කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණුගහවැව ප‍්‍රාථමික විදුහලේ දූ දරුවන්ට පාසල් උපකරණ බෙදා දීමක් පසුගියදා එම විදුහලේදී සිදුකෙරුණේ නුගේගොඩ විජේරාමයේ නේවාසිකාගාරයක තරුණ පිරිසක් ගොඩනඟාගත් ”අපි අපිම” සංවිධානයේ දායකත්වයෙනි.
එම විදුහලේ දරුවන් 80කට සහ උග‍්‍ර ආර්ථික අපහසුතාකට පත්වී සිටින වැලිඔය ගජබාපුර හා පදවිය ගම්මානයේ දරුවන් දෙදෙනකුටද අවශ්‍ය පාසල් උපකරණ බෙදා දුන් අතර සිසුන් අතරේ චිත‍්‍ර තරගයක් පවත්වා ජයග‍්‍රාහකයන්ට ත්‍යාගද පිරිනැමිණි.
මෙම පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා දිවයිනේ විවිධ ආයතනවල සේවය කරන හිතවතුන්ගෙන් සහ විදේශ රටවල ජීවත්වන හිතවතුන් කිහිපදෙනෙකුගෙන්ද අනුග‍්‍රහය ලැබුණු බවත් ඒ සියලූ දෙනාට ස්තූතිය පුද කරන බවත් ”අපි අපිම” කණ්ඩායම පැවසීය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් සතුටුයි .. සුජීව මහත්තයා ..ලබන වතාවේ මට වේලාසනින් දන්වන්න ...මා ගේ අාධාරය ලැබෙන්න සලස්වමි ..!! ඔබ සැමට නිරෝගී අරුත්බර ජීවිතයක්ම ලැබේවා..!!! (ම)
ඔබ ගැන හරිම ආඩම්බරයි (ම)