ෂක බලපෑම් තත්ත්වයන් ඇති කිරීමට ඉඩ නොතැබිය යුතුයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව, ඇතුළු රටවල ආරක්ෂාව අප තහවුරු කර ගත යුතුයි.
එය අපේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අප සතු වගකීමයි.‘
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා -
‘ප්‍රජාතන්ත්‍රවාදී සමාගමය ග්‍රීක ශිෂ්ඨාචාරයට පෙර භාරතයේ ඇති විය. ගෞතම බුදුන් වහන්සේගේ සමය ලිච්ඡවී රජ දරුවන්ගේ පාලනය වැනි දේ නිදසුන් කොට දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ අනුරාධපුර පොළොන්නරු යුගය මේ කලාපයේ ඉපැරණි ශිෂ්ටාචාරය ද නිදසුන්ය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා අනාදිමත් කාලයක සිට පවතී. චෝල හා පාණ්ඩව යුග විජය කුමරුගේ ශ්‍රී ලංකා ආගමනය නිදසුන් කිහිපයකි.
ඉන්දියා සාගර කලාපයේ ප්‍රධාන කාර්යභාරය ඉන්දියාව සතුය. ශ්‍රී ලංකාවට ද කාර්යභාරයක් හිමිය. ‘
විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා -
‘අශෝක රජතුමාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ හා දියණිය සංඝමිත්තා තෙරණිය බුදු සමය හඳුන්වා දීමෙන් ශ්‍රී ලංකාවට දැක්වූ අනුග්‍රහය කිසිවකුටත් අමතක නොවේ.
බුද්ධගයා, බරණැස, කුසිනාරාව, වැනි බෞද්ධ මධ්‍යස්ථාන වලට ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ ගණනින් යති.
පවුල් බලපෑමකින් තොර ස්ව ශක්තියෙන් නැගී සිටි විනයගරුක අවංක හා කාර්යශූර නායකයකු ලෙස ඔබ සැලකිය හැකිය. ගුජරාටය සංවර්ධනය කිරීමට ඔබ ගත් උත්සාහය ඔබේ කෘෂිකාර්මික දැනුමේ සාර්ථකම පියවරකි. ‘
ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූප- ශාන්ත රත්නායක


























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අචලා, ඉන්දියාව තමයි යුද්දෙට මුලිකවම වගකියන්න ඕනේ. ඒගොල්ලෝ තමයි මුලින්ම දෙමල තරුණයන්ට යුධ පුහුණුව දුන්නේ. තවත් 1980 ගණන්වල ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පති තුමාලා යුද්දේ කරගෙන යද්දී ඉන්දියාව තමයි එ්ක නවත්තල නියපොත්තෙන් කඩන්න තුබුණු දෙමල කොටි ත්‍රස්තවාදය පොරවෙනුත් කපන්න බැරිතරමට ලොකු කලේ (නදී)
යුද සමයේදී ශ්‍රී ලංකාවට කිසිම උදවුවක් කිරීමට ඉන්දියාව ඇඟිල්ලක්වත් ඉස්සුවේ නැත. (නි)
ශ්රී ලංකාවේ නිදහස මින් ඉදිරියට වැටකොටු වලට පමණක් සීමාවේද? (නි)
තව ටික දිනකින් බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඉඟුරු දීල මිරිස් ගත්තා හා සමාන වේවි .
යුද්දයේ මුලික වීරයා චීනය,රුසියාව අනුග්‍රාහකයා ඉන්දියාව, චීනය තම දේශ සීමාව තර කිරීමත් මන් මොහාන් සින්ග් කිසියම් හේතුවක් නිසා ශ්‍රීලංකාව ස්වෛරී රාජ්‍යයක් බව ඉන්දීය පාර්ලිමේන්තුවට පැවසීම නිසා සම්පුර්ණයෙන්ම රෝඕ ඔත්තු සේවා ක්‍රියාකාරකම් අත්හිටුවා නැවත පරිප්පු දැමීමට ඉඩ නොතැබීමත් නිසා අපි දිනුවෙමු. ක්‍රියාන්විතයේ වික්‍රමාන්විත වීරයෝ ෆොන්සේකා ඇතුළු ත්‍රිවිද හමුදාපතිවරු තීන්දු තීරණ ගැනීමෙන් නායකත්වය රාජපක්ෂ සහෝදර සමාගමට. එල්ටිටිය දෙකඩ කිරීම, අඩපන කිරීම, දිවි දුන් දිගු දුර බලකාය කර්නල් තුවාම් ඇතුළු කණ්ඩායම. මෙම විරුවන් පාවාදීමෙන් කකුලෙන් ඇද්ද පිරිස ජනතාව දනී. අද බළලුන් ලවා කොස් අැට බෑවීමට ඔවුන්ට සිදු උනේ මේ නිසාය (නදී)
ජයන්ත හරියටම හරි කකුලෙන් ඇදපු අය වෙනම ඉන්නවා (නදී)
ඉන්දියාව කියන්නේ කවුද කියලා දැනගෙන වැඩකරන්න. ලංකාවට හැමදම කරදර කළේ ඉන්දියාව. දැන් රට බෙදිලා ඉන්න වෙලාවේ ඉන්දියාව බොර දියේ මලු බාන්න දගලන්නේ. (ම)
අපි චීන කොලනිය අමතක කර ඉන්දියානු කොලනිය බාර ගමු .......හැබැයි කොටි යුද්දෙයෙදී චීනය අපි සමග සිටි බව අමතක නොකරමු . (අ)
අපේ යුද්දෙදි ඉන්දියාව අපිව ආරක්ෂා නොකරන්න අපිට යුද්ධය දිනීම හීනයක් පමණි (අ)
අචලා කියන්නේ යුද්ධය වෙලාවේ ඉන්දියාව අපිව ආරක්ෂාකළා කියලද? ඔයා දන්න දේ? (නි)