මෙවර ක‍්‍රිකට් නිලවරණයේ උප සභාපති ධූරයට තරග කිරීමට නියමිතව සිටි මොහාන් ද සිල්වා මහතා නිලවරණයෙන් ඉවත්වීමෙන් පසු මාධ්‍යවේදීන්ට පැවසුවේ සිය පාර්ශවය අසරණ බවත්, ආශිර්වාදය ලැබුණු පාර්ශවය නිලවරණය ජය ලැබූ බවත්ය. එහිදී ඔහු පැවසුවේ පැවැති ක‍්‍රිකට් නිලවරණය ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙන්ම විනිවිදභාවයෙන් තොරව පැවැත්වූ අසාධාරණ නිලවරණයක් බවට සිය පාර්ශවය පවසන බවයි. ‘‘අපි මෙම නීති විරෝධි තත්ත්වයන් පිළිබඳව මුල සිටම දැනුවත් කළා, වැඩක් වුණේ නෑ. නුසුදුස්සන් ඡුන්දයට ඉදිරිපත් වුණා, ඡන්දය ප‍්‍රකාශ කරන ලැයිස්තුව පසුව වෙනස් කළා, ක‍්‍රීඩා සමාජවලට බලපෑම් එල්ල වුණා, ඒ නිසා අපි නිලවරණයෙන් ඉවත් වුණා’’ සිය පාර්ශවය මේ පිළිබඳව ජනාධිපතිවරයා, ක‍්‍රීඩා ඇමැතිවරයා සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් අසාධාරණකම් සිදු වුවත් සිය පාර්ශවය මේ අවස්ථාවේදී අධිකරණයට යෑමේ අදහසක් නොමැති බවත් සිල්වා මහතා මාධ්‍යවේදීන්ට වැඩි දුරටත් පැවසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනවනම් ඇස්ටන් මාටින් එකකුත් අරන් යන්න