අරක්කු බෝතලයක මිල යළිත් රුපියල් තිහකින් පමණ වැඩි වී ඇතැයි ඩීසීඑස්එල් සමාගම පවසයි.

මෙවර අයවැයෙන් ආනයනික මද්‍යසාර ස්ප්‍රීතු සඳහා බදු වැඩිකිරීම මීට හේතුව බව ද සමාගම කියයි.

මීට පෙර ද සුරාබද්ද වැඩිකිරීම නිසා පසුගිය 10 වැනි දා සිට අරක්කු මිල රුපියල් 30-60ක් අතර මිලකින් වැඩි විය.